තිස් වසරක යුද්දය සිව් වසරකට පෙර නිමා කිරීමේ විජයග්‍රහාණ සැමරුම ගාලු මෝදර පිටියේදී ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපතිගේ මූලිකත්වයෙන් දැන් පැවැත්වේ. සටන් බිමේ සිටි ත්‍රිවිධ හමුදා, පොලිස් විරුවන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ. ඔවුන් දියෙන් ගොඩින් හා උඩින් ධීර වීර හපන්කම් දැක් වු ආකාරය අදත් ප්‍රදර්ශනය වේ.
මහින්ද රාජපක්ෂ ජනපති, එකළොස් දහසක් රණවිරුවන් ද ආරාධිතයන් අමතමින් පැවැසුයේ යළි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බවයි. එක් සේසත් කළ රටේ යුද බිය හා මර බිය ඇතිවීමට ඉඩ නොදෙන බවයි. ප්‍රේමදාස ඝාතනයේ සිට සාම දූතයකු වූ රජිව් ගාන්ධි ඝාතනය දක්වා විස්තර කළ ජනපති සටන් විරාමයක් මගින් ධීර ලෙස රට පාවාදුන්නැයි චෝදනා කෙළේය. රට බේරාගත් රණවිරුවන් අන්තර් ජාතික අධිකරණයට රැගෙන යාමට කැස කවන්නේ යැයි ජනපති චෝදනා කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාදිපතිතුමනි,අපේ ධීර වීර ත්‍රිවිද හමුදාවට අචාර උපහාර දැක්වීම සදහා වසරේ එක් දිනක් වෙන්කර එය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න.(ස)
ජනාධිපතිතුමාටත්,ත්‍රිවිධ හමුදාවටත්,පොලිසියටත් අපගේ උත්තමාචාරය! (නි)
චන්දි, වචන කියන්නේ හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක්. මොකද එයට විවිද අර්ථ තියන නිසා. ඔබ මගේ අදහස නිහතමානිව තේරුම් ගත්ත එක ගැන සතුටුයි.(නදී)
චන්දි, ඔබ නොදන්නවා වෙන්න බැහැ ඔබ ගොම බින්දුවක් යැයි ප්‍රකාශ කල පුද්ගලයාම තමා ඔය මුට්ටිය කිරිවලින් පුරවන්න වැඩි ප්‍රතිශතයක දායකත්වයක් දුන්නේ. අද ඔබට එය ගොම බින්දුවක් උනාට, මෙහිදී ජනපති හෑල්ලු කරනවා නොවේ. ඔහු අණදුන්නා පමණි, එයට පමණක් බැහැ යුද්ධයක් දිනන්න.(නදී)
පක්ෂ භේදයකින් තොරව ජනාධිපතිතුමා කළ විරක්‍රියාව සෑම සිංහලයෙකුගේම හදවතේ ලියවී ඇත.(ස)
ජනතිපති තුමාට හා ත්‍රිවිද හමුදාවට අපේ උපහාරය !(ස)
චන්දී , මැයි 18 කෙරෙන්නෙත් ඒකම තමයි.(නදී)
සරත් ෆොන්සේකා ගැන මොකුත් කතාවක් නැද්ද? (ස)
