එකතු අගය මත බදු (වැට් බදු) සංශෝධන පනත් කෙටුම්පත මෙම මස 26 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
ඉදිරි වසර සඳහා ගෙන එන අයවැය එක්සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් කණ්ඩායමේ ද අදහස් ඇතිව සියලූ දෙනාගේ එකඟතාවයකින් යුතුව ඉදිරිපත් කරන බවත්, සියලූ දෙනාගේ සහය ඇතිව එය සම්මත කරගැනීමට අපේක්‍ෂා කරන බවත් රවී කරුණානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 20ක අයිතිය හිමිවන පරිදි හම්බන්තොට වරාය චීන සමාගමකට පවරාදීමට කටයුතු කරගෙන යන බවද කී අමාත්‍යවරයා සුදු අලින් ලෙස සලකන ව්‍යාපෘති සියල්ලම ආර්ථික වාසි ලබාගත හැකි වැඩපිළිවෙලකට යොමු කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද වැඩක් ! එදා වේලා කාල උන්නාම හොදටම ඇති. (ම)
ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 20ක අයිතිය නම් හොඳටම මදි. අඩුම වශයෙන එය සියයට 51ක් වත් තිබුණා නම් මීට වඩා චීන බලය අඩු කර ගන්න තිබුණා. (ම)
කොහොමත් සම්මත නම් වෙනවා.(හේ)
අර කලින් අයවැය වගේ ‘ගරු කතානායකතුමනි‘ කියන වචන දෙක හැරෙන්න අනෙක් සියල්ල සංශෝධනය වෙයිද දන්නෙ නැහැ (නි)
මොනවා කරන්න ද? පහුගිය කට්ටිය ඒක සින්නක්කරම විකුණලානේ. (අ)
මේ අය වැඩකරන්නේ පැරටෝගේ නියමයට අනුව . (අ)
මනෝජ්, මෝඩ කතා කියන්න එපා. පහුගිය ආණ්ඩුව රටේ සම්පත් විකුණගෙන කෑවේ නැහැ කලින් ආණ්ඩු වගේ. දැනටත් හම්බන්තොට වාරයේ 100% තියෙන්නේ වරාය අධිකාරියේ. යමක් කියවලා ඔලුවට අරන් තේරුම් ගන්න මෝඩ කතා කියන්න කලින්. (නි)
දැන් අායෙත් රටේ සම්පත් විකුණගෙන කන්න පටන් අරන් වගේ. හම්බන්තොට වරාය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වැඩියෙන් ලාබ ලබමින් පවතිනවා. නියම යහපාලනය එළිවෙන්නේ දැන් තමා! බොරුවට රැවටී රටත් විනාශකළ උදවියගෙන් අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා විතරයි. (නි)
"වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද" කිවුවලු. (නි)
"වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා" කියන සිංහල පිරුළ ගැන මතක්වුණා (නි)
මනෝජ්, ඉස්සර කට්ටිය සින්නක්කර විකුණුවා නම් තවත් විකුණන්නේ කොහොමද? (නි)