දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී කොළඹ යුනියන් පෙදෙසේ සූදු පොළක් පවත්වාගෙන ගියැයි කියන එහි අයිතිකාරිය වජිරා නෙත්තිකුමාර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබන 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළාය.
මෝසමක් මගින් ඇය අද ඇප ඉල්ලා සිටියාය.
ඇය පවත්වාගෙන ගිය රුජිනෝ නම් කාඩ් ක්‍රීඩාව තහනම් ක්‍රීඩාවක් නොවන බවත්, එය නීතිවිරෝධී නොවන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේය.
පොලිසිය මෙම සූදු පොළ වටලා ඇයට එරෙහිව පැවරූ නඩුව අනුව ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ඇයට මීට කළින් නොතීසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කසිප්පු පෙරීම, ගංජා ලග තබාගැනීම ලියාපදිංචි කරමු.(නදී)
වැරදි නොකරනවා නම් ඔහොම හැංගි මුත්තං කොරන්ඩ වෙනවද ? (නදී)
උදේම දවස පටන් ගන්නෙත් පිරිත් කියල බන කියලා. රාත්‍රියට නින්දට යන්නෙත් පිරිත් කියල බන කියලා. එහෙව් රටේ මේවා වෙන්න පුලුවන්ද?(නදී)
සූදුවක් නෙවෙයි මෙයාලා කරලා තියෙන්නේ. විනෝදට ඕමි අතක් බලපු එක.(නදී)
උසාවිය ලග චග්ගුඩු සෙල්ලම් කිරීම තහනම් නැද්ද මහත්තයෝ.(නදී)
මට පෙනෙන්නේ මෙයා කබඩි ක්‍රීඩාවට ඉතා දක්ෂ කෙනෙක් කියලා.(නදී)
එතකොට මළගෙදරක බුරුව ගැහිල්ල විතරයිද ලංකාවේ තියන එකම තහනම් ක්‍රීඩාව.(නදී)
අනේ ඕවා ගැන කතා නොකර ඉමු. මතකනේ අර ඇමතිතුමාගේ පුතාගේ නේස් එක.(නදී)
අපේ රට දැන් බබාලන්තය වෙලා,ආ බොරුද? (නදී)
හෙරොයින් පාන්පිටි කරන රටක්නේ මේක (දිල්)
මිනිස්සු නොමිනිස්සු වෙලා .(දී)
කැසිනෝ සුදුවත් නීති විරෝධී නොවන බව සහතික වෙයි. (ස)
මෙහෙම බඩ ගාගෙන යන්න වැරදි කරන්නේ ඇයි .(දී)
උපරිම දඩුවම් දෙන්න ඕනෑ (දාල්)
මෙයා කොහෙද මේ රිංගන්නෙ??? (දී)
මොනවද තහනම් ක්‍රීඩා? (ස)
පව් කෙලින් ඇවිදගන්නවත් බැරි අහින්සකාවියක්,වගේ.... (දී)
කාඩ් ක්‍රීඩාව නම් තහනම් නැතුව ඇති, ඒ උනාට එතන සෙල්ලම් කරපු බබාල ටික සල්ලි දාලනේ සෙල්ලම් කරලා තියෙන්නේ ඉන්ද්‍රතිස්ස මහත්තයෝ.(නදී)
මට නම් පෙනෙන්නේ උසාවිය ළඟ මේ අය චක්ගුඩු සෙල්ලම් කරනවා වගේ. (නදී)
බූරුවා ගැහිල්ලත් කාඩ් ක්‍රීඩාවක් ද? (නදී)
තහනම් ක්‍රීඩාවක් නොවේ කියමුකෝ හරි එහෙනම් නම් මොකද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවුනේ. ඒක වරදක් නෙවේද? (නදී)
අනේ අනේ බය නැතිව ඕවා කරන්න පුළුවන් නම් මොකද මේ හැංගිමුත්තන් සෙල්ලම් කරන්නේ.(නදී)
බඩගාන්නේ ඇයි? මොට්ටැක්කිලියෙන් මුහුණ වහගන්න තිබුනනේ? (නදී)
ඒ ක්‍රීඩාව තහනම් නැත්නම් ඇයි කැමරාව ඉස්සරහා බඩ ගාන්නේ? (නදී)