මැදපෙරදිග රටවල දුක්විදින අපට මෙවැනි තොරතුරු සමග පොටෝ ගෙන දෙන ලංකාදීප පුවත් පතට මගේ ගෞරවය හා ස්තුතිය පුදකරන්නේ හද පිරි සතුටිනි. (අ)
හෙළයේ මහ සෙන්පති සරත් ෆොන්සේකා, ඔබ සැබෑ වීරයෙකි. නොමැකෙන නාමයකි. ඔබට අපේ උපහාරය අද දින! එය ඔබද අමතක නොකළ මැනවි හෙලයනි (නි)
ජනාධිපති තුමාට සහ සියලුම රණවිරුවන්ට අපේ උපහාරය. නමුත් තවත් අය මෙයට උර දුන් බව අමතක වී ඇති බවයි මටනම් පේන්නේ.(ස)
ජෙනරාල් සරත් ෆොන්සේකා ඔබට අපේ ප්‍රණාමය . අපි එය සිහිකරමු හදවතින්. ජනාදිපති තුමා ඇතුළු සියලුම රණවිරුවන්ට අපගේ ප්‍රණාමය.(නදී)
ජනදිපටි තුමනි, රණවිරුවනි ඔබලා අපේ ජිවයයි. අද අප නිදහසේ ඉන්නේ ඔබලා නිසයි.!(ස)
කව්රුහරි සපත්තු කුට්ටමක් අරන් දෙන්නකෝ.(නදී)
ගොඩක් හොදයි. හැබැයි රණවිරුවණ් කල ඒ කැපවීම අපේ රට කරවන අයගෙ නැහැනෙ. එහෙම වුණා නම් මේ රට අද වෙද්දි මොනතරම් දියුණුවක් ලබලා තියෙයිද? ගොඩක් දේවල් සංදර්ශණ වලට විතරයි සීමා වෙලා තියෙන්නෙ. එහෙම වුණා නම් අද වෙනකොට ඔය ඩයස් පෝරාවෙ කයිවාරු ඉවරයි. (නි)
යුද්දය දිනා දුන් ඔබට සදා ජය. ෆොන්සේකා මහතාණෙනි.(නදී)
ජනාධිපතිතුමනි, උත්සව පැවැත්වීමට අධික වියදමක් දරනවාට වඩා ආභාධිත රණවිරුවන්ට යම්කිසි සහනයක් සලසනවානම් අද වැනි දවසක එය වඩාත් උචිත නොවන්නේද? ඔවුන් ආභාධිත උනේ යුද්දය නිසාය. අද අපි නිදහසේ වේලක් ඇර වේලක් කාලා හරි ජීවත්වෙන්නේ ඔවුන්ට පින් සිදු වන්නටය. උත්සවයකට වඩා අපිට ඔවුන් නොවටින්නේද? (ස)
ගාලු මෝදර නෙමෙයි.... ගාලු මුවදොර (ගෝල් ෆේස්)
උදේට ගෙදරින් ගියාම ආපසු එන්න වෙයිද නැද්ද කියන, හැමතැනම බෝම්බ පිපිරුණු යුගයක් අපි පසුකල බව දැන් ගොඩ දෙනෙකුට අමතක බව පෙනෙනවා.ජනපතිතුමනි ,ආරක්ෂක ලේකම්තුමනි,රණවිරුවනි,ඔබට අපේ උපහාරය. (නි)
කවුරු කොහොම කිව්වත් යුද්දේ පටන් ගත්ත දවසේ ඉඳන් අවසන් වෙන තෙක්ම අපේ රට වෙනුවෙන් හදවතින්ම හිටපු කෙනෙක් හැටියට මට නම් කියන්න තියෙන්නේ මේ මෙහෙයුමට දායකත්වය දුන් ජනාධිපතිතුමාට,ආරක්ෂක ලේකම්තුමාට,හමුදාපතිතුමාට,අපි වෙනුවෙන් ජීවිතය කැපකළ අපේ වීරයන්ට,අපේ හමුදාවේ සහෝදරන් හැමදෙනාටම මේකේ ගෞරවය ලැබෙන්න ඕනෑ. ඔයාල හැමෝටම ගොඩක් පින්...ඒ හැමෝම අපේ වීරයෝ. (නි)
