වැට මායිමේ අනතුරුදායක පොල් ගසක් පිළිබඳ ආරවුලකින් මාලිම්බඩ පාලටුවේ හැත්තෑ හැවිරිදි ගැමියෙක් පිහි ඇනුම් කා මිය ගියේය. ඔහුගේ පුතා සහ බෑනා ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
අසල්වැසි නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
වැට මායිමේ අනතුරුදායක පොල් ගසක් පිළිබඳ ආරවුලකින් මාලිම්බඩ පාලටුවේ හැත්තෑ හැවිරිදි ගැමියෙක් පිහි ඇනුම් කා මිය ගියේය. ඔහුගේ පුතා සහ බෑනා ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
අසල්වැසි නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැල ඉනි වැටට ඇයි ඇන කොටගෙන ..? (ස)
ආයෙත් අහලා. සක්කිලි වැඩක් කළොත් ඉතින් දකුණෙ කෙනෙක් තමයි. මේ ආශ්චර්යමත් රුහුණෙ අය රටම කනවා.(නදී)
දුක් මහන්සියෙන් හම්බ කරන්න ගිය ජිවිත රාශියක් අහිමි වෙද්දී මේ මෝඩ මිනිස්සු නිකන් ජිවිත නැති කරගන්නවා.(නදී)
මගේ ගෙවල් තියෙන්නෙත් මාලිම්බඩ ළඟමයි.මගේ ඉඩමත් අක්කරයක් විතර ලොකු එකක්.ඒත් හතර වටේම වැටවල් ඉන්න අසල්වැසියො කඩලා දාලා.මම ඒවා හදන්න ගියොත් ජම්මාන්තර වෛර බැඳගන්නවා ඒ මිනිස්සු.මේකට හේතුව ගමේ ග්‍රාමසේවකගේ බලය හීනවෙච්ච එක.අපිට හැමදේකටම පොලීසිගානේ රිංගන්න බැහැ.පොලීසියකට යන හරි මිනිහත් වැරදි මිනිහත් දෙන්නම බලුවෙනවා.අපේ රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය දුන්නා නම් මීට වඩා හුඟාක් අපේ සිතුවිලි වෙනස් වෙනවා.ලෝකෙ ගැන මිනිස්සු දැනගන්නවා.මේ ලියන මොහොතෙත් මගේ ගෙදරට ඉස්සරහ ගෙදර මිනිහා බීගෙන ඇවිල්ලා එයාගෙ බිරිඳට තිත්ත කුණුහරුපෙන් බනිනවා.ඒ ගෙදර අවුරුදු දෙකක් සහ එකහමාරක් වයස පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා එයාගෙ දරුවන්ගේ.හිතන්න අපේ අනාගතය? (නි)
පාලි - මහතයෝ දකුණේ එක මිනිහෙක් වරදක් කල පලියට හැමෝටම ඇගිල්ල දික්කරන්න එපා. මොකද දකුණෙන් හොද වැදගත් පුද්ගලයෝ බිහිවී තිබෙනවා. (ස)
පාලි, කැත වැඩ කරන්නෙ දකුණේ අය විතරද ? (ස)
දැන් ඉතින් රට ඉන්න මහත්තයලට නෝනා ගැන දැනගන්න ලැබෙනවා. එතකොට ඔය දීග ගොඩක් ඉවරවෙනවා.අහිංසක දරුවෝ රැසකට දෙමාපිය සෙනෙහස නැතිව යනවා. (අ)
