සිය මව සපා කෑවේයැයි ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීරගේ දියණියක ජුනි මස 03 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (20) රිමාන්ඩ් කරනු ලැබීය.
එලෙස රිමාන්ඩ් බාරයට පත් කැරුණේ රෝහණ විජේවීර මහතාගේ වැඩිමහල් දියණිය දසුන් ඊෂා විජේවීරයි.
තමාට හා පුතාට හිරි හැර කළැයි ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මහත්මිය කළ පැමිණිල්ලක් අනුව ඊෂා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රෝහණ විජේවීර මහතාගේ බිරිය සහ දරුවන් වැලිසර නාවික හමුදා බාරයේ සිටින බවත්, පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනාගෙන් කිහිප දෙනකුටම කලක සිට දියණියගෙන් කරදර බවට පැමිණිලි කළ බවත් පොලිස් ආරංචි කියයි.
තමා සපා කා සහෝදරයාට ද හිරිහැර කළ බවට පසුගිය 18 වැනිදා රෝහණ විජේවීර මහතාගේ බිරිය මහභාගේ පොලීසියට පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අද උදෑසන සැකකාර දියණිය අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් මහභාගේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් කියන කෙනා අමුතුම ලෝකෙක ඉඳලා ලියන්නේ. තාත්ත ගේ වැරදි වලට ලංකාවේ කොහෙවත් දරුවෝ හිරේ ගිහින් නැහැ. නාවික කඳවුරේ ඒ අය ඉන්නේ ඒ අයගේ ජීවිත තාත්ත ගේ වැරදි වලින් බේරන්න නිසා කියලා ලලිත් හොඳටම දැන ගන්න ඕනෑ. කී දෙනෙක් විරයන් ඉන්නවද තාත්තගේ ඉතිහාසයත් එක්ක (නි)
ලලිත්, මේ ළමයි හිරේ දමලා හිටියේ නැහැ. වැලිසර නාවික කදවුර යටතේ නිවාස අඩස්සියේ හිටියේ.විප්ලවීය ලේ නිසා කේන්ති යනවා ඇති. (නි)
පව් එයාව මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න. රිමාන්ඩ් කරන්න එපා. (නි)
ඇත්තටම මේ දරුවෝ ගැන ජේ වී පි එක හොයලා බැලුවා නම් කොතරම් වටිනවා ද? (නි)
තාත්තගෙ අඩිපාරෙ යන දුවෙක් වෙන්න එපා (නි)
දේශපාලනේට සම්බන්ධයක් නැති මේ දරුවන් දැන්වත් හිර අඩස්සියෙන් මුදා හැරිය යුතුයි .මෙහෙම අසහන කාරී තත්ත්වයකට පත් වන්නේ දීර්ඝ කාලයක් බාහිර ලෝකයෙන් ඉවත් කර තැබීම නිසා. (ස)
තාත්ත මිනිසුන්ට දීපු වධ දැන් දුව පවුලෙ අයටම දෙනවා. මේවාට දරුවන්ටත් වන්ඳි ගෙවන්න සිදුවීම තමයි කණගාටු. (නි)
