දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන විට දකුණේ සිංහල නායකයින් එය ජාතිවාදය ලෙස දැකීම කනගාටුදායක කරුණක් බව උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය
එම ජාතිවාදය පදනම් කරගෙන තම ජීවිතය පවා නැති කිරීමට ඔවුන් උත්සහ දරන්නේ යැයිද හෙතෙම චෝදනා කළේය
යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකුද වන එන්.තිරුනාකරසු මහතා විසින් රචිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (ඩොනමෝර් පටන් යෝජිත සිරිසේන ව්‍යවස්ථාව (1931-2016) ග්‍රන්ථය එළිදැකිවීමේ උත්සවය යාපනයේදී පැවති අතර මෙම උත්සවය වෙනුවෙන් යවන ලද සුබ පැතුම් පණිවුඩයේ මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.
“දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබදව එනම් ඔවුන්ගේ පාරම්පරික නිජබිමේ පදිංචි වීමත් එහි කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමත් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමට පියවර ගැනීමත් හමුදා බලපෑම්වලින් තොරව නිදහසේ ජීවත් වීමටත් කරන සටන් හා ඉල්ලීම් සිංහල නායකයින් වැරදි ලෙස අර්ථ කථනය කරමින් ජාතිවාදය ඇවිළ වීමට උත්සහ දරනවා.“
“ඔවුන් එසේ කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන දෙමළ දේශපාලකයින් සිරගත කළ යුතුයි. හඬ නඟන දෙමළ ජනතාව ඉන්දියාවට පළවා හැරිය යුතුයි යැයි සමහර සිංහල දේශපාලකයින් ප්‍රකාශ කරමින් සිටිනවා.“
එබැවින් ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම දෙමළ ජනතාව ජාති කුලභේදයකින් තොරව උතුරු නැගෙනහිර කොළඔ වතුකරය යන භේදයෙන් තොරව දෙමළ ජනතාවගේ අයිතීය වෙනුවෙන් හඬ නැඟිය යුතු කාලය එළඹ ඇති බවද විග්නේෂ්වරන් මහතා එම ලිපියේ සදහන් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසට කාරණා අපට අවශ්‍ය නොවේ (නි)
කරුණාකර මේ රටේ බලධාරින් ඉදිරියට විත් ඉඩම් නිවාස නැති සිංහල පවුල් උතුරේ සහ නැගෙනහිර විශාල වශයෙන් පදිංචි කළයුතු කාලය පැමිණ ඇත (නි)
නිදහසට කරුණු කිවුවා කියලා අපි රැවටෙන්නේ නැහැ (නි)
අපි කියනවා තේසවලාම නීතිය නැති කරන්න කියලා. නැත්නම්, දකුණේ දෙමළ ජනතාව උතුරට එවනවා (නි)
"කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනා" (නි)
දේශපාලන පක්ෂයකින් තොරව ජාතියේ නාමයෙන් සිංහල නායකයෙක් බිහිවේවා! නොමැතිනම් අපට රටක් හෝ ජාතියක් ඉතිරිවන්නේ නැත. අනේ මාධ්‍යකරුවනි, ඔබ පෙරමුණ ගන්න. (නි)
ශ්රී ලංකාවේ ඉපදුන කාගේත් නිජබිම ශ්‍රී ලංකාවයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාවාසී ඕනෑ කෙනෙකුට ඕනෑම තැනක ජීවත්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තියන නිසා කවුරුත් ඒ ගැන කලබල වෙන්න ඕනෑ නැහැ. කවුද ඔය උතුර දකුණ කියලා වෙන්කළේ එකම රටක. අායෙත් සැරයක් මඩේ වැටුනා නේද? (නි)