ප්‍රසංකා,මුට්ටියකට කිරි දොවල ඒකට ගොම බින්දුවක් වැටුනොත් මොකද වෙන්නේ කියල දන්නවනේ..(ස)
හිටපු යුධහමුදාපති අමතකද? (නි)
ඔබතුමාගේ ආණ්ඩු කාලේදී යුද්ධය ඉවර කරපු එක ඉතිහාසේ ලියවේවි. නායකයෙක් මිනිස්සු පත්කරන්නේ රටට මොනවාහරි කරන්න. (නි)
ජීවන්, ඔයා අදත් ජීවත් වෙන්නේ මේ රණවිරුවෝ එයාලගේ ජීවිතය අපි වෙනුවෙන් කැපකළ නිසා.ඔබේ හිතේ කෘතවේදීත්වය බින්දුවක් වත් නැද්ද? (නි)
ඉතාම හොඳයි. ලස්සනට තිබුණා.(ස)
30 වසරක ශාපයෙන් තුන් හෙළය එකසේසත් කරනට අභිමානවත්ව නායකත්වය දුන් ජනාධිපතිදුන්ටත් දෑත දිරිය දුන් තුන් හෙළයේ සියලු විරුවන්ටත් මැදවච්චිය කිලිනොච්චිය පටලවා නොගත් ඔබටත් මටත් ආචාරයයි මේ! ජයවේවා! තුන් හෙලයටම ජයවෙවා! (නි)
සැමදෙන ඇත. රණවිරු ෆොන්සේකා නැත (නි)
ප්‍රසංකා, විජයග්‍රහණය සමහරු තමුන්ගේ සාක්කුවේ දාගන්න හදනවා. (නි)
අපේ හිටපු හමුදාපතිතුමාත් හිටියා නම් සර්ව සම්පූර්ණයි (නි)
ආයුබෝවේවා ....මහරජාණනි..!(ස)
කාටද ආඩම්බර
යුද්ධය සමරන අතරේම ජන කොටස් අතර සාමය දියුණු කිරීමේ වැඩත් කළා නම් නේද හොඳ? අනික යුද්ධය නිසා විඳවපු මිනිසුන්, තවමත් ඒ නිසා දුක් විඳිමින් ඉන්න මිනිසුන් ගැනත් හිතන එක සහ ඒ අය වෙනුවෙන් යමක් කරන එක මීට වඩා වැදගත් නැද්ද? (නි)
අති උතුම් අපේ ජනාධිපතිතුමනි, අපේ රට බේරා දුන් ඔබට මගේ සහ ඇෆ්රිකන් වල ඉන්න සියළුම ලාංකික ජනතාවගෙන් සුභ පැතුම්! (නි)
අමල් වැනි කුහක ආත්මාර්තකාමි පුද්ගලයන් ත්‍රිවිද හමුදාවේ සිටියා නම් අදටත් ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබෙනු ඇත. යුද්ධය අමිහිරිය. අප එය වසර 30 අත්වින්දෙමු. නමුත් මෙම යුද්ධය ඇති කළේ දේශපාලකයන්ම විසිනි. ඔවුන් පත් කර පාර්ලිමේන්තුවට එව්වේ මේ රටේ ජිවත්වන අපය. අද රටෙහි කිසියම් විනාශකාරී සිදුවීමක් සිදුවනු ඇද්ද එයට වග කිව යුත්තේද එම දේශපාලකයන්ම මිස වැටුප ගැන තම ජීවිතය ගැන නොසිතා වැඩ කරන රණවිරුවන් නොවන බව මම කියා සිටිමි . (නි)
යුද්ධය අමතක වී ඇති අපේ රටේ අයට මේකත් වටිනවා යුද්ධයක් තිබුන බව දැනගන්න (නි)
අතිගරු ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ සරත් ෆොන්සේකා මැතිතුමන්ට අපේ උත්තමාචාරය පුද කරමු! ඔබලා ශ්‍රී ලංකාව බේරා ගන්න ආපු දෙවියෝය. අපි ඔබලාට සදා ණයගැති වෙමු. (නි)
