ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට යතියි සති අන්ත පුවත්පතකට විශේෂාංග ලිපියක් ලියූ බව කියන මාධ්‍යවේදියා එහි වගකීම බාරගෙන අද ඉල්ලා අස්විය.
මෙම ලිපිය පළ කර තිබුණේ විශේෂ ලියුම්කරුවකු ලෙසිනි.
ජවිපෙ නායකත්වය පිළිබඳ අවුලක් නැති බවත්, එම පුවත්පතේ වාර්තාව හා විශේෂාංග ලිපිය රාජපක්ෂ පවුලේ ඕනෑ කමට ලියා ඇති බවත් කියමින් ජනතා විමුක්ති පෙරමුණ පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළේය.
වගකීම බාරගෙන මාධ්‍යවේදියකු ඉල්ලා අස්වීම ඉතා විරල ක්‍රියාවක් බව මාධ්‍යවේදීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් අසන්න ලැබෙන දෙයක් (නි)
සාමාන්‍යයෙන් පුවත්පතක ප්‍රධාන කතෘ පළවන ලිපි පිළිබඳ වගකීම භාරගත යුතුයි නේද? අහිංසකයෙක් පිටට වගකීම බාරදීලා හරියන්නෙ නැහැ. (නි)
සත්‍ය කියන්නේ කවුද කියලා සමහරවිට ඉදිරියේදී එළිවෙයි.එතෙක් පොඩ්ඩක් ඉවසමු. හැබැයි මාධ්‍යවේදියාගේ ඉල්ලා අස්වීම නම් උතුම් ආදර්ශයක්. (හේ)
අනෙක් පුවත්පත් බලන්නේ නැති අය මෙතන අදහස් නොදානවා නම් හොඳයි. (නි)
උපාලි, ඔයා හරි. හැබැයි ඉතින් කොන්දක් තිබෙන සමහරුත් අස්වුණේ මේ පත්තරේම ඉඳලා මේ වගේම හේතුවකට තමයි. නමුත් මේක වෙනස් කතාවක් මට හිතෙන්නේ (නි)
බළල්ලු ලවා කොස් ඇට බාවපු අය ජන. 08 ගෙදර යව්වනේ. එයාලා වගේ අය ආයෙත් එයිද දන්නේ නැහැ. (නි)
තමන් ලිව්වෙ ඇත්තක් කියලා ඔප්පු කරන්නේ නැතුව අස්වෙන්නේ ඒකට සාක්ෂි නැති නිසා වියයුතුයි. සාක්ෂියක් නැතුව රටේ ප්‍රධාන පුවත්පතක මෙවැනි දේ පළකිරීම වැරදියි. සමන්ති කියන එකත් හරි. (නි)
අස්වුණේ ලියපු දේවල් ඇත්ත කියලා ඔප්පු කරන්න බැරි නිසාද කියලා අපි දැනගන්න කැමතියි (නි)
තමන් වරදක්කළේ නැත්නම් අස්වෙන්නේ ඇයි? තමන්ගේ රස්සාව දාලා යන්නේ කවුද නිකරුනේ? (නි)
කාගෙ කාගෙත් වැරදි ඇති. නමුත් කෙනෙකුගේ වරදක් පත්තරයක දානවා නම් මිටවඩා වගකීමෙන් වැඩකළ යුතුබව වත්මන් මාධ්‍යවේදින් දැනගන්නේ නම් වටිනවා. (නි)
අපි ජේ.වි.පි එකට මෙච්චර කල් ගරු කළා. හැබැයි දැන් අපේ ගමට නම් එන්න එපා. (නි)
නඩුකාරයෙක් තීන්දු දෙන්නේ සාක්ෂි මත වගේම පත්තර වල ලිපි පළකරන විටත් සාක්ෂි ඇතුව කළයුතුයි. නැත්නම් වෙන්නේ ඉල්ලා අස්වෙන්න තමයි (නි)
අද ඉන්න සමහර හාමුදුරුවරුත් බුදුහාමුරුවො දේශනා කළා කිය කියා දේශනා කරන්නේ තමන්ට ඕනෑ දේවල්. ඒ කියන ඒවා තමන් උපුටාගත් තැන කියන්නෙත් නැහැ. මේකත් ඒ වගේ තමයි (නි)
පාලිත, ඔයා ගරු කළා කිව්වට ජවිපෙට ගරු කර කර අනෙක් පක්ෂ දෙකෙන් එකකට ඡන්දෙ දුන්න කෙනෙක් නේද? (නි)
