ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව වන්දි නඩුවක් පවරා ඇත.
තම සැමියාගේ පොත් පහක් බුද්ධිමය දේපළ පණතට පටහැනිව මුද්‍රණය කර විකිණීයැයි ඇය ජවිපෙන් රුපියල් ලක්ෂ පණහක වන්දි ඉල්ලන්නීය.
ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ජවිපෙට නියෝග කළේය.
අප මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත,දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද, අත්දැකීම් කිහිපයක්,රට හදන අපේ ප්‍රතිපත්තිය,රතු ඔක්තෝබරයේ පාදම,වියට්නාම් විප්ලවය ආරක්ෂා කරමු, යන පොත් අද (13) ඉල් මහ විරු සමරුවේ බෙදා හැරීමට නියමිත බව ඇයගේ පෙත්සමේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් පක්ෂයකට ප්‍රතිපත්ති ප්‍රකාශයවත් නැවත මුද්‍රරණය කරන්න බැරිවෙනවානේ. පක්ෂයක මධ්‍යම කාරක සභාව මුද්‍රණය කළ දෙයක් අයිති පක්ෂයටයි. ඔහු ලියූ පොත් බහුතරය ලිවුවේ මධ්‍යම කාරක සභාව ඔහුට පැවරූ වගකීමක් ලෙස නොවේද? විජේවීර අයිති ඔහු නිර්මාණය කළ ඔහුගේ පක්ෂයටයි. (නි)
පොත් අනවසරයෙන් මුද්‍රණය කළා නම් ඉතින් වැරදියි තමයි (නි)
අපි නම් මේවා ගැන කියන්න දන්නෙ නැහැ. (නි)
සොයුරිය, කරුණාකර විජේවීර සහෝදරයාට තිබෙන ගෞරවය වටිනාකම එලෙසින්ම රැකගන්න. (නි)
රොහණ සහොදරයා එක පවුලකට අයිති කෙනෙක් නෙවේ මුලු සමස්ත පොදු මහා ජනතාවටම අයිත කෙනෙක් ඔය කාට කාටත් කියන්න ඕන එ උතුම් පුද්ගලඔයාට නිගරු කරන්න එපා කියලා (අ)
සාධාරණයක් ඉටුවේවා! (නි)
සෙනවි, සරච්චන්ද්‍ර මහතා ලියු පොත්වල අයිතිය හිමිවුණේ ඔහුගේ බිරිඳයි. මෙතනටත් අදාළ වෙන්නේ ඒ නීතියමයි. (නි)
විජේවීර සහෝදරයා ලියන ලද එම පොත් වල අයිතිය ඇත්තේ පක්ෂයට නොවේද? (නි)
ජයවේවා! (නි)
ඔයාගේ ඔය පොත් නිසා තරුණ ජීවිත කියක්නම් මේ රටට අහිමි වුනාද (බ)