හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇඹුල් කෙසෙල් වැවු ගොවීහු අමාරුවේ වැටී සිටිති.
කීයකටවත් විකුණාගත නොහැකිව ට්‍රැක්ටර් පිටින් කුණු ගොඩට දැමීමට සිදු වී ඇතැයි ඔවුහු කියති.
බරවකුඹුක,වැටිය,සුරියවැව,අම්බලන්තොට,අගුණුකොළපැළැස්ස හා මාමඩලේ කුඹුරුවලද මෙවර කෙසෙල් වැවු අය අතර රජයේ සේවකයෝ වෛද්‍යවරු,ව්‍යාපාරිකයින් හා ගොවියෝ ද සිටිති.
කෝලිකුට්ටු කිලෝවක මිල රුපියල් 50-60 අතර පැවැතියත් ඇඹුල් කිලෝව රුපියල් 10 ටවත් විකුණාගත නොහැකි වී තිබේ.
සුරියවැව ප්‍රාදේශිය සභාවේ සභාපති ජේ ජනක එරන්ද මහතා පැවසුයේ සති පොළට ගෙන ආ කෙසෙල් කැන් වලට ඇතැම් ගොවීන් ලාම්පුතෙල් ගසා ඇති බවයි. ‘එය කුහක කමක් කාටවත් වැඩක් නෑ,සතෙකුටවත් කන්න බෑ ’යනුවෙන් සභාපති පවසයි.
කොළඹ ඇඹුල් කෙසෙල් කිලෝවක මිල රුපියල් 50-60 ක් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසෙල් වලට බෙහෙත් ගහන ගොවියන්ට සහ අතර මැදියන්ට හොඳ පාඩම. අවංකව වැඩ කරනවා නම් ඇඹුල් කෙසෙල් ඔච්චර ගණන් බහින්නේ නැහැ. කොහොමත් ඔයවගේ ගොවියෝ ටිකක් කුහකයි. ගමේ මිනිස්සුන්ගේ කුහක කම් ජනප්‍රිය මාධයෙන් එලියට එන්නේ නැහැනේ. තිත්ත ඇත්ත ඒකයි. (අ)
"අපි වවමු.රට හදමු"..."අපි වවමු.අපි හැදෙමු".(දිල්)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහොම නම් අනික් දිස්ත්‍රික්ක 21 ගැන කුමට කතාද?(දිල්)
මේ රටේ දුක් විඳින අහිංසක ගොවියාගේ හත්මුතු පරම්පරාවම අඳුරේ තමයි. එළියට නම් එන්න දෙන පාටක් නැහැ. කපටි දේශපාලකයන්ගේ චාටු රඟපෑම් විතරයි. (ස)
ගොවියන් මහන්සි වී කරන වගා වල ලාබය ගන්නේ අතර මැදියෝ. ඇත්තෙන්ම මේක අසාධාරනයි. පලදාව විතරක් නෙමේ ගොඩක් දුරට ජීවිතත් හානි කර ගන්නවා නිසි මිලක් නැති උනාම. රටේ හැදෙන දේට නිසි මිලක් ප්‍රවාහන පහසුකම් දියත් නොකර දවස ගානේ පිට රටවලින් ගේන්න කට ඇරන් බලන් ඉන්නේ. (ස)
ඉතින් මෝඩ යකුනේ නුඹලාට ලැබේවිද ඊළඟ කන්නේ අස්වෙන්නක් මෙවැනි පවුකාර වැඩ කිරීමෙන් අඩුම තරමේ කෑලෙකට ගිහින් දැම්ම නම් සත්තු වත් කාවි (අ)
දැන් ඉතින් වගාකරලාත් හරියන්නේ නැහැ වගෙයි (නි)
මර සීන් එක ..ඇඹුල් කෙසෙල කන්නේ නැ කට්ටිය ඔක්කොලමට සෙම ලෙඩ අනේ ,,අපි සීනි තමා කන්නේ ඉස්සර බල්ලෙක්වත් ගණන් ගත්තේ නැති සීනි කෙසෙල් දැන් පට්ට ගණන්..සීනි කෙසෙල් වවන්න..(ස)
ගාල්ලට ගේන්න අපි ගන්නම්. (ස)
මේ පලතුරු විනාස වෙන්න නොදී, ගොවියන්ට අත මිට සරු කරගන්න වෙන විකල්පයක් නැද්ද? ඉතාලියෙ නම් කෙසෙල් පමණක් නොවෙයි පැපොල් අන්නාසි වගේම අනිකුත් පලතුරු වේලලා ටින් වල අසුරලා විකුණනවා.හැබයි ටිකක් ගනන්. (ස)
කෙසෙල් කතාව කොහොම වෙතත් මෙහි ඇති අදහස් වලට හිනා යනවා. සමහරු මෝඩකම හොඳට පෙන්වලා තිබෙනවා. (නි)
