නව නීතිපති යටතේ වංචා දූෂණ සම්බන්ධයෙන් කැරෙන පරීක්ෂණ කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
“අප පසුගිය වසරේ ජනවාරි 08 වැනිදාට පසු, ඉකුත් රජය යටතේ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණ සෙවීමට ඒකරාශී වුණා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පරීක්ෂණ කරන ආයතනවලට සහාය වුණා. අප එහෙම කළේ සාධරණ සමාජයක්, යුක්තිගරුක සමාජයක් නිදහස් හා නීතිගරුක රටක් ගොඩනැගීමටයි.
රාජපක්ෂ පාලනය කාලය ගජමිතුරන් ද කළ වංචා දූෂණ හෙළි කිරීමටත් වැරදිකරුවන් නීතිය හමුවීමට පැමිණවීමත් අපේ අරමුණක් වුණා. දූෂිතයන් රකින දූෂණ කි‍්‍රයාමාර්ගයට මේ ආණ්ඩුව සහය නොදෙයි කියා අපි හිතනවා.”



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හාමුදුරුවනේ, දූෂණයට විරුද්ධ වුණ ඔබ වහන්සේලා මුලින්ම අර මහ බැංකුවේ සිද්ධවුණු මහා මංකොල්ලය යට ගහන්න නොදී ඉක්මනට පරීක්ෂණ කරවලා වැරදි කරපු අයට දඬුවම් ලබා දෙන්නකෝ. එතකොටනේ ඔබ වහන්සේලා ඇත්තටම දූෂණවිරෝධී කියලා පෙනෙන්නේ. (නි)
එතකොට අර මහ බැංකුවේ සිද්ධියේ ලිපි ගොනුවත් ඇති මගෙ හිතේ. (නි)
හරියටම හරි (නි)
හාමුදුරුවො දේශනා කරන දේ සමහර අයට වැටහිලා නැහැ. උන්වහන්සේ කියන්නෙ ඉකුත් රජය යටතේ සිදුවූ වන්චා සහ දූශන හොයන්න කියලා මිසක් වත්මන් රජය යටතේ සිදුවන වංචා සහ දූශන හොයන්න කියලා වත් ඒවා නතර කරන්න කියල වත් නෙවෙයි. (ර)
මේකත් හරියට චන්ද්‍රිකා 1994 දහසක් පොරොන්දු දීල අවා වගේ තම දැන් ෙෙමත්‍රීම කියනවා මහින්දලව මමයි හිරේ නොදම නතර කරලා තියෙන්නේ කියල එතකොට උන් මංකොල්ල කාපු මහජන මුදල් මුළු රටම ණය සාගරයක ගිල්වල අමතක කරන්නද හදන්නේ? මඩුවලිගෙන් තලන්න ඕන කාටද කියල හිතල බලන්න කියල අපි ඔය හැම එකාටම කියනවා (අ)
හොරුන් අල්ලා දඬුවම් දෙන්න, පවුල් සංස්ථාවේ වංචා හෙළිදරවු කරන්න, සුඛෝපබෝගී ජීවිත ගතකිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් ලැබුනේ කොහෙන්ද කියා හොයා බලන්න..... මේ වගේ දහසකුත් එකක් ප්‍රතිපත්ති ප්‍රකාශන පහුගිය ඡන්ද වේදිකා වලින් අහන්න ලැබුණා. මහජනතාව ඒවාට ඇහුම්කන් දීලා, ඒවා අනුමත කරලා දුෂිත පාලනය දොට්ට දමා යහපාලනයක් පත්කර ගත්තා. පොරොන්දු තවම පෙනෙන තරමට ඉටුවෙලා නැහැ. (නි)
අතුලගේ අදහස මමද අනුමත කරමි. යහපාලනයක් අවශ්‍ය නම් තරාතිරම නොබලා, හැඳුනුම්කම් නොබලා, නීතිය සැමට එකම අයුරින් ක්‍රියාත්මක කළයුතුයි. රට බේරාගැනීම , යුද්ධය ජයගැනීම නිසා යමකුට කළ ඕනෑම වරදකට, හොරකම් වලට සමාව දෙනවා නම් එතන තිබෙන නීතිය කුමක්ද? මෙය නීතිය යන වදන පවා විකෘති කිරීමකි. (නි)
හොරු අල්ලන්නේ නැත්තේ සමහරුන්ගේ කිල්ලෝට වල හුණු තිබෙන නිසා වෙන්න ඇති (නි)
මහජන මුදල් හොරකම් කළ අයට නිසි දඬුවම් දියයුතුයි. හොරකම් කළ මුදල් වහාම ආපසු ලබාගත යුතුයි. වැරදිකරුවන්ගේ දේපල රජයට පවරාගත යුතුයි. (නි)
බොහොම වටිනා කතාවක් (නි)
මහා බැංකු වංචාව පළමුව ගෙන යහ පාලනය පෙන්වන්න. (බ)