යහපාලන රජයට වසරක ආර්ථික සැලැස්මක්වත් හදාගන්නට බැරි නිසා නොවැම්බර් අයවැයට පෙර ජනතාවට අසීමිත ලෙස බදු බර පැටවීමට වැට් බදු පනත සම්මත කර ගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවැසිය.
මහනුවර බෝගම්බර ක්‍රිඩාංගණයේ පැවැති “ හෙට දිනය අපෙයි - හෙට දින සමාජවාදයයි‘ යන තේමාව යටතේ පැවැති චේ සැමරුම් උත්සවය අමතමින් එසේ කී මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘‘පාර්ලිමේන්තුවෙදි මම ඇහුව රවි කරුණානායක ඇමැතිගෙන් මේ බද්දෙන් මේ මාස දෙකට ජනතාවගෙන් කොච්චර බදු මුදලක් අය කරගන්න බලාපොරොත්තු වෙනවද කියල. ඔහු කිවුවා මේ මාස දෙකට කෝටි 180 ක් උපයා ගන්න බලාපොරොත්තු වෙනවා කියල. හැබැයි ඇමැතිවරුන්ට අලුත් වාහන ගෙන්වන්න කෝටි 118 ක් වැය කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට අලුතින් වාහන දෙකක් ගෙන්වන්න කෝටි 30 ක් වෙන් කළා. දෙකේ එකතුව කෝටි 148 ක්. ඔය ෆෝන්සේකගෙ දුමින්දගෙ කාර්‍යාල දෙක නතර කළානම් කෝටි 180 හොයා ගන්න තිබ්බා. ඒගොල්ලන්ගෙ නාස්ති කාර වියදම් මහජනයා ඉදිරියේ නාස්ති කරන්න ජනතාවට අසීමිත ලෙස බදු ගහනව මේක හොඳ වැඩක්ද ?‘‘
‘‘රටේ දුෂණ වංචා කරපු සේරම දැන් රට. ඒවට දඩුවම් දෙන්න හදපු ආයතන වලට වැඩක් නෑ. මේ රජය දූෂණ වංචාවන් ඔප්පු වෙලා තියෙද්දිත් කිසිදු දඩුවමක් දෙන්නෑ. ඒවට සම්බන්ධ ඔක්කොම රට. ඒ නිසා මේ තරුණ පෙළ මේ රජය පන්නා දැමිමට එකා මෙන් පෙළ ගැසිය යුතුයි‘‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට වෙන විකල්පයක් නොමැත ජ වී පෙ හැර (බ)
පාට කන්නාඩි දාගන ඉන්න අපේ හැත්තට මේවා තේරුම් කරලා දෙන්න අමරුයි (බ)
කවුරු ආවත් ඔය ටිකම තමා. ඒනකන් සාන්තුවරයෝ අාවහම සම්පුර්ණයෙන් වෙනස් (බ)
කෝටි එකසිය අසුවනම් එක මිනිහෙකුට අව්රුද්දටම රුපියල් දෙසීයනේ . අනුරට විමල්ට වගේ ගණන් වරදිනවද ? (බ)
වැට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මාස දෙකකට පමණක් මුදල් උපයා ගන්න නෙමෙයි. මුල් මාස දෙක වාහන ගෙන්වන සල්ලි වලින් හොයාගත්තත් ඊට පස්සේ මොකද කරන්නේ (බ)
පව්නෙ......මෙයාලව බලයට ගෙන්න කඩේ යන්නේ නැතිව තනියම ඡන්දෙ ඉල්ලලන්න තිබුනනේ. (බ)
රතු අලි කියන ඒවා අද මිනිසුන්ට වි්ශ්වාස නැහැ (බ)
ජවිපෙට මිනිස්සු කැමති වුනාට ඡන්දය දෙන්නේ නිල් කොළ විතරයි. ඒක වෙනස් කරනන් ශක්තිමක් වැඩපිලිවෙලක් ඉක්මණින් හැදිය යුතුයි ඔබලා (ම)