අපරාදේ සල්ලි ,උතුරේ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදන්න තිබුනා. (නි)
මීට වැඩ හොද නැද්ද යුද්දෙන් අත පය නැති වුණ, රණ විරුවන්ට කෘතිම අත් කකුල් ටිකක් දුන්නා නම්? යුද්දෙන් ඇස්, අත, පය නැති වුණ අයට මොකද්ද මේවගෙන් ලැබෙන්නේ? (නි)
අපේ අයට ඉක්මනින් හැමදෙයක්ම අමතකවීම ඉතාම කණගාටුයි. (ස)
නිර්භයව ලෝකයාගේ බලපෑම් හමුවේ නොසැලී සැම අතින්ම රණවිරුවන් දිරිගැන්නු අතිගරු ජනාධිපතිතුමන්ට මගේ ප්‍රණාමය පුදන අතරම තිස් වසරක කුරිරු යුද්ධය අවුරුදු තුනකින් මුළුමනින්ම විනාශකරන්න සියලුම සැලසුම් සහගතව යුද බිමෙහි නියම නායකත්වය දෙමින් රණවිරුවන් දිරි ගන්නවමින් රට බේරා දුන් සරත් ෆොන්සේකා මහතාවත් මතක් කරමින් යුද බිමෙහි සටන් වැදුන රණවිරුවන් ඇතුළු රට වෙනුවෙන් ජීවිත පුදකළ සියලුම විරෝධාර රණවිරුවන් හට වැද නමස්කාර කරමි (නි)
කොටින්ටයි බටහිර හිකනලුන්ටයි ඇස් වල වල කටු අනිනවා වගේ ඇති. අපේ කොන්ද කෙලින් ජනාධිපතිතුමාට ඇතුළු හමුදාවට බුදු සරණයි ,රටටම ජයවේවා! (නි)
එදා භිෂණය පතුරුවමින් ප්‍රභාකරන් රට විනාශ කෙරුවා. අද සාමය පතුරුවමින් සමහර දේශපාලකයෝ මිනි මැරීම, කුඩු ඇතුළු මත්ද්‍රවය ජාවාරම්, ස්ත්‍රී දුෂණ, වංචා, රටේ සම්පත් සුරා කමින්, ඉපදෙන සිටින දරුවන් පවා ලෝකෙට ණයකරුවන් කරමින් රට විනාශය කරා ගෙනියනවා. බලගන ගියාම දෙකම එකයි (නි)
රණවිරුවන් සැමරීම අගය කළ යුතුයි. යුද්ධයට පණදුන් සරත් පොන්සේකා වැනි විරුවන් අද සමරු උළලේදී අමතක කිරීම කණගාටුවට කරුණකි.නොදත් දේශපාලනයට සරත් පොන්සේකා වැන්නෙක් ඇද දමා පැත්තකට වෙලා සිටින අනාගතයක් නැති දේශපාලුවන්ට අද වැනි දිනක කුමක් සිතෙනවා ඇත්ද? අපිට නම් ප්‍රශ්නයකි.අනිත් අතට මට කීමට ඇත්තේ, ඔබේ උගත්කම යට කරගත් මෝඩ අහංකාරකම හා නොදත් නුගත් දේශපාලනය නිසා ඔබ විසින්ම මේ තත්ත්වයට ඇද වැටුණු බවය. කව්රු අමතක කළත් අද රටේ ඔබව අමතක නොකරන පිරිසක් ඉන්නා බවත් කිවයුතුමය. සරත් පොන්සේකා විරුවනි, ඔබට දීර්ඝායු! (නි)
සරත් ෆොන්සේකා නමැති උදාර මහා සෙනවියාට අපි ණයගැති වෙමු සදාකල්. (නි)