රජයේ සේවකයෝ, වෛද්‍යවරු, ඔය කාටවත් බැරිද ඔය කෙසෙල් කොළඹට ගේන්න ක්‍රමයක් සලස්වන්න? (ස)
හරිම අවාසනාවක්... කොළඹ ඇඹුල් කෙසෙල් කොච්චර ගණන්ද ... මේ මිස්නිස්සුන්ට රුපියල් දහයටත් විකුණගන්න බෑ.. (දිල්)
මහනුවර, කොළඹ, නගර වල ඇඹුල් කෙසෙල් ගිනි ගණන්. ප්‍රවාහනයේ ප්‍රශ්නයක් මේක. (ස)
විකුණා ගන්න බැරි නම් , හම්බන්තොට පළාතේ දුෂ්කර පාසලක කන්න බොන්න නැති දරුවන් ට මේවා ගෙනිහින් දෙන්න තිබුණා. මොන අපරාධයක් ද ? ලෝකයේ කන්න බොන්න නැතිව මිනිස්සු මැරෙනවා. (ස)
කෘෂිකර්ම ඇමතිතුමනි, ගොවි ජනතාවට ආරක්ෂණ ක්‍රමයක් සහ නිෂ්පාදන වලට සහතික මිලක් දැමීම වැනි සුළු දෙයක් වත් සලකා බලන්නේ නැද්ද? (ස)
කාටවත් උවමනාවක් නැහැ ගොවි නිෂ්පාදනවලට නියමිත මිලක් ලබා දෙන්න. ගොවියෝ කරපු දේ හරි. අතිරික්ත නිෂ්පාදන විනාශ කිරීම ලෝකය පුරාම ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. එහෙම නැතුව තමන්ගේ නිෂ්පාදන වලට මිලක් ගන්න බැහැ. (ස)
ඩුබයි වල ඉන්දියාවෙන් ගෙන්වන අැඹුල් කෙසෙල් කිලෝ එකක් දිහ්රම්ස් 8.50 ක් (රුපියල් 300 ක්) වෙනවා.කරපිංචා කොලේ ඉඳල එලවලු පලතුරු දවසේ පය 24 පුරා මෙරටට ගෙන්වන්නේ ඉන්දියාවෙන් සහ පකිස්තාන් වලින්. සිකුරාදාට පමණක් අපේ රටෙන් කොහිල, පොළොස් ගැට, රතු හාල් ගෙන්වනවා. ඒකත් යලට මහට. (ස)
ඇමතිවරු එකසිය ගණනක් ඉඳලත් පලතුරු එලවලු ටික මැද පෙරදිගට යවන්න බැහැ. ඉන්දියාවේ ඇමති මණ්ඩලය 30-40 ක් ඉඳලත් දවසේ පය 24 පුරා එලවලු පලතුරු මැදපෙරදිගට යවල විශාල විදේශ විනිමයක් උපයනවා. ඒ වගේම ගොවියන්ට සියලු පහසුකම් සපයනවා පමණක් නොවෙයි විශ්‍රාම වැටුපක් පවා ගෙවනවා. (ස)
ඔය කුහක කම සිහලුන්ට එදා ඉඳල තියෙන දෙයක් ? ඕක නැති වුන දාට තමයි රටක් දියුණු වෙන්නේ. (ස)
මේ කරන අපරාධ ස්වභාව ධර්මයත් හෙලා දකීවි. මේවායේ විපාක ලඟදීම විඳින්න සිදුවේවි. තුන් ලෝකෙවත් නොකරන මෝඩ තකතීරු වැඩ ලංකාවේ දැන් වෙන්නේ. ගොවියාට හැමදාම අපල තමයි, එ්කට ව්සදුම් සොයන්න රජය විතරක් නෙවෙයි කවුරුත් මහන්සි වෙන්න ඕන. එහෙත් ආහාර වලට කරන මේ අපරාධ මහා පොලොව උසුලයිද? (ස)
වගාවත් සැලැස්මක් අනුව කළ යුතු දෙයක් (දිල්)
එක ගොවියෙක් මේ කන්නේදී හොඳ ආදායමක් ගත්තම වටේම ඉන්න ගොවී මහත්වරු ඊලඟ කන්නේදී එම භෝගයම වවනවා. එතකොට හැමෝටම පාඩුයි. ඒ වගේම රජයත් ක්‍රමවේදයක් හදන්න ඕනේ අස්වැන්න වැඩි කාලෙට ගබඩා කරලා තියල ඉල්ලුමට අනුව භාණ්ඩ වෙළද පොලට නිකුත් කරන්න. ශීතාගාර වගේ ඒවා හදල පලදාව ගබඩා කරලා තියන්න ඕනේ. නැතිනම් වෙන්නේ කාලෙකට අස්වැන්න වැඩි වෙලා විසි කරන්නයි අනිත් කාලෙට ගිනි ගණන් දීල ගන්නයි. (ස)
අපි ඩුබායි වල එක කෙසෙල් ගෙඩියක් ගන්නේ ලංකාවේ මුදලින් රුපියල් 35 ට. අනේ මේ කෙසෙල් ටික මෙහාට එවන්න. අපි ගන්නම් කැන පිටින්. (ස)
මේක නම් මහා අපරාධයක්. (ස)