ඇත්තනේ, වැටේ පොල්ගහ ඒ වත්තට වැටෙන්නත් නැතිනම් මේ වත්තට වැටෙන්නත් පුළුවන් තද සුලඟකදී. නැතිනම් වැටදිගේ ඒ පැත්තට හෝ මේ පැත්තට වැටිය හැකියි වැටට පමණක් හානිකරමින්. එවිට රණ්ඩුවට ගිය අයගේ නිවසට ගස වැටීමට ඇති සම්භාවිතාව ඉතා අඩුයි. නමුත් පිහිය එල්ලවන්නේ සුළඟින් නොවන නිසා ජීවිත හානි සිදුවීමේ සම්භාවිතාව 90% ට වැඩියි. වැට මායිමේ පොල්ලත්තටයි කොස් ගෙඩියටයි තවමත් මිනී මරාගන්න රටේ මිනිස්සු, ඔස්ට්‍රලියාවට යන්න ගිහින් 55 ක් මුහුදේ මලයි කියල සුද්දෝ කියපු ගමන් රජයේ වැරැද්දෙන් 60 කට වඩා ධීවරයන් මැරුණු එක සුලුදෙයක් ලෙස සලකාවි. සුද්දන්ගේ හා සුද්දන්ට කඩේ යන ආණ්ඩුවේ ගැට වලට අහුවෙන්න එපා.(නදී)
පාලි මිනිසුන්ට ආමන්ත්‍රණය කරන විදියෙන් කියන්න පුළුවන් ඔයාගේ හැදියාව. දකුණේ ඉන්නේ වැදගත් බය නැති නියම සිංහලයෝ (නි)
පාලි ඔබේ අදහස නිවැරදි වෙන්න පුලුවන් නමුත් භාෂාව අන්තිමයි. මේ අනුව පෙනී යන්නේ ඔබත් දකුනේ කෙනෙක් බවයි (නි)
පාලි, නිකම් ආඩපාලි නොකියා ඉන්න.දකුණේ අය නැත්තම් අද පාලිට ඉන්න රටක් නැතිවෙනවා. මොකද දකුණෙන් හොද වැදගත් දක්ෂ පුද්ගලයෝ බිහිවී තිබෙනවා. (නි)
පාලි, නරක මිනිස්සු ඉන්නවා හැම පළාතකම, හැම ජාතියකම, හැම ආගමකම.... එම නිසා අපට එක් පළාතකට පමණක් ඇඟිල්ල දික්කරන්න බැහැ. (නි)
ඔය වගේම මීට අවරුදු ගානකට පෙර මීරිගම, නැලිගම කියන ගමේ කොස් ගෙඩියකට එකම පව්ලේ අම්ම, තාත්ත, දුවල දෙන්න, සහ අල්ලපු ගෙදර මරණකරුත් සමග පස් දෙනෙක් මැරුණා. ඒ දකුණේ නොවේ. දේපොළ තණ්හාව. මිනිස් ජීව්තේ වටිනාකම නොදන්නා අය.(ස)
මේ හෙළ බිමේ අපේ වැසියන්ගේ හොඳ ගතිගුණ තිබුණා. ඒ සේරම දැන් ටික ටික වල පල්ලට ගිහින්. (ස)
පාලි ඔයා අද දවසේ තරුව. ගම කොහේ උනත් ඔයා දකුණේ අයට වචන මාරු කරලා ලස්සනට දවසම කාගත්තා.(ස)
අයියෝ බලන්න ඔයාලා වාග් ප්‍රහාර එල්ල කරනවා දුර ඉදලා. මම වයඹ. අල්ලපු වැටේ ඉන්නේ මගේ මාමා. වැටේ එක ගහක්වත් නැහැ. මාමා රෑට උණු වතුර වක්කරනවා (නි)
පාලි මහතයෝ, ඔයාගේ ප්‍රතිචාරයෙන් පස්සේ ඔයාට කීදෙනෙක් ඇගිල්ල දික්කලාද කියලා දැන් ඔයාට පේනවනේ. අදහස් පළ කල සියලු දෙනාට ස්තුතියි. (නි)
පාලි, දකුනෙ කෙනෙක්ගෙන් අමතක නොවෙන පාඩමක් ඉගෙන ගත්ත කෙනෙක් වගෙයි. ඒකනෙ මේ දකුණ එක්ක තරහා. පල ඇති රුකට ගල් ගහනවා වගේ දකුණට බනින්න බලන් ඉන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ පටු අදහස් තියෙන මෝඩයෝ.පොඩි ළමයෙක් වුනත් දන්නවා ලංකාවේ හැම පළාතේම අපරාද වෙනවා කියන එක. පාලි වගේ ළිං ගෙම්බන්ට ඕක තේරුම් ගන්න මොලයක් නැහැ. පව් (නි)
අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලි සහ වතුල වගේ සිංහල මිනිස්සු එකාට එකා නැති නිසා. පළාත කුමක් වුනත් රටේ කොහේ හිටියත් සිංහල මිනිස්සු තමන්ගේම අය කියලා හිතන්න පුරුදු වෙන්න. (නි)
පාලි වගේ අය ඉන්නකල් ලංකාවට සාමයක් නැහැ (නි)
අනිවාර්යයෙන්ම අනතුරුදායක පොල්ගහක් (නි)
රංජනී - ලංන්ඩන්, අල්ලපු ගෙදර මරණකරු මැරුණා නෙමෙයි නේද? මැරුවා නේද ? ඵය කොස් ගෙඩියකට නොවන බව අදවත් දන්නෙ නැත්නම් දැන ගන්න (නි)
දකුණෙ මිනිස්සු කවදත් දක්ෂයි. ඉරිසියාවට තමයි දකුණට බනින්නෙ (නි)
මිනියක් මරයි ??? මිනියකට පණ නැනේ අයෙත් මැරෙන්න. (අ)
දිනෙන් දින අපේ සමාජය පිරිහෙනවා. මේවට වගකියන්න ඕනෑ ආගමික නායකයෝ. එයාලා වෙනත් රාජකාරී වල කාර්ය බහුල වෙලා. (නි)
නැත්නම් දකුණේ කියන්නේ හොද මොළකාරයෝ තමා, නේද චතුල ? (නි)
දකුණේත් අනෙක් හැමතැනම වගේ හොද නරක දෙකම තියෙනවා. (නි)
ඔව් ආනන්ද. මැරුව තමා මුලින්ම පටන් ගත්තේ කොස් ගෙඩියන් තමා. කාලයාගේ ඇවෑමෙන් ඒ විපත් සිදු වුනේ. ඒ මරණකරුත් අහිංසකයෙක් මම හොදින්ම දන්නා කතාවක් ඒහැම අවස්ථාවකම මම එතන හිටියා. දෙවතාවකට ඒ මරණ සිද්ධ උනේ.(ස)
පාලි, දකුණේ මිනිස්සු අවේ නැත්නම් පාලි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා ඉවරයි. දකුණේ මිනිහෙක් තමා අඩු ගානේ ජීවත් වෙන්නවත් නිදහස හදල දුන්නේ. ඔය කොළඹ කියන මිනිස්සු ජාතියට මොනවද කරලා තියෙන්නේ. (ස)
පොල් ගහේ කේස් එක අන්තිමට පාලිගෙ කේස් එකක් වෙච්ච හෑටි, ඒ අස්සෙන් කවුද කෙනෙක් මගෙ නමත් උස්සල හොර ප්‍රතිචාරයක් දාලා.(නදී)
මම උඩරට. එහෙත් දකුණට ඇඟිල්ල දික්කරන්න එපා මොකද දැන් මේ සාමය ගෙනත් දීල තියෙන්නේ දකුණෙන් ආපු අය නිසා. පළාත හෝ රට නොවෙයි වැදගත්. ක්‍රියාවේ මේකට විරුද්දවත් අදහස් දමයි. ඒත් ඉතින් අර මොකද්ද කෙලින් කරන්න බැහැලු නේද? (ස)
පාලි අත්දැකීමෙන් කථා කරන්නේ. එයා බැඳලා තියෙන්නේ දකුණෙන්.(නදී)
චතුල කියනවා වගේ පොල්ගහේ කේස් එක පාලිගේ කේස් එක බවට පෙරලීමෙන් තහවුරු වන්නේ මෙහි අදහස් දමා ඇති වැඩිදෙනෙක් දැන හෝ නොදැන නියෝජනය කරන්නේ පොල්ගස් කේස් එකට සම්බන්දවූ අයගේම මානසිකත්වය බවයි. මේ රටේ පැහැදිලි ආකල්පමය වෙනසක් ඇති නොවීම තුල රට හැමදාම එක තැන පල්වෙනවා.(ස)