“විග්නේෂ්වරන් මහත්තයා එයාගේ පක්ෂය කියන දේත් කරන්නේ නැහැ.එතුමා රටේ ඉතාම හොඳ ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරයෙක් විදියට අධීකරණයේ හිටපු කෙනෙක්.අහම්බෙන් දේශපාලනයට ආවේ.නමුත් මේ රටේ සිංහල,බෞද්ධ,දෙමළ,මුස්ලිම් සියලු දෙනාම එකම සහෝදර බැම්මකින් ජීවත් වෙනකොට එතුමා වෙන දෙයක් කතා කරන්න හදනවා. එය කාගේ උවමනාවට කළත් ඒ වගේ වැඩට යහපාලන ආණ්ඩුවේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ගෙන්වත්, අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන්වත් කිසිම ඉඩක් නැහැ. සමහර වෙලාවට එතුමා වෙන වෙන අයගේ උවමනාවන්ට න්‍යාය පත්‍රයට වැඩ කරන්න ගිහිල්ලා ජාතිවාදයක් රටේ අවුස්සන්න ගිහිල්ලා සමහර වෙලාවට එයාට ඉක්මනට ගෙදර යන්න වෙයි ”විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එසේ ප්‍රකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ රත්නපුර පැවති අඩු ආදායම් ලාභීන් උදෙසා සිමෙන්ති බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ විග්නේශ්වරන් ගේ හොද කියනවා නෙවෙයි, අඩු ගානේ ඒ මනුස්සය ජාතිවාදය අවුස්සලා හරි තමන්ගේ ජාතිය ගැන කතා කරනවා. අනිත් අය රටට ජනතාවට අනුන්ගේ කුණු අවුස්සා අවුස්සා පෙන්නනවා. කරන දෙයක් නෑ.(හේ)
මේක බද්දනේ මන්ත්‍රීවරයකුට හිමිවන විමද්‍යගත ප්රතිපදනවලිනේ .එක ආණ්ඩුපක්ෂය , විපක්ෂය හැමෝමම පොදු දෙයක්නේ .(හේ)
මෙයාට රට ඉන්න අපි ගැන බලන්න වෙලාවක් නැතිවුනාට ඊළඟ ඡන්දෙට සිමෙන්ති බෙදන්න නම් වෙලා තියෙනවා. (බ)
එ්කත් ඇත්ත තමයි.(හේ)
හාමිනේ,බය නැතුව සිමෙන්ති කොට්ට කිහිපයක් උස්සල පෙන්නන්න.එතකොට ඔය ඔලුවේ අමාරුව හොද වෙයි? (බ)
කතාව මෙලෝ රහක් නෑ..එයාව ගෙදර යවන විදිහ පොඩ්ඩක් නීතිමය පැත්තෙන් කිව්වනම්? (බ)
මගුල්ගෙදර ගිහින් වගේ හරියට අනුන්ගේ සිමෙන්ති බෙදනවා තමන්ගේ වගේ. රටට කරපු කිසිම වැඩක් නැහැ මේ නෝනලා. අනුන්ගෙන් යැපෙනවා විතරයි. (බ)
වඩුවාගේ වැඩේ මේසන් බාස්ට බාර දුන්නහම ඔහොම වෙනවා ? අර...කුණු හරුප කියපු මිනිහ සමග අප්පොච්චි කොරපු ගොන් කමේ මහත දැන් ත්රෙනවා නේද ? දේශපාලනය කියනෙන් විද්‍යාවක් එකටත් උත්පත්ති පිහිටීම සහ රාෂ්ට පාලනය ගැන දැන ගත යුතු වෙනවා .(බ)
සිමෙන්ති බෙදන ඒවාට වැඩිය අපිට වැදගත් අර විග්නේශ්වරන් කියන ජතිවාදියාට එරෙහිව වචනයක් හරි කතා කළ එකයි. ඔය දේශප්‍රේමී වාසුදේව, ඔහුගේ දුවව ඔය පවුලට දෙන්න කලින් ඔවුන් ගැන දන්නෙම නැද්ද? (බ)
හරිම සෞම්‍ය කතාවක් නේ කරලා තියෙන්නේ. බොහොම පරිස්සමින් වචන පාවිච්චි කරලා තියනවා. ඔය කියන කෙනා ඒ කාලේ මොනවද කළේ කියලත් දැන් සැකයි. ඔය විදිහට කතා කරලා හරියන්නේ නැහැ. කොන්ක්‍රීට් වගේ ශක්තිමත්ව කතා කළ යුතුයි. (බ)
බලන්නකෝ සිමෙන්ති කොට්ට පුළුන් රොදක් වගේ උස්සන හැටි. (නි)
අපේ ගෙවල් ළඟ දෙමහල් නිවසක් හදනවා නොබෝදා විශ්රාමගිය බැංකු සේවකයෙක්. එයාටත් අඩු ආදායම්ලාභීන් උදෙසා බෙදාදෙන සිමෙන්ති ලැබිලා (නි)
විග්නේෂ්වරන් නඩු අහන්නත් හොඳ නැහැ අපිට නම් (නි)
නෝනේ, වහෙන් ඔරෝ නැතුව කෙළින්ම කියන්නකෝ. වෙන වෙන අයගේ කියන්නේ කාගෙද? ජනතාව දන්නවා මේවා වෙන්නේ කොහොමද කොහෙන්ද කියලා. එනිසා කරුණාකරලා ජනතාව ගොනාට අන්දවන්න ලෑස්තිවෙන්න එපා. එහෙම වුණොත් කාගේ කාගේත් ඇත්ත හෙළිවෙයි (නි)
