ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා වන දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ජනවාරි 30 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අලුත්කඩේ උසාවිය අසළ දී සහල රාවයේ භික්ෂූන්ට හා මිනිසුන් කිහිප දෙනකුට පිහියෙන් අනින්නට තැත්කළැයි පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කරමින් කියා සිටියේය.
සැකකරු මානසික වෛද්‍යවරයකුට පෙන්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් කලින් නියෝග කැර තිබිණි. ඒ අනුව ඔහු පිරික්සූ මානසික වෛද්‍ය විශේෂඥ දොස්තර නීල් ප්‍රණාන්දු ඔහුට ප්‍රතිකාර නියම කර ඇත.
දොස්තර ප්‍රනාන්දු විත්ති කූඩුවේ සිට කරුණු දක්වමින් කියා සිටියේ අලුත්කඩේ උසාවිය අසල කලබලයේ දී භික්ෂූන් තමාගේ බඩට ගැසූ බවයි. දැන් දැඩි වේදනාවක් ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්ජේ විරා මහත්ත්යා ගාව හ=ගත්තේ ම්කටද දී)
අර කියුවා වගේ මෙතනට විජේව්විර නම ගාව ගන්න එපා (දී)
විජේවීර මහතාගේ නම සදහන් නොකොට දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ගැන කිව්වා නම් හොඳයි.මොකද ඒ නෑදෑකමට වඩා දෙදෙනා අතර තිබුන පරස්පරය අහසයි පොළොවයි වගේ. මෙය විජේවීර මහතාට කල මදි පුංචිකමක් කියලයි මට නම් හිතෙන්නේ. (දී)
මෙතන අපිට තේරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා (දී)
මෙයා හැමදාම කලේ කාටහරි ප්‍රශ්නයක් ඇතිකරන එක. (අ)
මේ දොස්තර වැඩකරන්නේ අංගොඩ රෝහලේද ? (අ)
ඇත්තටම අද මේ රටේ වෙන්නේ මොනවද ,ජ වී පෙ ,හැදුවේ විජේවීර ගේ මහන්සියෙන් ,නමුත් අද පක්ෂයට මුවා වී දේශපාලනය කරන අය ,විජේවීරගේ දරුවන් ගැන වත් ,එම පවුලේ අය පිලිබදව සොයන්නේ නැහ .මෙතන සිද්ද වුනේ පුංචි සිද්දියක් ,නමුත් ඔහු අද රිමාන්ඩ් බාරයේ ,(අ)