ඔන්න ඉතින් දෙයියනේ කියලා යුද්ධය දිනා ගත්තා කියමුකෝ. ඉතින් ඔය හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ ඔයිට වඩා අගයන්න වෙනවා නේද? (නි)
මම මගේ රටට බරක් වී නැහැ. මොකද මම හම්බ කරන මුදල් ලංකාවට එවලා තියනවා. ඒ නමුත් අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. ඒ ගැන හරි දුකයි. ඒත් ලංකාවට මම ආදරෙයි (නි)
ජනාධිපතිතුමනි, ඔබටත් රණවිරුවන්ටත් අපි සදා ණයගැතියි, අපේ රට බේරා දුන්නට (නි)
චන්දි,ඔබ ඇයි මැදපෙරදිග දුක් විඳින්න ඕනැ?ඔබව එම රටෙන් ආරාධනා කරලද ගියේ?කැමති නැත්තම් එන්න තියෙන්නේ තමුන්ගේ (නි)
ජයග්‍රහණයේ අයිතිය හැම රණවිරුවෙක්ටම අයිති දෙයක්, මෙම විජයග්‍රහණය "හිගන්නාගේ තුවාලයක්" කරගන්න හොඳ නැහැ.(ස)
ශාමන්, ඔයා කොහේද ඉන්නේ? නිදහස් වෙලා අවරුදු හතරක් වෙනවා. කියවන්න දන්නේ නැත්නම් පින්තුර බලාවත් දැනගන්න. (නි)
ප්‍රශංකා-දැන් අපට එයාගෙන් වැඩක් නැහැ.(නදී)
අවුරුදු 30 කට පෙර යුද්දය ඇරඹීමට හේතුවූ ජාතිවාදී කරුණු තවමත් නොවිසදේ නම්, ප්‍රශ්න තවත් උග්‍ර වේ නම්, එය දිවිපිදු රණවිරුවන්ට කරන අපහාසයක් වේ! (නි)
ප්‍රදීපා, රටවල් වලට උත්සවද අවශ්‍ය දෙයකි. මට නම් හිතෙන්නේ මේ උත්සවය තවත් අලංකාර වුණා නම් කියලා. මේ පින්තුර ලෝකයම බලනවා. මේ ළමුන් ගේ ඇදුම් ලස්සනට සකස් කරලා නැහැ. රෙදි වල රැලි, වාටි අයන් කරලා නැහැ. රිබන් එක එක පාට. සෙරෙප්පු එක එක විදියේ. එක ළමයෙක්ගේ රෙද්ද බිම ඇදෙනවා. බාහිර ඔපයත් හරි වැදගත්. මේවා සියුම්ව කල්පනා කළයුතු දේ. රටවල් වල තත්ත්වේ මනින්නේ ඔය ඔක්කොමත් එක්ක. ජාතික උත්සව සංවිධායකයෝ මේ ගැන හිතන්න. (නි)
චන්දි, ගොම තල්ලියකට කිරි බිංදුවක් දාලා වැඩකුත් නැහැනේ නේද ? :P (නි)
මනමාලි නැති මගුල් ගෙදර වගේ.(නදී)
සරත් ෆොන්සේකා ? සුදුකොඩි ගැන කියල රණවිරුවන් දන්ගෙඩියට දක්කන්න ගියා කාටවත් මතක නැද්ද ?(නදී)
මේ කරන දේ හිත් පෑරීමක්.කොහොමද අපි ජාතිය සමගිය කරන්නේ? (නි)
කළ යුතු වැඩ එමටයි. මේවා බොරු වැඩ. (නි)
සරත් ෆොන්සේකා ? (ස)
මේකට සරත් ෆොන්සේකා මහත්මයටත් ආරාධනා කළා නම් වැඩේ අගය කරන්නෙමි. එතුමාටත් ස්ථානයක් තිබිය යුතුයි. (නි)
