නව නීතිපති යටතේ වංචා දූෂණ සම්බන්ධයෙන් කැරෙන පරීක්ෂණ කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
“අප පසුගිය වසරේ ජනවාරි 08 වැනිදාට පසු, ඉකුත් රජය යටතේ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණ සෙවීමට ඒකරාශී වුණා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පරීක්ෂණ කරන ආයතනවලට සහාය වුණා. අප එහෙම කළේ සාධරණ සමාජයක්, යුක්තිගරුක සමාජයක් නිදහස් හා නීතිගරුක රටක් ගොඩනැගීමටයි.
රාජපක්ෂ පාලනය කාලය ගජමිතුරන් ද කළ වංචා දූෂණ හෙළි කිරීමටත් වැරදිකරුවන් නීතිය හමුවීමට පැමිණවීමත් අපේ අරමුණක් වුණා. දූෂිතයන් රකින දූෂණ කි‍්‍රයාමාර්ගයට මේ ආණ්ඩුව සහය නොදෙයි කියා අපි හිතනවා.”
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වංචා දූෂණ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕනෑ
දහම් Wednesday, 24 February 2016 01:01 PM
ඉතින් හාමුදුරුවනේ, දූෂණයට විරුද්ධ වුණ ඔබ වහන්සේලා මුලින්ම අර මහ බැංකුවේ සිද්ධවුණු මහා මංකොල්ලය යට ගහන්න නොදී ඉක්මනට පරීක්ෂණ කරවලා වැරදි කරපු අයට දඬුවම් ලබා දෙන්නකෝ. එතකොටනේ ඔබ වහන්සේලා ඇත්තටම දූෂණවිරෝධී කියලා පෙනෙන්නේ. (නි)
දිනේෂ් Wednesday, 24 February 2016 01:12 PM
එතකොට අර මහ බැංකුවේ සිද්ධියේ ලිපි ගොනුවත් ඇති මගෙ හිතේ. (නි)
යොහාන් Wednesday, 24 February 2016 01:41 PM
හරියටම හරි (නි)
ජයරත්න Thursday, 25 February 2016 06:22 AM
හාමුදුරුවො දේශනා කරන දේ සමහර අයට වැටහිලා නැහැ. උන්වහන්සේ කියන්නෙ ඉකුත් රජය යටතේ සිදුවූ වන්චා සහ දූශන හොයන්න කියලා මිසක් වත්මන් රජය යටතේ සිදුවන වංචා සහ දූශන හොයන්න කියලා වත් ඒවා නතර කරන්න කියල වත් නෙවෙයි. (ර)
අතුල Wednesday, 24 February 2016 06:09 PM
මේකත් හරියට චන්ද්‍රිකා 1994 දහසක් පොරොන්දු දීල අවා වගේ තම දැන් ෙෙමත්‍රීම කියනවා මහින්දලව මමයි හිරේ නොදම නතර කරලා තියෙන්නේ කියල එතකොට උන් මංකොල්ල කාපු මහජන මුදල් මුළු රටම ණය සාගරයක ගිල්වල අමතක කරන්නද හදන්නේ? මඩුවලිගෙන් තලන්න ඕන කාටද කියල හිතල බලන්න කියල අපි ඔය හැම එකාටම කියනවා (අ)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 24 February 2016 07:59 PM
හොරුන් අල්ලා දඬුවම් දෙන්න, පවුල් සංස්ථාවේ වංචා හෙළිදරවු කරන්න, සුඛෝපබෝගී ජීවිත ගතකිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් ලැබුනේ කොහෙන්ද කියා හොයා බලන්න..... මේ වගේ දහසකුත් එකක් ප්‍රතිපත්ති ප්‍රකාශන පහුගිය ඡන්ද වේදිකා වලින් අහන්න ලැබුණා. මහජනතාව ඒවාට ඇහුම්කන් දීලා, ඒවා අනුමත කරලා දුෂිත පාලනය දොට්ට දමා යහපාලනයක් පත්කර ගත්තා. පොරොන්දු තවම පෙනෙන තරමට ඉටුවෙලා නැහැ. (නි)
ගාමිණී Wednesday, 24 February 2016 10:17 PM
අතුලගේ අදහස මමද අනුමත කරමි. යහපාලනයක් අවශ්‍ය නම් තරාතිරම නොබලා, හැඳුනුම්කම් නොබලා, නීතිය සැමට එකම අයුරින් ක්‍රියාත්මක කළයුතුයි. රට බේරාගැනීම , යුද්ධය ජයගැනීම නිසා යමකුට කළ ඕනෑම වරදකට, හොරකම් වලට සමාව දෙනවා නම් එතන තිබෙන නීතිය කුමක්ද? මෙය නීතිය යන වදන පවා විකෘති කිරීමකි. (නි)
ඉන්ද්‍රජිත් Thursday, 25 February 2016 12:04 AM
හොරු අල්ලන්නේ නැත්තේ සමහරුන්ගේ කිල්ලෝට වල හුණු තිබෙන නිසා වෙන්න ඇති (නි)
රොකී Thursday, 25 February 2016 01:37 AM
මහජන මුදල් හොරකම් කළ අයට නිසි දඬුවම් දියයුතුයි. හොරකම් කළ මුදල් වහාම ආපසු ලබාගත යුතුයි. වැරදිකරුවන්ගේ දේපල රජයට පවරාගත යුතුයි. (නි)
චමල්කා Thursday, 25 February 2016 02:51 AM
බොහොම වටිනා කතාවක් (නි)
කලණි විතානගේ Thursday, 25 February 2016 03:34 AM
මහා බැංකු වංචාව පළමුව ගෙන යහ පාලනය පෙන්වන්න. (බ)