විගණන පනත සංශෝධනය නොකර ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නැයි කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (13) උද්ඝෝෂණයක් පැවැත්විණි.
ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සංගමය එය සංවිධානය කර තිබූ අතර එහි සභාපති එච්.එම්.හේරත් මහතා පැවසූයේ රටේ වංචාව, නාස්තිය, දූෂණය අවම කිරීමට වර්තමාන රජයේ දින සියයේ වැඩපිළිවෙළේ පොරොන්දු වුවත් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපොහොසත් වී තිබෙන බවයි. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකළහොත් වෘත්තීය සමිති සියල්ල එකතු කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරුම් ගන්න බැරි දුෂණ මර්ධනය ඉතාම වටිනා මෙහෙයක් කල හැකි රාජ්‍ය ගිණුම් විගණනය මෙහෙම කෑ ගහලා බලෙන් ඉල්ලා ගන්න ඕන එකක්ද කියන එකයි. (ර)
අල්ලස හා දුෂණ ක්‍රියා නැවත්වීමට සාක්ෂි නොමැති කම ලොකු බාදාවක්. ඒ සඳහා මේ පනත ඉතා වැදගත්. පාර්ලිමේන්තුව තුල ඉන්න සමහර දුෂිත අය මේ බව දන්නා නිසා හැම දෙයක්ම එයාලගේ අතට ගන්න හදනවා. (ර)