ඒ වුණාට යුධ ජයග්‍රහණයට හේතුවුණ රණවිරුවන්ගෙත් ලයිට් බිල වැඩිකරලනේ (නි)
අනේ මට සමාවෙන්න. මන් අදහස් කරේ කොච්චර හොද කලත් පොඩි වැරද්දකින් සේරම යටවෙනවා කියන එක මිසක් කාටවත් අවමන් කිරිමක් නොවේ. ඇත්තටම මට සමාවෙන්න. (ත)
මව් බිම නිදහස් කර දීමට දිවි පිදූ සොයුර සොයුරියන් සැමට අපගේ උත්තමාචාරය. ! (ස)
මේක සංවිදාන කොන්තරාත්තුව කාටද ගියේ.(නදී)
තමන්ගේ දෙමාපියන්, දූ දරුවන්, සොයුර සොයුරියන් බිරින්දෑවරුන් දෙවැනි කොට සලකා රට වෙනුවෙන් දිවි පිදූ සැමට ජාතියේ ආචාරය!(ස)
මෙන්න තවත් උත්සව අවස්ථාවක්.අර පොදුරදමඩුලු උත්සවේට රෝල්ස් රෝයෙස් මෝටර් රථ 200 පමණ ඇනවුම් කරලලු නේද? (නි)
ත්‍රස්තවාදීන්ගෙන් බේරීමට කළ යුද්ධය නම් අවුරුදු 30ක් ගතවෙද්දි නම් අවසන් වුනා කියමුකෝ. ඒත් දැන් ජීවත්වෙන්න කරන යුද්ධය කවදයින් අවසන් වෙයිද? කවදද ඒ නිදහස සමරන්නේ...(ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ උපහාර රණවිරුවන්ටද? (නි)
කවදා නම් අපි නිදහස් වන්නෙමුද මේ යුද්ධෙන්.(ස)
මම නම් අහන්නේ මෙච්චරයි. මේක කරන්න බටහිරින් හෝ ලෝකේ වෙනත් රටවලින් කීයක්වත් ණයට ගත්තාද? (නි)
වීරෝදාර රණවිරුවන් මෙහෙයවූ ප්‍රධානම සෙන්පතියා මෙතන නැහැ නේද? (නි)
සමන් කියපු දේ තමයි මටත් කියන්න වෙන්නේ මනමාලි නැති මගුල් ගෙයක්. ජෙනරාල් නැති හමුදා උත්සව මොටද. (නදී)
සුභපතනවා
යුද්ද කෙරිල්ල ඉවරවෙලා දැන් ගොඩක් කල්නේ.අනික ඒකටනේ අපි චන්දෙ දීලා,දීමනා,වරප්‍රසාද,සැප,නම්බුව,උසස් ජිවන රටාවක්,උසස් සිවිල් තත්වයක් සහ අනෙකුත් සියලුම දීමනා දීලා ඔතෙන්ට යැවුවේ.අනික අපි බලෙන් ඇරියේත් නැහැනේ.ඔබතුමාලමනේ ඉදිරිපත් වුණේ. (නි)
යුද්දේ ඉවරවෙලා දැන් ගොඩක් කල්නේ. අනික ඔය තිස් අවුරුදු යුද්දෙට අපි කොච්චර බදු ගෙවල ඇද්ද? කවදද ඒවා ඉවර වෙන්නේ.... (නි)
මෙරටේ යුද්ධ ඇතිකලෙත් දේශපාලකයෝ.ඒවා නැති කරන්න ඕනෑත් දේශපාලකයෝ මිසක් අපිද. (නි)
පැවැති ත්‍රස්තතවාදයෙන් රට බේරා සියලු පුරවැසියන්ට නිදහසේ ජීවත්වන්නට ඉඩසලසාදුන් සියලුම අය ජාතියේ වීරවරයන් සේ සලකා ඒ සියලුම දෙනාට මාගේ හිසනමා ආචාර කරනවා. (අ)
ගාලු මෝදර නොව ගාලු මුවදොර කියා නිවැරදි කරන්න.
