විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ගත වූ මාස පහේදී ව්‍යාජ ඒජන්සි සම්බන්ධ වැටලීම් 56ක් සිදුකර ඇතැයි ද, පීඩාවට පත්වූවන්ට රුපියල් ලක්ෂ 560ක වන්දි ලබා දී ඇතැයි ද එම කාර්යංශය කියයි.
විශේෂ විමර්ශන ඒකකය මඟින් සිදු කර ඇති ඝෘජු වැටලීම් සංඛ්‍යාව 44ක් වන අතර, කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයෙන් විමර්ශනය සඳහා යොමුකරන ලද වැටලීම් සංඛ්‍යාව 12කි. මෙහිදී කාර්යාංශයේ නීති අංශය ම`ගින් අධිකරණයට නඩු 50ක් යොමුකොට තිබේ.
නීතිවිරෝධි රැකියා නියෝජිතායතන පවත්වාගෙන යාම, අඩු වයස් කාන්තාවන් විදේශ ගතකිරීමට උත්සහ කිරීම, විදෙස් රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රැකියා ලබා නොදීම, ව්‍යාජ ලේඛන සකස් කිරීම යන විවිධ ආකාරයේ චෝදනා සඳහා මෙම නඩු පවරා ඇත.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ පූර්ණ අධීකෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ කළමණාකරු සහකාර පොලිස් අධිකාරී චින්තක ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම් කටයුතු සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ මේවා කළේ නැහැ නේද? අර එකල වුණ මහා පරිමාණ හොරකම් වලට මොකද වුණේ? වැරදිකාරුවන්ට දඬුවම් දුන්නද? (නි)
මොනතරම් සල්ලියක් ගැවසෙන තැනක්ද? ඒකාලේ කළේ අසරණ අපේ තුට්ටු දෙක ගසාකන්න නීති හදපු එක විතරයි. (නි)
මාස පහේදී ලක්ෂ 560ක් නම් මේ ගැන වගකීම තිබුනු හිටපු නිලධාරින් මොකද කරලා තිබුනේ? ඇයි ඇල්ලුවේ නැත්තේ? අල්ලලත් නැවතත් හොර ඒජන්සිකරුවන්ව නිදහස් කළාද? (නි)
රට යන අහිංසකයින්ගෙන් රක්ෂණයයි, අරකයි මේකයි කියලා සල්ලි කඩාගන්න නීති හද හදා හිටියා මිසක් හොර ඒජන්සිකාරයො අල්ලන්න ඒ කාලේ කවුරුත් හිටියේ නැහැ. (නි)
ටිවි එකට විත් කවුදෝ මහත්තයෙක් කිව්වා අපි අසාදු ලේඛණගත කරනවා, නැවතත් වරද නිවැරදි කළහම අසාදු ලේඛනයෙන් එ්ජනසිකරුවන්ව අයින් කරනවා කියලා. මේක හිනායන කතාවක් අපිට. ඒජන්සිකරුවො බබාලා නෙමෙයිනේ. වැරැද්දක් කළානම් ඒජන්සිය අයින්ම කරලා දාන්න ඕනෑ. (නි)
අල්ලපු හොර ඒජන්සිකරුවන්ගෙ බලපත්‍ර අහෝසි කරනවද? නැත්නම් දඩය ගෙව්වට පස්සේ අනේ ආයෙත් මෙහෙම කරන්න එපා කියලා ආපහු බලපත්‍රය දෙනවද? (නි)
ගොඩක් සතුටුයි. (හේ)
ගොඩක් සතුටුයි.(හේ)
නීතිවිරෝධී රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යාම, අඩු වයස් කාන්තාවන් විදේශ ගතකිරීමට, විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රැකියා ලබා නොදීම, ව්‍යාජ ලේඛන සකස් කිරීම යන වැරදි වලට දඩ ගෙව්වට පස්සෙ නැවත ඒජන්සි කරගෙන යන්න දෙනවද? (නි)
අසාදු ලේඛණගත කරලා, නැවතත් වරද නිවැරදි කළහම අසාදු ලේඛනයෙන් එ්ජනසිකරුවන්ව අයින් කරන එකත් ඒ හැටි හරියන වැඩක් නෙමෙයි වගෙයි පෙනෙන්නේ (නි)
කලින් මේවට සම්බන්ධව වැඩ කළ අය මොනවද කරලා තියෙන්නේ කියලත් ඇමතිතුමිය හොයලා බලන්න වටිනවා. (නි)
එ්ජනසිකරුවන් තොත්ත බබාලා. ඔවුන් කරන්නේ දඩය කොහොම හරි ෂේප් කරගෙන නැවත පුරුදු හොර වැඩ ටික කරගෙන යන එකයි. මේක තේරෙන්නෙ නැත්තේ ඇයි අදාළ අයට (නි)