භද්‍රානි, උතුරට ගිහිල්ලා තියෙනවද? යන්න අවස්ථාවක් හම්බවුණොත් පාරේ අයිනේ තියෙන හමුදා මුරපොලක් ළඟ නවත්වන්න. එහි ඉන්න රණවිරුවෙකුට කතා කරන්න පෞද්ගලික මට්ටමින්. උතුරේ බහුතරයකගේ ආකල්ප, දැනගත හැකිවේවි. ඔවුන්ව තවමත් මෙහෙයවන්නේ කවුද යන්න ඔබට සක්සුදක් සේ පැහැදිලි වේවි. මේ ප්‍රශ්නයට එකම දිගුකාලීන විසදුම අනෙක් ජාතින් පදිංචි කරවීමමයි (නි)
පළමුව අපට කියන්න කවුද ඔබලාට උතුරු නැගෙනහිර ඔබගේ නිජබිම කියලා ලියාදුන්නේ කියලා. ලංකාව පළාත් 9කට සුද්දා බෙදන්න කලින් ඔබගේ නිජබිම මොකක්ද. අනික තාවකාලිකව සිංහල රටේ සිටිය සුද්දා නැවත අපේ බිම බාරදෙනවිට එය බෙදා වෙන්කිරීමට සුද්දාට නැති, ඔබට ඇති අයිතිය මොකක්ද. (නි)
අන්තිමේදී මේවායින් වෙන්නේ රටේ නැති ප්‍රශ්න ඇතිවෙන එක (නි)
මෙයා නැවත කොළඹ පදිංචියට එන්නේ නැති බව මට හිතෙනවා (නි)
දෙමල ජනතාවට උතුර, නැගෙනහිර, දකුණ සහ කදුරට හැම ප්‍රදේශයකම ජීවත් වෙන්න පුළුවන්. සිංහල ජනතාවට උතුරේ ජීවත්වෙන්න බැහැ. (හේ)
බුදුපිළිම කඩද්දී කොහෙද දන්නෙ නැහැ හිටියේ? (නි)
දැන් ඉතින් වැඩක් නෑ.(හේ)
ගිනි අවිය අමෝරා ගෙන ත්‍රස්තවාදියා පැමිණීමට පෙර, එම ත්‍රස්තවාදියාව නිර්මාණය කිරීමට උත්සහ කරන අපුද්ගලයින් මේ සමාජයෙන් තුරන් කල යුතුයි. නැතිනම් ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි. (හේ)
"ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ", කියල සිංහල අපි කියනවා.(හේ)
රට තුල එකම නීතියක් පැවතිය යුතුය. සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන්නම් වෙන් වෙන් වශයෙන් උඩරට හෝ තේසවලාමේ නීති ලෙස පවතින නීති ක්‍රම වල ඇති ජාතිවාදී ගැටළු නිර්මාණය කරවන ප්‍රතිපාදන ඉවත් කිරීමට නීති අංශ කටයුතු කල යුතුයි. දමිල ජනයාට පමණක් ලෙස උතුරේ ඉඩම් වල කටයුතු කිරීම වැනි ප්‍රතිපාදන වෙනස් කිරීමට කාලය එලබ ඇත.(ම)
උතුරේ බල්ලෙක් බිරුවත් එයින් දේශපාලන වාසියක් ගන්න බලා සිටින දකුණේ විග්නේශ්වරන් වර්ගයේ සමහර පුද්ගලයින් මොහු මේ කල ක්‍රියාවෙන් අමුතු තාවකාලික වින්දනයක් ලබන බව අපිට දකින්නට තිබෙනවා. නමුත් උතුරේ බුද්ධිමත් දේශපාලකයින් හා බුද්ධිමත් ජනතාව මේ පුද්ගලයාගේ අන්තවාදී ක්‍රියාව අනුමත නොකරන බවත් අපි දන්නවා. මේ අන්තවාදය වපුරන පුද්ගලයා ගැන ගරු, ජනාධිපති තුමා, අගමැති තුමා ඉක්මනින් දැඩි පියවරක් ගනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. (ර)
භද්‍රානි හිනෙන්ද? (ර)
නඩුකාරයෙක් වුණත් පසුකාලයක වැරදිකාරයෙක් වුණොත් ඔහුට දඬුවම් දියයුතුයි (නි)
ඔය කියන සංහිඳියාව උතුරේ සිංහලයන්ට කෝ? දකුණේ දෙමළ අයට නම් තියෙනවා. (නි)