වෙරෝනා නුවර තම ගුවන් ටිකට්පත් ආයතනයෙන් ටිකට් පත් නිකුත් කිරීමේ දී ගණුදෙනුකරුවන් අපහසුතාවයට පත්ව ඇත්නම් තම මිලානෝ කාර්යාලය හරහා මුදල් ආපසු දෙන බවත් වංචාව කළ සේවිකාවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් මිහින් ටුවර්ස් හි කිමිකරුවකු වන මහින්ද දේශප්‍රිය මහතා එසැණට පැවසිය.
මිලානෝ සංචාරක වෙළද ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී ආපසු පැමිණි පසු තමා දින කිහිපයක් අසනීප වීමත් නිසා ආයතනයට නොපැමිණි බවත් ඔහු පවසයි.
දැනට එම සේවිකාව සොයා ගැනීමට නොහැකි බව කියන දේශප්‍රිය මහතා ඇය පිළිබඳව තිබූ විශ්වාසය නිසා තම ආයතනයට මෙම ගැටළුවට මුහුණදීමට සිදුවූ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනම මේ වංචාවන් සිදුවෙනවා මුදල් ගන්නවා බිල් පත් නැහැ මෙම කාන්තාවන් පත් කරන්නේ සුදුසු කම් බලලද එහෙම නැතිනම් ඇමති වරුන්ගේ උවමනාටවටද රජයේ පරිපාලන සේවයේ නිලදරුවන් බැරිද ? උපාදි දාරීන් පත් කරන්න බැරි ඉන්ග්‍රීසි බැරි නිසා නම් ඒවා උගන්නන පුළුවන් නීතය කඩා වැටුනොත් උගත් මද්‍යස්ත ඡන්ද වෙනත් තේරීමක් සිදුකරාවී.(නදී)
දැන් මේ වංචාව කල ගෑනු කෙනත් ලංකාවේ කෙනෙක් ද ? එහෙම නම් ඉතින් කොහොමටත් හොයා ගන්න බැරි වේවි. (දිල්)
ඕව බොරු පාඩුව අපිටිටයි. ඒ අයගේ උත්තර තමයි මම හිටියේ නැහැ සේවකයා එහෙම කරා. මුදල් වලට යටවෙන කල නීතියට කුමක් වෙයිද. අපි කෙසේ රට විරුවන් වෙම්ද.(නදී)
මේවගේ වංචා අද ඊයේ නෙමෙයි දන්නා කාලයේ සිට පැවත එනවා . අඩු මුදලට ටිකට් ගන්න ගිය අයට තමයි මේවගේ දේවල් වෙන්නේ. හොද තැනකින් ටිකට් ගන්න.(නදී)
මේ ටිකට් අවලංගු ටිකට් පත් නිසා මගීන්ගේ ගමන් කඩාකප්පල් වීමේදී සිදු උන ආර්ථික සහ මානසික පිඩනයටත් ඔබ තුමා වන්දි ගෙවනවද? සේවිකාවගේ නම කුමක්ද?ජෙර්මනියේ නම් ඔය වගේ වැඩ කරලා බේරෙන්න අමාරුයි (අ)
ඔය ඔක්කොම බොරු කතා , ලංකාවේ අය දැන් ටිකට් හොරකමට හුරුවෙලා. (අ)
එතකොට ගුවන් මගියාට ඇතිවූ අපහසු තාවය සහ පාඩුව මුදල් අපාසු ගෙවීමෙන් ලබාගත හැකි ද ? (අ)
මහින්ද මහත්තයෝ මිලානෝ සංචාරක වෙළද ප්‍රවර්ධන තිබුනේ පෙබරවාරි 13 - 14 , මේ ප්‍රශ්නේ වුනේ 22 සෙනසුරාද ඉදලා . කාටද මේ බොරු කියන්නේ? (අ)
දැන් තියෙන හොදම සහ ලාභම ක්‍රමය අන්තර්ජාලය හරහා ගුවන් ටිකට් පත් මිලයට ගැනීමයි.නුදුරු අනාගතයේදී ගුවන් ටිකට් පත් අලවි කරන ආයතන වසා දැමීමට සිදු වෙනවා.(අ)
වංචාවක් සිදුවී ඇත්නම් .. ??? ඒ කියන්නේ අර එයාර්පෝර්ට් වල රස්තියාදු වුන අහිංසක මිනිස්සුද වංචා කරලා තියෙන්නේ? (අ)
ගුවන් ටිකට් පත් විකුණන ආයතන වලට දැන් පහසුකම් තියෙනවා ඕනෑම ගුවන් සේවයක ටිකට් පත් මුදල් ගෙවූ පසු එවේලේම නිකුත් කිරීමේ හැකියාව.ටිකට් පත් මිලදී ගන්නන්ගේ නොදැනුවත් කම නිසා සේවිකාව මේ වංචාව සිදු කොට ඇත.මීට දශක දෙකකට පමණ පෙර මුදල් ගෙවූ පසු සතියක පමණ කාලයක් ගතවේ මගියා හට ගුවන් ටිකට් පත ලැබීමට.කෙනෙකු ගුවන් ටිකට් පතක් මිලදී ගන්නවා නම් මුදල් ගෙවූ පසු එවේලේම ටිකට් පත ඉල්ලා සිටින්න.එවිට මෙවැනි වංචාවන් කිරීමට අපහසුයි.(අ)