අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් රුපියල් කෝටි 500ක වන්දි ඉල්ලා නඩු පවරන බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා මිනුවන්ගොඩ දී අද ප්‍රකාශ කළේය.
ඇවන්ගාඩ්න් ආරක්ෂක සමාගමට එරෙහිව නිසි පරිදි ක්‍රියා නොකළැයි පසුගිය ඡන්ද සමයේදීත් ඉන් පසුවත් පොන්සේකා විසින් කරන ලදැයි කියන ප්‍රසිද්ධ ප්‍රකාශවලින් තමාට වූ අපකීර්තිය හා අවනම්බුව වෙනුවෙන් පොන්සේකාගෙන් රුපියල් කෝටි 50ක් ඉල්ලා නඩු පවරන ලෙස තම නීතිඥයනට බාර දුන් බව අධිකරණ ඇමැති සිකුරාදා කොළඹ දී කීවේය. ඊට පිළිතුරු වශයෙන් පොන්සේකා පැවැසුවේ ‘‘තමාගේ විශ්‍රම වැටුප රුපියල් පනස් දහසක් බවයි. මිලියන සියයක් ඉල්ලුවත් ගෙවන්න මට සල්ලි නෑ. වැරදිකරු වුණොත් සල්ලි නැති නිසා මට ඇමැතිගේ ගෙදර නවතින්න පුළුවන් එවිට මට කන්න දෙන්න වෙන්නෙත් ඔහුට‘‘ යනුවෙන් පොන්සේකා කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට පරිස්සමට කතා කලානම් මේ මුකුත් නැනේ. (ර)
තමන් කතාකරනකොට හිතලා බලලා කතාකළා නම් ඔය කරදර නැහැනේ (නි)
මෙච්චර සල්ලි තියෙයිද දන්නෙ නැහැ ගෙවන්න? (නි)
ජීවිතෙත් මරණයත් අතර සටනක් කරලා මෙරට බෙර ගතු වීරයකුට තමන්ට බලයට එන්න පර හදල දුන්න (ම)
වැරදි කාරයෝ උනොත් ගෙවල්වලට යන්නේ කොහොමද? යන්න වෙන්නේ හිරගෙටනේ . (ස)
ඇමති ගෙදර යන්න ඕනේ නැහැ. (ස)
අවුලක් නැහැ..එතුමාගේ ගෙදර ලොකු බලු කුඩුවක් තියෙනවා..ඒකෙ නවතින්න පුළුවන්..වෙලාවට කන්න බොන්න දේවි..කියපු වෙලාවට පොඩ්ඩක් බුරල සංදර්ශනයක් දාන ඒක විතරයි තියෙන්නේ..ඒක ඉතින් දැනුත් කරන එකනේ. (අ)