පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් පනත වැඩි ඡන්ද ‍දෙවැනි වර කියවීමේ විවාදයේ දී වැඩි ඡන්ද 66කින් සම්මත විය.

වැට් පනතට පක්ෂව ඡන්ද 112ක් හිමිවුණු අතර විරුද්ධව ඡන්ද 46ක් හිමිවිය.

මන්ත්‍රීවරුන් 65 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

භාණ්ඩ හා සේවා 81ක් වැට් බද්දෙන් නිදහස් බව කී මුදල් ඇමැති රවී කරුණානායක එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වැට් පනත තෙවැනි වර කියවීමේ විවාදයේ දී මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සභාවේ නොසිටි අතර එම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 53කින් එය සම්මත විය.