කරුණාකර ඔය දරුවන් නිදහස්කරන්න. කදවුරුගතව සිටීමෙන් දරුවන් දරුණු මානසික තත්වයන්ට මුහුණපා ඇති බව පෙනේ.කරුණාකර ඇය සිරගත නොකර මානසික ප්‍රතිකාර ලබාදී පුනරුත්ථාපනය කරන්න. කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන් පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන් රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.. (නි)
මම දන්නා ආකාරයෙන් මේ දුවනිය ඉන්නේ දරුණු මානසික විශාදියකින්.අනේ පින්වත් සිත් ඇති කෙනෙක් ඇයට පිහිට වෙන්න. (නි)
ඒ ළමයට මානසික රෝගයක් ඇති සමහරවිට. එහෙම නම් ඊට ප්‍රතිකාර කරන්න. ඒ ළමයි හැදුනු කාලය ගැනත් ටිකක් හිතන්න. (නි)
ලලිත් ඔබ හරි.එහෙම බැලුවොත් පාර්ලිමේන්තුවේ සිටින සමහර ඇමති ගොල්ලොන්ගේ පවුල් වල අයත් දාන්න ඕනෑ. (නි)
අනේ හැබැවටම මේ රටේ මිනිස්සු දන්නා තරම. විජේවීරගේ පවුල කඳවුරේ කැමත්තෙන් ඉන්නවා මිස හිරේ දමලා නැහැ . වැඩි ආරක්ෂාවට එයාලට ආරක්ෂාවදීමට රජය ගත් පියවරක්. මොකද විජේවීර නිසා මරුන අයගේ පවුල් වලින් මෙයාලට කරදරයක් වෙනවට. මම දන්නා විදියට රටේ මැති ඇමතිවරු ඇරුනම මෙයාලට විතරයි මෙහෙම ආරක්ෂාවක් දීල තියෙන්නේ. කොටින්ම රට බේරා ගත් හමුදාපතිටවත් මෙහෙම ආරක්ෂාවක් දීල තියේද? හිරේක නම් ඉන්නේ ජ වී පෙ සහෝදරවරු විරුද්ධ වෙන්න එපායැ මුලින්ම. ආරක්ෂාව පමණක් නොව සියලුදේ සපයන්නේ රජයෙන්. තව මොනවද කලයුත්තේ. එක දුවක් පළමු පන්තියේ විද්‍යා උපාධිධාරිනියක්.(නදී)
ජනතා විමුක්ති කාරයෝ ඔක්කොම එකයි. හැබැයි විජේවීරගේ දුව ගැන නම් මට හරිම දුකයි. (නි)
මෙම දරුවන් සහ බිරිඳ කළ වරද කුමක්ද? මෙය මානව හිමිකම් අහිමි කිරීමක් නොවේද? (නි)
මම ආසයි මේ පිළිබද තොරතුරු දැනගන්න.(නදී)
බලදාරියනේ, මේ ළමයව දැන් කසාද බැඳලා දෙන්න කාලේ හරි (නි)
මළ පෙරේතයෙක්වත් වැහිලද දන්නෙ නැහැ (නි)
මේ අය මේ විදියට හමුදා භාරයේ තියා ගෙන ඉන්න එක වැරදි දෙයක්. අපි මේ අය ගැන කණගාටු විය යුතුයි. (නි)
ඔයා කලබල වෙන්න එපා දුවේ. මේක මණ්ඩලේ කචල් එකක්ද කොහෙද? (නි)
ඇයි මේගොල්ලෝ තාම හමුදා භාරයේ ඉන්නේ?ආයේ කැරලි ගහයි කියලා බයටද?කොටි හොල්මන් අවතාර කුරුල්ලෝ වගේ නිදහසේ සැප විදිනවා. මේ ම්නිස්සු තාමත් හමුදා භාරයේ? (නි)
ඉබුලේ කටු උල් කරන්න ඕනේ ද?(නදී)
මේ ගොල්ලන් සිංහල නිසා වෙන්න ඇති තාමත් හමුදා බාරයේ පසු වෙන්නේ.(නදී)
පව් නේ
දුකයි
තාමත් නාවික හමුදා බාරයේ ඉන්න එකනම් වැරදියි.(නදී)
කරුමේ