යුධ ජයග්‍රහණයේ ගෞරවය එක් පාර්ශවයකට පමණක් බැර කිරීමට තැත් කිරීම දේශපාලන ක්‍රියාවකි. මධ්‍යස්ත ශ්‍රී ලාංකිකයා එය පිළිනොගනී. මගේ මතය නම් ජිවිත පුජාවෙන් සටන් කරපු රණවිරුවන්ට එම ජයග්‍රහණයේ ගෞරවය ප්‍රථමයෙන් හිමි වීය යුතුය. ඉන්පසුව, එය සඳහා දේශපාලන නායකත්වය දුන් ජනාධිපතිවරයාටත්, ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධ කල ආරක්ෂක ලේකම්වරයාටත්, හිටපු හමුදාපතිවරයා ඇතුළු අනෙකුත් සේනාංක නායකයින්ටත් සාමුහිකව හිමි විය යුතුය. මේ සෑම පාර්ශවයක්ම දේශපාලනය මැදිහත්වීමට පෙර එකිනෙකා පිළිබඳව කල ප්‍රකාශ මේ අවස්ථාවේ මතක් කිරීමටද කැමැත්තෙමි.(ස)
යුද්දයකින් දිනුමක් ලැබෙනවා කියන්නේ උමතු පුද්ගලයෝ. යුද්දයක් එන්නට පෙර වලක්වා ගන්න කටයුතු කිරීමයි යුද්දයෙන් දිනුවා කියලා උදම් අනන්න පුළුවන් වන්නේ.(නදී)
පින්තුරයක්වත් දකින්න නැති අසහාය සෙන්පති සරත් පොන්සේකා මැතිදුණි, අපේ ජාතියේ හදවතේ ඔබේ නාමය සනිටුහන් වී ඇත. (නි)
ගාලු මෝදර? මේක කොහෙද තියෙන්නේ?(නදී)
අප රට දැය සමය වෙනුවෙන් දිවි පිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසීයේ සොල්දාදුවන්ට අපි සදා ණය ගැතියි. යුද්ධයේදී ආබාධිත සෙබළුන්ද ආදරයෙන් සිහිකරමි. ලක්මව වෙනුවෙන් සටන් කල සැමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පතමි. (නි)
නිමල් සෞදි, ඔබ හරියටම හරි. මමත් ඔබට එකගයි (නි)
ශ්‍රී ලාංකේය අභිමානය.(ස)
යුධ ගිනි බිය නිම කළ රණ විරුවන්.. පෙන්වයි ලොවට සිරි ලක් බිම අභිමන්.. (ස)
කොමාන්ඩෝස්......(නදී)
අනේ දැන්වත් මේ සෝබන නවත්වන්න .අසරණ මිනිස්සුන්ට මෙවැනි දරුණු විදුලි බිල් ඇතුළු ජීවන වියදම දරා උසුලා ගත නොහැකි තත්වයක් තුල ,මේ දේවල් වලට වැය කිරීම සර්ව සාදාරණද? අපි කොටින් පරදවා රට එයින් මුදා ගත් බව මුළු ලෝකයම දනී. නමුත් රටේ හුදී මහා ජනතාව අන්ත අසරනතාවෙකට ඇද දැමු බව අද මේ කාටත් අමතක බව කනගාටුවෙන් කිව යුතුව ඇත. (නි)
මමත් විරුද්ධයි.සැබෑ විරුවෝ ඉන්නේ ටික දෙනයි.මට මේ විදිහට කතා කරන්න අයිතියක් තියනවා.මොකද මමත් අද එක කනක් නොඇසෙන ආබාධිතයෙක්.අපි අපේ වගකීම කරලා ඉවරයි. අපිට සම්මාන අවශ්‍ය නැහැ (නි)
අවුරුදු 30ක් පවතී යුද්ධය දිනපු බව ඇත්ත,, එහෙත් එයට උර දුන්නු බොහෝ පිරිසක් ඇත, කලයුත්තේ අප්‍රසන්න යුද්ධය නැවත නැවත සිහි කර ඒ වෙනුවෙන් බොහෝ පිරිසකගේ දෑස් කඳුලින් පිරවීම නොව, එයට ශක්තියක් වූ සියලුදෙනාට ගෞරවයත් ජීවත් වීමට අත්වැලක් වීමය, දැන් රටේ අනාගතය ගොඩ නැගිය යුතුය.(ස)
