විජය කුමාරතුංග කලාකරුවාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය සියලු දෙනාට ආදර්ශයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විජය ජන්ම දින සැමරුම් උත්සවයේදී පැවසීය.
විජය කුමාරතුංග නාමය ලාංකීය ජනතාවගේ සිත්තුළින් ඈත් කළ නොහැකි බව කී ඇමැතිවරයා ඔහු කිසිවිටෙක ප්‍රතිපත්තිවලින් බැහැර වූ පුද්ගලයකු නොවන බවත් අවංකව ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු දුර්ලභ ඝනයේ පුද්ලයකු බවත් ඇමතිවරයා කීවේය.
විජය කුමාරතුංග අනුස්මරණ සහෘද සංසදය සංවිධාන කළ විජය 70 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. සැමරුම් උත්සවය ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණි.
ප්‍රධාන සමරු දේශනය ප්‍රවීණ කලාකරු සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා පැවැත්වීය. විජය කුමාරතුංග ගායනය කළ දුර්ලභ ගීත එකතුවක් මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජය යනු මිනිසුන් ඉක්මවා ගිය මිනිසෙක් (ම)
මිනිසුන්ට කිසිදා විජය අමතක නොවුනත් කලාකරුවන්ටනම් අමතක වෙලා වගේ . (බ)
විජය බැලුවේ උතුරට ෆෙඩරල් පාලනයක් අරන් දෙන්ට, එයාගේ නෝනත් යුද්දය හරියට කරාය (බ)
විජය යනු අමරණීය කෙනෙක් (නි)
නියම මානව හිතවාදියා (බ)