ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ජනප‍්‍රිය නළුවකු හා පසුකාලීනව දේශපාලනයට  අවතීර්ණවී ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමිවී ශ්‍රී ලංකා දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පෙරළිකාර චරිතයකට පණ දෙමින් සිටියදී නාදුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකට ලක්වී ජීවිතයෙන් සමුගත් විජය කුමාරතුංග සිහිපත් කර ‘විජය උපහාර ගී‘ ප‍්‍රසංගයක් මාර්තු 16 වැනි ඉරුදින පහත දැක්වෙන ස්ථානයේදි පැවැත්වේ.

එදිනට දේශයෙන් දේශය බලා මේ දිනවල පැරීසියට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ එදා ජනප‍්‍රිය ගායිකාවක් වු රූපා ඉන්දුමති, විජය උපහාර ගී ගැයිමට නයමිතය. පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ ඡායා වෛයිබ්‍රේෂන් කණ්ඩායම සංගීතය සපයයි .මෙම සැඳෑව ප‍්‍රංශයේ ශ්‍රී ලංකා කලා කවයේ ඉදිරිපත් කිරීමකි.