හරි මහත්වරුනේ රෝහණ විජේවීර මහත්තය අසාධාරනෙට එරෙහිවුනු බවත් අපේ රටතුල ජාතිවාදී හෝ ත්‍රස්තවාදීන් විදිහට සලකන බවත් මම දන්නවා. ඒවා හොද උනත් නරක උනත් මේ ළමයින් බාහිර ලෝකයෙන් වෙන් කිරීම වැරදියි කියලා මම කියන්නේ. ඒ අයට නිදහසේ ලංකාවේ බැරිනම් වෙන රටක හෝ ජීවත් වීමට අයිතිය තියෙන්න ඕනා. මේ ගොල්ලෝ සිංහල අය වගේම නියම තාත්තා කෙනෙක්ගේ දරුවන් ඒකට කව්රුත් බයයි.(නදී)
ඔය පෙරමුණේ බහුතරය කොහොමත් මිනීමස් කනවා. (නි)
මොනවා කරන්නද ඉතින් අපි
හපොයි! මෙයාට ටයිසන්ව වැහිලද? (නි)
හිරුෂ, ජයන්ත ජේ.වී.පී කාරයෝ මේ ලියපු කීදෙනෙක්ගේ අම්මලා, තාත්තලා, සහොදර සහෝදරියෝ මරන්න ඇතිද ඒ කාලේ. හිතේ අමාරුවටයි ඔය විදියට ලියන්න ඇත්තේ.(නදී)
චන්ද්‍ර, ඔයා හරි, ඔය විදියටම අහන්නකෝ ප්‍රභාකරන් ගේ බිරිඳත් දරුවොත් මරා දැම්මේ ඇයි කියල.(නදී)
මට තියෙන කේන්තිය
තාත්තා මානසික රෝගියෙක් නේ දුවත් ඒවගේ ඇති.(නදී)
ඒ දරුවට මානසික ආතතිය වැඩිවෙලා ඇති.(නදී)
විජේවීර කියන්නේ කවුද කියලා දන්නේ අය ලංකාවේ ඉන්නවා කියලා දන්නවා. ඒත් පෙන්නන්න එපා දාන්නේ ගොම කියලා. (නි)
අපි මොනවා කරන්නද
මෝඩ කතා කියන්න කලින් සම්පූර්ණ සිද්ධිය මොකක්ද කියලා බලන්න ඕනේ ඔළුවක් තියෙනවානම්. අනික මේකට විජේවීර අදාල නෑ නේ. ළමයෙක් තමන්ගේ අම්මව හපලා. එච්චරයි. විජේවීරගේ දුව කියලා වෙන ලෝකෙක ළමයෙක් ද. මම දන්න විදියට තාත්තව හමුදාවෙන් අරන් ගිය දවසේ ඉදලා ඉල්නේ මානසික ආබාධයකින්. ගොඩක් අදහස් කුහක කමින් ලියපුවා කියලයි මට පේන්නේ.(නදී)
මෙයාලා හිරේ නෙමෙයි ඉන්නේ. මෙයාලගෙම ඉල්ලීම ආරක්ෂාව යටතේ නාවික හමුදා කදවුරේ ජීවත් වෙනවා. ලොකු ළමයි රජයේ රස්සාවක් කළා. සියළුම වියදම් රජයෙන් කරන්නේ.(නදී)
මේ ළමයි සාමාන්‍ය සමාඡය ගැන අවබෝයක් නැතිව ඇති. මොවුන් කුඩා කල සිට නිවාස අඩස්සියේ මනස විකෘති වෙලා ඇත්තේ. තාත්තා මේ සමාඡයේ වැරදි රටට පෙන්නුවා ඹහු විශිෂ්ඨ නායකයේක්. ඹහුගේ දරුවන්ට අත්වු ඉරනම ඛේදවාචකයක්.(නදී)
අපේ සමහර ඇමති පුතාලා කරන වැඩ ගැන ඇහුවම මේකත් ප්‍රවෘත්තියක්ද?(නදී)
එහෙම කළේ නැත්නම් අප්පගේ දුව නෙමෙයි (නි)
මට ඔබ ගැන කනගාටුයි
පූස් පැටියෙක් වුනත් හිර කරන්න ගියාම අහුවෙන කෙනාව හපා කනවා හුරනවා. මේ දියණියත් ළමා කාලයේ ඉදලම ශාරීරිකව මෙන්ම මානසිකවත් හිරකරලනේ ඉන්නෙ ඒක නිසා ලෙකු මානසිත ගැටළු ඇති. මිනී මරපු කොටි නිදහසේ පිණුම් ගහන්න ඉඩ දීල මේ දරුවන් තවදුරටත් හිර කරන් ඉදල මොවුන් හැමදාටම සරණාගාතයො කිරීම ද වුවමනාව.(නදී)
දුවේ මොකද්ද මේ කර ගත්තේ
තාත්තගේ දුවනේ පරන දේවල් කරන්න හිතුනද දන්නේ නැහැ.(නදී)