විග්නේශ්වරන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දිම ආණ්ඩුව නොකළොත් ජනතාවගෙන් එය කෙරේවි. ඉදිරියටටත් මේ වගේ එන අයට පාඩමක් ලෙසට. ජනතාව විඳින දුක මොවුන්ට තේරෙන්නේ නැද්ද? (නි)
ඕවා කියන්න ඕනෑ යාපනයට ගිහින්. (නි)
පහුගිය කාලේ අරවා මේවා බෙදුවා කියලා නඩු දැම්මා. එතකොට මෙයාලා බෙදන ඒවා මොන වර්ගයටද වැටෙන්නේ? (නි)
කාර්යාංශයේ ඇතුළේ වෙලා තිබුනා කිව්ව මහාපරිමාණ හොරකම් වල සමික්ෂණ වාර්තා වලට මොකද වුණේ? වැරදි කළ සහ කිරීමට අනුබල දුන් අදටත් ඒ පුටුවලම ඉන්න බව පේන ඉහළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තද? මොකද ඒ අපි දහදුක් විඳපු සල්ලි නිසා අපිට දැන ගැනිමට ඕනෑ ඒ දේවල් ඇමතිතුමියනි. (නි)
චෝදනාලත් පරණ නිලධාරින් ඒ විදියටම තියාගෙන නම් කිසිම වැඩක් සාර්ථක කරන්න බැරිවෙයි. කැලේ මාරුවුණාට කොටියගෙ පුල්ලි මාරුනොවන බවයි පැරැන්නන් කියා ඇත්තේ. (නි)
සිමෙන්ති බෙදනවට වඩා විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් තවත් යමක් කරයි, අපේ සල්ලි කාබාසිනියා කළ අයට ප්රසිදධියේ දඩුවම් ලබාදෙයි කියනවා වගේ දේවල් තමයි අපි ඇමතිනියගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමිය අපි වෙනුවෙන් යමක් කරන බව පේනවා. තව කළහැකි දේ බොහෝයි. (නි)
බෙදිල්ල නම් කවුරු කළත් හොඳ නැහැ. කළයුත්තේ ජනතාවගේ ජිවනතත්වය වැටුප් වැඩිවන ක්‍රම සෙවිම මිස පිනට දීම නෙමෙයි. හැබැයි සිල්රෙදි, ඔරලෝසු, ෆෝන් වලට වඩා ඵලදායක යමක් සිමෙන්ති කියන්නේ (නි)
විග්නේශ්වරන් රටේ ඉතාම හොඳ ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරයෙක් නම් කොහොමද සමහර වෙලාවට එතුමා වෙන වෙන අයගේ උවමනාවන්ට න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ. එහෙමනම් එ් කාලෙත් වැඩකරලා තිබෙන්නේ වෙන වෙන අයගේ උවමනාවන්ට වෙන්න ඕනෑනේ. (නි)
සිල්රෙදී බෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් නම් සිමෙන්ති බෙදීම කොහොමද (නි)
අපේ සමහරු ගැන කියන්න තියෙන්නෙත් ඔයටිකම තමයි (නි)
ඒ මිනිස්සු අවස්ථාව එනකම් සද්ද නැතුව ඉන්නවා. (නි)
ඔබතුමා මොකටවත් හොඳ නෑ.(හේ)
නියම කතාව.(හේ)
සිල් රෙදි බෙදන්නේ ඡන්දයක් ප්‍රකාශයට පත්වෙච්ච වෙලාවක නම් ඒක නීතිවිරෝධීයි. මොකද ඒකට අරන් තියෙන්නේ ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්රයේ දියුණුවට තියෙන සල්ලි නිසා. ඒත් මේ සිමෙන්ති බෙදන්නේ විමධ්‍යගත අරමුදලෙන් නම් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
අපි වසර ගානක් මැදපෙරදිග රැකියාව කළත් පවුලේ අයට වාහනයක් අරන් දෙන්න ක්‍රමයක් නැහැ. නමුත් අපි එවන සල්ලි වලින් වැටුප් ලබන සමහර නිලධාරින් පුද්ගලික තමන් යන්නේ නිල රථයෙන් සහ නොමිලයේ ලැබෙන ඉන්ධන වලින් (නි)
සිල් රෙදි කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් සිමෙන්ති ඕනෑ ගෙයක් හදාගන්නයි. නිකන් දෙන එකට මමත් එකඟ නැහැ. නමුත් ඒ දෙකේ පොඩි වෙනසක් තියෙනවා (නි)
ඔයාලටත් යන්න වෙවී. අපිට පක්ෂ පාට වැදගත් නෑ. අපිට ඕනේ දිනාගත් රට රැකගන්න අපේ දරුවොන්ට.(හේ)
දැන් කරන වැඩ දැක්කහම හිතෙනවා හොඳ ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරයෙක්ද විය නොහැකියි කියලා හිතෙනවා අපිට (නි)