බෙදා හැරීමේ අවුලක්. නැත්නම් කොළඹ ගාල්ල පැත්තේ කෙසෙල් හරි ගණන්නේ (දිල්)
අනේ අපේ ගොවීන්ට යන කල. (ස)
හම්බන්තොට කියන්නේ පක්ෂ තුනේම ලොක්කෝ ඉන්න තැන. හැබැයි ගොවියෝ රැක ගන්න සමුපකාරයක් වත් හදලා මේ පළතුරු කොළඹ, ගාල්ලට ගෙනියන්න කවුරුවත් නැහැ. කටින් බතල හිටවමු හැමෝම එකතු වෙලා (දිල්)
විකුණන්න බැරි නම් පිනට දුන්න නම් මොකද වෙන්නේ. මේ වගේ අයට හැමදාම ඔහොම තමයි. පින් කරන්න හිතෙන්නත් ටිකක් හරි පිනක් තියෙන්න ඕනේ.(දිල්)
කොළඹ ඇඹුල් කෙසෙල් කිලෝවක් කීයද?භූමි තෙල් නොදැම්මා නම් මේවා නිකම්ම කොළඹ එන බව ගොවියෝ දන්නවා ඇති.වවාපු මහන්සි වුණ මිනිහයි එකේ අමාරුව දන්නේ. භූමි තෙල් දැමීමෙන් ඒවා විනාශ වෙන බව ඇත්ත. කුහක කමක් කියන ඔය ලොක්කන්ට බැරිද ඒ ගැන සාධාරණයක් කරන්න..අතර මැදි වෙළෙන්දෝ කියන ගානටයි ගොවියෝ තමන්ගේ නිෂ්පාදන විකුණන්න ඕන. ඒ මිල වෙනස් වෙන්නේ නැහැ. (දිල්)
දුක් විදලා මහන්සිවී ණය වී ලබා ගෙන අස්වැන්න විකුණා ගන්න බැරි උනහම සමහර මිනිසුන් වෙනස් වෙනවා,මිනිසත් බව නැතිවෙනවා හරියට දේශපලකයන් පැරදුනහම වගේ.(දිල්)
අනේ ඔය ටික මහා වරායට හා මහා ගුවන් තොටුපොළට දුන්නේ නැත්තේ? ඒවාට කොච්චර ගනුදෙනු කරුවෝ එනවද විකුණන්න ගොඩක් පහසුයිනේ.(දිල්)
විකුණන්න බැරි නමි සතෙකුට කන්න දෙන්න තිබුණානේ. පිං සිද්ද වෙනවා දැන් කාලේ සතෙකුටවත් කන්න දෙයක් නෑ(දිල්)
අහාර විනාශ කිරීම නාස්ති කිරීම හරිම අපරාධයක් මේවා විසිකරන ගොවියොත් වැරදියි.බලධාරීනුත් වැරදියි... (දිල්)
කොළඹ ආසන්න නගරවල ඇඹුල් කෙසල් කිලෝ එකක් රු 50-80 කෝලිකුට්ටු රු 120-150 .අතැරමදි අය තම ලාබ ගන්නේ . ගොවියන්ට වස තමයි ! රජයේ වැඩ පිළිවෙළක් නෑ වගේ පේන්නේ . සමුපකාර වල පළතුරු පුදුම ගණන්. (දිල්)
කෝ අර ගුවන්තොටුපල, බුලත්, එළවලු, පලතුරු රට යවනවා කිව්ව.? (ස)
නිකන් දෙන්න, වීසි කරන්නේ නැතුව. (ස)
අපරාධයක් දෙයියනේ, (ස)
අද අපේ රටේ සංකල්ප විතරයි වැඩ නැහැ !! ජනතාවට හුලං. කිසිම දෙයකට හරි හැටි කළමණාකාරිත්වයක් නැහැ. නමුත් ලොකු දේශන තියනවා. මුලා බස් කියනවා. ගිරිය පුප්පගෙන !! (ස)
හර්ෂ ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. අහිංසක මිනිස්සු. (ස)
මේක තමයි ලංකාවේ හරි තත්වේ ! (ස)
ගොවි ජනතාවට අදාළ නැති, දේ ගැන පාර්ලිමේන්තුවේදී රස කර කර ඕපා දුප කතා මවන සමාජවාදී සුරංගනා සිහින දකින ප්‍රායෝගික නැති දේශපාලන වංචාකාරයින්ට මේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න ඇස නොගැටෙන කරුමය කිමද? (ස)
දඹුල්ලෙත් මේ ටිකම තමයි වෙන්නේ, ජනතාව කබලෙන් ලිපට ! (ස)
ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල බැහැල තියෙන්නේ ඩොලර් 2000කින්. නමුත් ජනතාවට ඒ දේ ලැබෙනවද? නැහැ, ඉතින් තව මොනවද ? (ස)