මේ සමහර අයගේ අදහස් දකිනකොට මට හිතෙන්නේ දේශපාලුවන් විසින් මේ මිනිසුන්ව කොච්චර ගොනාට අන්දලාද කියලා. මේ මිනිසුන් මේ විදියට හිතන තාක් මේ දේශපාලකයෝ අපේ රට ප්‍රපාතයට ගෙනියනවා.(නදී)
නයාගේ පැටව් නයි පැටව් මිසක් ගැරඩි පැටව් නෙමෙයි නේද සහෝදරයා? (නි)
තාත්ත කල වැරදි වලට අහිංසක දරුවන් මේ විදිහට හිරේ නොදම හිරේ හිරේක තියනකොට මනස විකුර්ති වෙන එක පුදුමයක් ද ??? (අ)
ඔයාටත් මතක නැහැ කියන්න. එතකොට නිදහස් වෙන්න පුළුවන්.(නදී)
මේවා පවුල් ප්‍රශ්න උනත් මේකෙන් පෙන්නේ නොහැදියාව. තමන් වැදු අම්මට එක බඩ වැල කඩන් ආපු මල්ලිට ඔහොම නම් . පිට අයට කොහොමද ?(නදී)
ඔය විදියට හිරභාරයේ තියාගෙන ඉන්න එකේ ප්‍රතිපල තමයි. මේ කට්ටිය මොන වරදක් කලාටද, මේ දඩුවම දෙන්නේ. නිදහස් කරන්න. කේ.පී. ල, කරුණලා නිදහස් කලානම් මෙය කරන්න බැරිද?(නදී)
හිරුෂ හරියටම හරි මෙතන ප්‍රතිචාර දාන බොහෝ දෙනා විජේවීර කියන බුද්ධිමත් පුද්ගලයා ගැන හරි ලියවිල්ලක්වත් කියවලා නැහැ. නිකම් කටට එන වචන ලියනවා. කිසිම දේශපාලන හෝ සමාජමය අවබෝධයක් නැතිව මිනිස්සුන්ට ගරහන්න හොඳ නැහැ. මේ ළමයාට වයස 32යි. විවාහයක් නැහැ අරමුඅනක් නැහැ. ඉන්නේ හමුදා කඳවුරක මානසික අසහනය ඇති. අම්මටත් දරාගැනීමේ ශක්තිය දැන් අඩු ඇති. මේවා සමාජ ප්‍රශ්න මිසක විජේවීරගේ හෝ ජේවීපී ප්‍රශ්න කියලා ප්‍රතිචාර දාන්නේ මෝඩ මිනිස්සු. කරුණකරලා අනිකාගේ දුර්වලකම් වලට පහර දෙන්න එපා.(නදී)
නිකන් අත්අඩංගුවට ගන්නේ නැහැ
දෛවයේ සරදමක්
ලලිත්, එය මා කිසිසේත් අනුමත කරන්නෙ නැහැ. පියා වැරදි කළේ අසාධාරණයට මිස වැරදි ආකල්පයකින් නොවෙයි. (නි)
දුක තමයි. වෙන කියන්න දෙයක් නැහැ. ඇහේ කදුළු මේ ඇඩෙනවා මට (නි)
තාත්තා රට කෑවා, දුව අම්මව කෑවා.(නදී)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. (නි)
මට මොකුත් කියන්න නැහැ
මෝඩකමට මම මේ අහන්නේ. 'වරදේ ස්වභාවය අනුව දඩුවම වැඩි නැද්ද ?' මිනී මරලත් එළියේ ඉන්න පුළුවන්නේ දැන්. (නි)
ඇත්තෙන්ම තාමත් ඔවුන්ගේ පියා කල වැරදි හුවා දක්වමින් ඔවුන්ව ප්‍රසිද්ධ කිරීම වැරදියි. ඔවුන්ටත් පෞරුෂත්වයක් තියෙනවනේ. අනික තාමත් අත්අඩංගුවේ තබා ගැනීමට මොවුන් කඝ වරද මොකක්ද? කීයක් වැරදි කළ අය දැන් නිදහස්ද? කන්න බොන්න දීලා මොන දේ දුන්නත් නිදහස් ජීවිතයක් නැහැනේ. (නි)
තාත්ත රටම හපා කෑවනේ ! (නි)
ලලිත්, එයාලව හිර කරලා නෙමෙයි ඉන්නෙ. එයාලගෙ ඉල්ලීම පිට, ආරක්ෂාවට තමා කඳවුරේ ඉන්නෙ. මම දන්න විදිහට ලොකුදුව හොඳට ඉගෙන ගත්තා. (නි)