නිර්මාල් හරියටම හරි. රටට මෙහෙම වෙලා තියෙන්නේ ඕක නිසා තමයි (නි)
සාමාන්‍යයෙන් අපි දන්නා පරිදි පුවත්පතක අවසන් වගකීම ප්‍රධාන කතෘ සතුයි. (නි)
වැඩේ නම් වැරදියි තමයි. වන්දි ගෙවීම/සමාව ගැනීම කළයුතුයි (නි)
ඒ වුණාට අනුර කුමාරට මඩගහන වැඩේ සමහරු නම් තවම අත්හැරලා නැහැ. (නි)
අයියණ්ඩිය, ඔබ බිය නොවන්න! (නි)
ජ.වි.පෙ. දැන් දැන් ජනතාවගේ විශ්වාසය බිඳ දමනවා කියලයි මට නම් හැඟෙන්නේ (නි)
තවකෙනෙක් කියන දේ පිටපත් කිරීම මාධ්‍යවේදය නොවේ. (අ)
නිහාල්, උපාලි, අතුල, ජගත්, මම නම් හිතන්නේ ඔයගොල්ලන්ට ඕනෑ ඇත්ත කියලා එළිවෙන්න ඕනෑ දේ කවදාවත් එළිවෙන එකක් නොවෙයි. හැබැයි ඉතින් දැන් කට්ටිය කිව්වොත් අස්වුණේ තර්ජන නිසා කියලා ඒත් පුදුම වෙන්න එපා. එ්ක මේ ලංකාවේ සමහරක්ගේ සදාචාරයේ ප්‍රමාණය. (නි)
බුද්ධි, පාලිත, ඔන්න දැන් ඔයාලට අවස්ථාවක්. උත්සාහ කරන්න. ලංකාදීප ගැන අපිට තවමත් විශ්වාසයි. (නි)
ඔබ නියම පත්තරකාරයකි.කොන්ඳ කෙළින්තියාගෙන වැඩ කරන මිනිහෙක් හෙටද මෙලෙසම මහජනයාගේ පැත්තේ ඉගෙන ලියන්න.ඔබට ජය ! (අ)
පුවත්පතක අවසන් වගකීම සතු කාහටද යන්න පිළිබඳව අදින් පසුවවත් නීතියෙන් තීන්දුවක් දෙන්න. (නි)
අපි ටිකක් බලාගෙන ඉදිමු කවුද හරි කියලා. (ර)
මාධ්‍යවේදියා ඉවත්වෙන්න ලොකු හේතුවක් ඇති (නි)
මේ වගේ මාධ්‍යවේදින් හිටියා නම් අද වන විට ලංකාවේ මාධ්‍යවේදියෝ කවුරුවත් නෑ.එහෙම වුනානනම් ඇස් දෙකෙන් කන් දෙකෙන් මේ රටට කොපමණ සේවයක් මේ රටට කරන්න තිබුනද?(හේ)
මොනවා වුනත් කෙලින් වැඩ කරන මිනිහෙක්.(හේ)
ඕමාන් මෝඩයෙක්. ධම්ම කියනදේ හරි. (අ)
බුද්ධිමත් සහ සදාචාරය ගරු කරන ශිෂ්ට සම්පන්න මාධ්‍යවේදියකුගේ යුතුකම මොනයම් හෝ පුවතක් සමාජීය හෝ වේවා දේශපාලනික හෝ වේවා පලකිරීමට පෙර එම පුවත කොතරම් දුරට සත්‍යයද, නිවැරදිද, එමගින් යම් පුවතකට ( සිද්ධියකට ) සම්බන්ධ අයව කොමපමන දුරකට පීඩාවකට සහ ලජ්ජාවකට පත්කිරීමෙන් ඔවුන්ගේ ආත්ම ගරුත්වය කොමපමණ දුරකට කෙලසනවද, සහ ඔවුන්ව විශ්වාස කරන පාඨක ජනතාව කොපමණ දුරට මුලාවකට ලක්කරනවාද, නොමග යැවීමකට ලක් කරනවද කියන සාධාරණ විනිශ්චයකට පැමිණීමයි. (ම)
මෙවැනි ලිපියක් ලිවීමේ අවසානය මෙයයි. සෑම විටම ආයතන නිදහස් වේ. මෙතනදීද අදාල පුවත්පත, මාධ්‍යෙව්දියා මාර්ගයෙන් පාරිශුද්දත්වයට පත්වේ. අපිද මාධ්‍ය නිදහස අගය කරමු. නමුත්, ඔහුට මොහොතකට හෝ සිතීමට තිබිණි. මෙවැනි අතේ පත්තුවෙන ලිපියක් ලිවීම තමාගේ හෝ ආයතනයේ දෛවයට කොයිතරම් බලපායි ද කියා. (ර)
එම ලිපියෙන් පසුව ජවිපෙ වඩාත් ඒක රාශී වී ඇති බව පෙනේ. (ර)
හැමෝටම හොඳ පාඩමක්. වගකීමෙන් වැඩ කල යුතුය. (ර)
හැමෝටම හොඳ ආදර්ශයක්. (ර)
