IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විජයදාසගෙන් කෝටි 500ක් ඉල්ල ෆොන්සේකා නඩු දාන්න යයි?

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් රුපියල් කෝටි 500ක වන්දි ඉල්ලා නඩු පවරන බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා මිනුවන්ගොඩ දී අද ප්‍රකාශ කළේය.

ඇවන්ගාඩ්න් ආරක්ෂක සමාගමට එරෙහිව නිසි පරිදි ක්‍රියා නොකළැයි පසුගිය ඡන්ද සමයේදීත් ඉන් පසුවත් පොන්සේකා  විසින් කරන ලදැයි කියන ප්‍රසිද්ධ ප්‍රකාශවලින් තමාට වූ අපකීර්තිය හා අවනම්බුව වෙනුවෙන් පොන්සේකාගෙන් රුපියල් කෝටි 50ක් ඉල්ලා නඩු පවරන ලෙස තම නීතිඥයනට බාර දුන් බව අධිකරණ ඇමැති සිකුරාදා කොළඹ දී කීවේය. ඊට පිළිතුරු වශයෙන්  පොන්සේකා පැවැසුවේ ‘‘තමාගේ විශ්‍රම වැටුප රුපියල් පනස් දහසක් බවයි. මිලියන සියයක් ඉල්ලුවත් ගෙවන්න මට සල්ලි නෑ. වැරදිකරු වුණොත් සල්ලි නැති නිසා මට ඇමැතිගේ ගෙදර  නවතින්න පුළුවන් එවිට මට කන්න දෙන්න වෙන්නෙත් ඔහුට‘‘ යනුවෙන් පොන්සේකා කියා ඇත.



අදහස් (0)

විජයදාසගෙන් කෝටි 500ක් ඉල්ල ෆොන්සේකා නඩු දාන්න යයි?

කමල් Tuesday, 10 November 2015 08:28 AM

කට පරිස්සමට කතා කලානම් මේ මුකුත් නැනේ. (ර)

:       0       0

රන්ජිත් Sunday, 08 November 2015 06:46 PM

තමන් කතාකරනකොට හිතලා බලලා කතාකළා නම් ඔය කරදර නැහැනේ (නි)

:       0       0

ගැමුණු Sunday, 08 November 2015 02:38 AM

මෙච්චර සල්ලි තියෙයිද දන්නෙ නැහැ ගෙවන්න? (නි)

:       0       0

රන්ජිත් Sunday, 08 November 2015 04:11 AM

ජීවිතෙත් මරණයත් අතර සටනක් කරලා මෙරට බෙර ගතු වීරයකුට තමන්ට බලයට එන්න පර හදල දුන්න (ම)

:       0       0

අබේරත්න Saturday, 07 November 2015 08:32 AM

වැරදි කාරයෝ උනොත් ගෙවල්වලට යන්නේ කොහොමද? යන්න වෙන්නේ හිරගෙටනේ . (ස)

:       0       0

සංජය Saturday, 07 November 2015 08:41 AM

ඇමති ගෙදර යන්න ඕනේ නැහැ. (ස)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 07 November 2015 08:54 AM

අවුලක් නැහැ..එතුමාගේ ගෙදර ලොකු බලු කුඩුවක් තියෙනවා..ඒකෙ නවතින්න පුළුවන්..වෙලාවට කන්න බොන්න දේවි..කියපු වෙලාවට පොඩ්ඩක් බුරල සංදර්ශනයක් දාන ඒක විතරයි තියෙන්නේ..ඒක ඉතින් දැනුත් කරන එකනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site