සෙන්තිල්,මට එන්න කිවුවට ස්තුතියි. ඒත් මගේ දරු දෙන්නගේ ප්‍රශ්න ටික විසදගන්න ඔයා උදව් කරනවද?අනෙක ඔයාට තරහා යන්න දෙයක් මම කිවුවේ නැහැ. මම ස්තුති කළේ ලංකාදීප පත්තරේට. ඔයාට ලියන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? (නි)
සාජ්, ඔයා හරි. ඒ දෙකම එකම තේරුමනේ. (නි)
කැනඩාවේත් ලංකාවේ වගේ දොස්තරලා ඉන්නවා. (නි)
අප සියලුම ශ්‍රී ලාංකිකයන් ජනපතිතුමනි, ඔබතුමාට හා රණ විරුවන්ට සදා ණයගැති.(ස)
කුමාරගේ කතාවට මමත් එකග වෙනවා. අපි හම්බකරන සල්ලි ලංකාවට එවනවා. අපි තමා විදෙස් විනිමය ලංකාවට එවන්නේ. සමහරක් අය ඒක දන්නෙවත් නැහැ (නි)
මේ යුද්දේ තවත් හමුදාපති කෙනෙකුට ඉතුරු කරන්නේ නැහැ කියපු , කියපු විදියටම වැඩේ අහවරක් කළ ශ්‍රී ලංකා පුත්‍ර ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා නැතුව මොන සැමරුම්ද ? (නි)
අපරාදේ සල්ලි නාස්ති කරන්නේ. මේවට නිකම් කොල්ලෝ කෙල්ලෝ මැරෙනවා (නි)
විනාඩියක් පමණි , මාතෘකාව යුද ජයග්‍රහණ සැමරීම. තහනම් වචනය ජනරාල්. දෙමුද ඇට්ටි හැලෙන්න.(නදී)
එදා මෙදා තුර මව්බිම ලෙයින් තෙත් කරමින් බේරාගත් සිංහයින්ට තෙරුවන් සරණයි. (නි)
දිසා මහතා මෙය අඩු තක්සේරුවෙන් කතාකරන බව පෙනේ. එය වහාම නවත්තන්න. මේක තමයි සිංහලයාගේ මුල අමතක වීම. අපි මුස්ලිම් වුණත් මුල හොඳට මතකයි. (නි)
ත්‍රිවිද හමුදාවට පඩිය වැඩි කළානම් හොඳ නැද්ද? (ස)
සරත් ෆොන්සේකා සෑම සිංහලයෙකුගේම හදවතේ ලියවී ඇත. ඔබතුමාට හා රණ විරුවන්ට සදා ණයගැතියි.(ස)
අප සිහල ජාතියට විශාල ආඩම්බරයක්. සමහර විට ද්‍රවිඩ ජාතියට අසහනයක් විය හැකියි. අපි මේ ජයග්‍රහනය නිහතමානිව සමරමු. එය සියලු ලාංකිකයින්ට අයිති දෙයක්. (නි)
යුද්දේ කියල ජනතාවට බර පටවලා ඒ දවස්වල, දැන් මේ වගේ සංදර්ශන වලිනුත් ජනතාවට බර පටවන්න නේද හදන්නේ?හොඳ නැද්ද යුද්දේ නිසා අසරන වුනු මිනිසුන්ට මේ මුදල් වලින් පිහිට වුනා නම්? (නි)
ප්‍රසංකා, හිටපු හමුදාපතිවරයා නැතිනම් කිසිම උත්සවක් පවත්වන්න පුලුවන්ද? හෘදයට එකගව හිතන්න. ඔයාගේ නමට ගැලපෙන අයුරින් උසස් නායකයන් අමතන්න. මුලින්ම ඉගෙනගෙන ප්‍රතිචාර දාන්න. (නි)
ප්‍රේමදාස මහතා කිවොත් නේද හොද?(නදී)
මේක හරියට මනමාලිය නැති මගුල් ගෙයක් වගෙයි. මෙය කුරිරු යුද්ධය වෙනුවෙන් දිවි පිදු, තම අත් පා, ඇස් පූජා කළ රණවිරුවන්ට ඔවුන්ගේ දරු පවුල් ශක්තිමත් කර ගැනීමට අත්වැලක් සපයන දිනයක් කර ගනිමු. (නි)