මාධ්‍ය වේදීන් වෙනුවෙන් ජවිපෙ සහ අනුර කුමාර දිසානායක තරම් පෙනීසිටි පක්ෂයක් හෝ පක්ෂ නායකයෙක් නැති තරම් . (ර)
සත්‍ය කවදා හෝ ජය ගනී... (ර)
ඉල්ලා අස්වෙන්නේ කාගේ හරි බල කිරීමකට වෙන්න බැරි නැහැ .(ර)
අපි බලන්නේ ලංකාදීප විතරයි... සමබර පුවත් දෙන්නේ ලංකාදීප ... (ර)
ලංකාදීප අපිට විස්වාසයි. අපි බලන්නෙත් ලංකාදීප. (ර)
ජනතාව වශයෙන් අපිත් මාධ්‍ය තුලින් පලවෙන ඕනෑම ප්‍රවෘත්තියක් දෙවරක් තෙවරක් නොව කිහිප සැරයක්ම කියවා බලා හොඳ අවබෝධයක් ලබා ගත යුතුය. (ම)
ඔබ විශ්වාස කරනවද මේක රඟ පෑමක් නෙමෙයි කියල? තව ටික කලකින් සත්‍යය හෙළි වේවි. (අ)
ජනතාවට තෙරතුරු ලබාදීමේදී තහවුරු නොවූ වැරදි පුවත් පලකිරිම ඉතාමත් වැරදි ක්‍රියාවක්. ජේ වී පි එකේ වැරදි කරන්න අනෙක් පක්ස වගේ ලෙහෙසි නැ. (ර)
සමහරුන්ට නම් නරක කලදසාවක් දැන් ලබා තියෙන්නේ. (නි)
ධනවාදී සමාජයක මාක්ස්වාදී පක්ෂ නායකයෙක් කොච්චර බලවත්ද? (ර)
මෙතන අදහස් දාලා තියන ගොඩක් අය මෙහි ඇත්ත මොකක්ද කියලා තාම තේරුම් අරගෙන නැහැ (නි)
මෙහෙම බැලුවම අද ඉන්න දේශපාලක කට්ටිය ගෙදර යන්න ඕනෙනේ . බලන්න ජනතාවට මොනතරම් බොරු කන්දරාවක් කියවද? ඇත්තටම මේ කෙනා ගෙදර යන්න ඔනෙ නැහැ. (ර)
තමන් අතින් සිදුවුණ වැරැද්දක් පිළිගැනීම ඉතා හොඳ ලක්ෂණයක් (නි)
මාධ්‍යවේදීයා ද්වේශයෙන් සහ ජාතිවාදයෙන් තමන්ගේ පෑන හසුරුවනවා නම් ඒක වැරදියි. නමුත් ඔය වගේ උදවිය, අඩු වැඩි වශයෙන් හැම තැනකම ඉන්නවා. (නි)
පුවත නිවැරදි නම් මාධ්‍ය වේදියා සහ පුවත් පත් ආයතනය කලයුතුව තිබුනේ ඒවෙනු වෙන් පෙනීසිට සියල්ල පාඨකයන් වෙත තහවුරු කොට පුවත් පතට තිබු පාඨක විශ්වාසය රැකගැනීමයි. (ර)
ඔය කියන පත්තරය අවුරුදු 15 කින් වත් මම බලල නැහැ . (ර)
නියම මාධ්‍යවේදියෝ බොරු කියන්නේ නැහැ. (ර)
සමහරවිට එක සහෝදරයෙක්වත් ලියන්න කිව්වද මෙහෙම කතාවක්? (ර)
මෙම මාධ්‍යවේදියා ඉල්ලා අස්වීම විරල ක්‍රියාවක් තමයි. හැබැයි ඒක සැළසුම්සහගත විරල ක්‍රියාවක්ද කියලත් අපිට හිතෙනවා (නි)
ටික දවසකට කලින් නිවෙදකයකුටත් ඔහොම උනානේ. (ර)
එක එක්කෙනා කියන විදිහට, ආත්ම ශක්තියක් නැතුව වැඩකරන අයට මේකත් හොඳ පාඩමක්. අප දන්නා පරිදි මාධ්‍යවේදියා කියන්නේ තම හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකරන කෙනෙක්. ඒ නිසානේ මාධ්‍යවේදීන් ගුටි කන්නේ, මැරුම් කන්නේ, අතුරුදහන් වෙන්නේ. (නි)
මාධ්‍යකරු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අස්වෙන කතාව කියපු එකයි වැරැද්ද. එහි අන්තර්ගත කතාන්දරයේ වරදක් අසත්‍යයක් නැතුවා වගෙයි (නි)
