ජාතික විගණන කොමිසම බලාත්මක කෙරෙන ජාතික විගණන පනත සම්මත කිරීම වෙනුවට එහි සඳහන් බලතල කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති එන් එස් නයනකුමාර මහතා පැවැසීය.
දැනට පිහිටුවා ඇති ජාතික විගනන කොමිසම මෙම පනත සම්මත කරන තුරුබලාත්මක නොවන බවද නයන කුමාර මහතා කියයි.
විගණන පනතේ රාජ්‍ය දේපල අවභාවිතය වලක්වාලිමට ඇති අධිභාර පැනවීමේ බලතල සහ විගණකාධීපති ගේ ස්වාධීනත්වය තහවුරු කෙරෙන මූල්‍ය හා රාජ්‍ය විගණන සේවාවක් ස්ථාපිත කිරීමට අදාල පරිපාලන බලතල ඇතුළත් වගන්ති 20 කට ආසන්න ප‍්‍රමාණයක් සංශෝධනයට හෝ ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බව හෙළිවී ඇතැයි ද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන කොමිසමෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ පරිපාලන කටයුතු රජයට අභිනතව පවත්වා ගැනීමයි. එහෙම නැතුව ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම නොවෙයි. සත්‍ය තත්ත්වය නම් කොමිසමකට වඩා තනි බලාත්මක නිලධාරියෙක් සිටීම කාර්යක්ෂමයි. හොඳම උදාහරණය මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ කොමිසම එකට සසඳා බැලීමයි. මීයක් කඩන්නේ අත ලෙවකන්නද? (නි)