IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වජිරා නෙත්තිකුමාරට ඇප

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී කොළඹ යුනියන් පෙදෙසේ සූදු පොළක් පවත්වාගෙන ගියැයි කියන එහි අයිතිකාරිය වජිරා නෙත්තිකුමාර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබන 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළාය.

මෝසමක් මගින් ඇය අද ඇප ඉල්ලා සිටියාය.

ඇය පවත්වාගෙන ගිය රුජිනෝ නම් කාඩ් ක්‍රීඩාව තහනම් ක්‍රීඩාවක් නොවන බවත්, එය නීතිවිරෝධී නොවන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා  කියා සිටියේය.

පොලිසිය මෙම සූදු පොළ වටලා ඇයට එරෙහිව පැවරූ නඩුව අනුව ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ඇයට මීට කළින් නොතීසි නිකුත් කළේය.

 



අදහස් (0)

වජිරා නෙත්තිකුමාරට ඇප

සමන්ති Tuesday, 07 January 2014 05:04 AM

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කසිප්පු පෙරීම, ගංජා ලග තබාගැනීම ලියාපදිංචි කරමු.(නදී)

:       0       0

කසුන් කෞෂල්‍ය Monday, 06 January 2014 05:23 PM

වැරදි නොකරනවා නම් ඔහොම හැංගි මුත්තං කොරන්ඩ වෙනවද ? (නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 06 January 2014 06:19 PM

උදේම දවස පටන් ගන්නෙත් පිරිත් කියල බන කියලා. රාත්‍රියට නින්දට යන්නෙත් පිරිත් කියල බන කියලා. එහෙව් රටේ මේවා වෙන්න පුලුවන්ද?(නදී)

:       0       0

අරවින්ද Tuesday, 07 January 2014 09:42 AM

සූදුවක් නෙවෙයි මෙයාලා කරලා තියෙන්නේ. විනෝදට ඕමි අතක් බලපු එක.(නදී)

:       0       0

සමන්ත Monday, 06 January 2014 06:30 PM

උසාවිය ලග චග්ගුඩු සෙල්ලම් කිරීම තහනම් නැද්ද මහත්තයෝ.(නදී)

:       0       0

අසේල Monday, 06 January 2014 06:34 PM

මට පෙනෙන්නේ මෙයා කබඩි ක්‍රීඩාවට ඉතා දක්ෂ කෙනෙක් කියලා.(නදී)

:       0       0

මහින්ද ඉතාලි Monday, 06 January 2014 07:40 PM

එතකොට මළගෙදරක බුරුව ගැහිල්ල විතරයිද ලංකාවේ තියන එකම තහනම් ක්‍රීඩාව.(නදී)

:       0       0

රම්සි Monday, 13 January 2014 10:38 PM

අනේ ඕවා ගැන කතා නොකර ඉමු. මතකනේ අර ඇමතිතුමාගේ පුතාගේ නේස් එක.(නදී)

:       0       0

මාලක තරිඳු Monday, 06 January 2014 08:21 PM

අපේ රට දැන් බබාලන්තය වෙලා,ආ බොරුද? (නදී)

:       0       0

සාමා Monday, 06 January 2014 12:49 PM

හෙරොයින් පාන්පිටි කරන රටක්නේ මේක (දිල්)

:       0       0

ලසිත් Monday, 06 January 2014 08:26 PM

මිනිස්සු නොමිනිස්සු වෙලා .(දී)

:       0       0

ජයන්ත Monday, 06 January 2014 12:57 PM

කැසිනෝ සුදුවත් නීති විරෝධී නොවන බව සහතික වෙයි. (ස)

:       0       0

ශරෝන් Monday, 06 January 2014 08:37 PM

මෙහෙම බඩ ගාගෙන යන්න වැරදි කරන්නේ ඇයි .(දී)

:       0       0

මංජුලා Monday, 06 January 2014 01:34 PM

උපරිම දඩුවම් දෙන්න ඕනෑ (දාල්)

:       0       0

වික්‍රම Tuesday, 07 January 2014 11:47 AM

මෙයා කොහෙද මේ රිංගන්නෙ??? (දී)

:       0       0

ධම්ම Monday, 06 January 2014 02:44 PM

මොනවද තහනම් ක්‍රීඩා? (ස)

:       0       0

චන්ද්‍රා Monday, 06 January 2014 11:15 PM

පව් කෙලින් ඇවිදගන්නවත් බැරි අහින්සකාවියක්,වගේ.... (දී)

:       0       0

තරංග Monday, 06 January 2014 03:53 PM

කාඩ් ක්‍රීඩාව නම් තහනම් නැතුව ඇති, ඒ උනාට එතන සෙල්ලම් කරපු බබාල ටික සල්ලි දාලනේ සෙල්ලම් කරලා තියෙන්නේ ඉන්ද්‍රතිස්ස මහත්තයෝ.(නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 06 January 2014 03:57 PM

මට නම් පෙනෙන්නේ උසාවිය ළඟ මේ අය චක්ගුඩු සෙල්ලම් කරනවා වගේ. (නදී)

:       0       0

කුමාර Tuesday, 07 January 2014 02:09 AM

බූරුවා ගැහිල්ලත් කාඩ් ක්‍රීඩාවක් ද? (නදී)

:       0       0

වාසනා Monday, 06 January 2014 04:08 PM

තහනම් ක්‍රීඩාවක් නොවේ කියමුකෝ හරි එහෙනම් නම් මොකද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවුනේ. ඒක වරදක් නෙවේද? (නදී)

:       0       0

දෝනි Monday, 06 January 2014 04:10 PM

අනේ අනේ බය නැතිව ඕවා කරන්න පුළුවන් නම් මොකද මේ හැංගිමුත්තන් සෙල්ලම් කරන්නේ.(නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 08 January 2014 04:23 PM

බඩගාන්නේ ඇයි? මොට්ටැක්කිලියෙන් මුහුණ වහගන්න තිබුනනේ? (නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 06 January 2014 04:15 PM

ඒ ක්‍රීඩාව තහනම් නැත්නම් ඇයි කැමරාව ඉස්සරහා බඩ ගාන්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site