වෛරයෙන්, ද්වේශයෙන් හෝ බයෙන් අගතියට නොගොස් කටුතු කිරීම තුළින් අපි කව්රුත් අපේ ගරුත්වය රැකගත යුතුයි (නි)
පුවතක් පළවුණාම වගකීම යන්නෙ කාටද? පුවත්පත් ආයතනයටද? නැත්නම් කතුවරයාටද? එහෙමත් නැත්නම් එම පුවත ලියු මාධ්‍යවේදියාටද? මේක රටේ නීතිය අනුව තීරණය වෙනවා. පුවත්පතක පළකළාට පසුව වගකීම ආපසු එම පුවත ලියු මාධ්‍යවේදියා පිළිගත් පළියට එහි වගකීම අවසන් වෙනවාද? අනෙක් අතට මේ පුවත හරි නම් කොතරම් හංගන්න හැදුවත් කවදා හෝ සත්‍යය නම් එළිවෙනවා. මගේ අත්දැකීම අනුව මේ පුවත පළකරන්න කලින් බොහෝ දෑ කළයුතුව තිබුනත් බොළඳ ක්‍රියාවක් නිසා හොඳ පුවතක් බොඳවී ගිහින් ඇතිබවයි මට පෙනෙන්නෙ. (නි)
මේක නම් සැලසුම් කරලා දීලා තියෙන වැඩක් වගේ. (ර)
තව ටික දිනක් යද්දී මෙහි ඇත්ත හෙළිවේවි (නි)
ලංකාවේ මිනිස්සුන්ට හැමදාම දේශපාලනය. දේශපාලනය නිසා හැමෝම බෙදිලා. අසල්වාසීන් සමඟත් එකම පවුලේ අයත් ගහමරා ගන්නවා. මේ පුංචි රටට දේශපාලුවෝ රොත්තක් පත්කරගෙන කාලෙන් කාලෙට බලයට විත් පොදු දේපල හොරාකනවා. රට මුළු ලෝකෙටම ණයයි. කාටවත් රට ගැන හැඟීමක් නැහැ. දුප්පතා එදාවේල හොයාගන්න දුක්විඳිනවා (නි)
අනුන්ට කඩේ යන්නේ නැතුව ලංකාදීපය මෙන් සමබරව, අපක්ෂපාතීව ලියන්න පුරුදු වෙන්න (නි)
අනේ මන්දා මේවා! එතකොට සමහර පුවත්පත්වල පළවෙන්නේ ඇත්තම දේවල් විතරමද? (නි)
ඉල්ලා අස්වීම, අස්කරන්නට පෙර අස්වීම, අස්වන ලෙස බල කිරීම, අස්කිරීම , එලවා දැමීම ආදී වශයෙන් ක්‍රම රාශියක් තියෙනවා. ඇත්තටම වුනේ මොකද්ද කියල දන්නේ නැතුව මොකක් වත් කියන්න බැහැ. අස්වුනානම් අස්වුනේ අස්නොවී ඉන්න බැරි නිසා වෙන්න ඇති. අස්වුනේ මොකෙන්ද කියන එක තවත් ප්‍රශ්නයක්.(බ)
ලංකාදීප පුවත්පත ඉතා වගකීමෙන් බස හසුරුවන විශ්වාසවන්ත පුවත්පතකි. ලංකාදීප, ඔබට සුබ පතමි. (නි)
මාධ්‍යවේදීන්ට ජේ වී පි සළකපු හැටි අපිට අමතක නැහැ. ඇයි ඔය මහත්තුරුන්ට කියන්න බැරි නායකයා ගියේ මොන වගේ දේශපාලන කටයුත්තකටද කියලා? එතකොට වැඩේ ඉවරනේ (නි)
කවුරුහරි කියන දේ පත්තර වල දාන්න මාධ්‍යවේදින් අවශ්‍ය නොවේ. සැබෑ තතුයි පත්තර වල පළකරන්න ඕනෑ. (නි)
මේක අනෙක් අයටත් හොද ආදර්ශයක්. හරියට සාක්ෂි නැතුව හොයලා බලන්නේ නැතුව පත්තර වල වෙනත් අය ගැන ලිපි ලියන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් (නි)
මේ මාධ්‍යවේදියාට අපේ ආචාරය! (නි)
ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ තිබුණා කියලා මෙලෝ වැඩක් නැහැ. හැමදාම විපක්ෂයේ ඉඳගෙන බොරුවට කෑ ගහ ගහා ඉන්නවා. ලොකු දෙයක් ඔහොම හරි ඉන්න එක. (නි)
මොකද ජවිපෙ කිසිකෙනෙක් අර තහනම් වචනය ගැන කතාකළේ නැත්තේ. (නි)