අනුරාධපුර රෝහලේ වකුගඩු සංකීර්ණයේ ශල්‍යාගාරය වසර පහක් පුරා භාවිතයට ගෙන නැත.
ප්‍රංශ රජයෙන් ලැබුණු උපකරණ එහි සිව් වැනි මහලේ ශල්‍යාකාරයේ ගොඩ ගසා එහි වසර පුරාම වා සැකසුම ක්‍රියාත්මක කර ඇත.
මෙම ඒකකය විවෘත කැරුණේ 2009.03.21 වැනි දාය.
අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය, පුත්තලම වැනි ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් 8000 පමණ ලියාපදිංචි වී ඇත.
වෛද්‍යවරයකු පැවසුවේ රුධිර කාන්දුකරන ප්‍රකිනාරය රෝගීන් 170කට කිරීමට සිදු වී ඇති බවයි.
රෝහලේ වෙනත් ශල්‍යාගාර වල වසරකට සැත්කම් 17ක් පමණ සිදු වේ.
රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව් අතපත්තු පවසනුයේ රෝහල් සුළු කාර්ය මණ්ඩලයේ හා සැත්කම් උපකරණ අඩුවක් ඇති බවයි.
එය සම්පූර්ණ කළ විට ශල්‍යාගාරය විවෘත කරන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරයෙ බැරිනම් මේවා ප්‍රයෝජනයට ගතහැකි වෙනත් තැනකට තාවකාලිකව හරි යවන්න තිබුනානේද? අඩුපාඩු සම්පූර්ණ කරන කොට මේවායෙ තවත් අඩුපාඩු ඇතිවේවි කල්ගතවීම නිසා.(නදී)
ඔව් ඔව් ඉස්පිරිතාල හදනවට වඩා කොච්චර වැඩ තියෙනවද කරන්න ආණ්ඩුවට. එහෙ අය මෙහාට ගන්න එයාලට දේවල් දෙන්න මිනිසුන්ගෙන් ඡන්දෙ විතරයි ඕනා.(නදී).
කව්ද කියන්නේ ලංකාවේ මිනිස්සු වකු ගඩු රෝගයෙන් පෙලෙනවා කියල.රෝහල් වහල දාන්න කාලය ඇවිලා. (අ)
මේකේ අන්තිම වාක්‍ය කියවපුවම මටනම් තේරුම් යන්නේ ඒක කියපු එක්කෙනා හිතාගෙන ඉන්නේ අවරුදු පහක් කියන්නේ ඉතාම සුළු කාලයක් කියලයි. මිනිසුන්ගේ පරමායුෂ අවරුදු 500 විතර කියලා හිතාගෙන ඇති. (නදී)
මේවායෙන් බැට කන්නේ දුප්පත් මිනිස්සු. සල්ලි කාරයන්, දේශපාලඥයන් උණ හැදුනත් යන්නේ පිටරට ඉස්පිරිතාල වලට. මේවට විරුද්ධව කෑ ගහන්න කව්රුත් නැද්ද (අ)
ලෙඩා මළත් කමක් නැහැ. තියෙන පහසු කම් යටතේ බඩ පමණක් හෝ සුද්ධකර ගෙදර යවන්න. ගෙදර විතරක් නොවෙයි එතකොට මුළු රටම එකම මළ ගෙයක්.(නදී)
තව ටික කාලයක් ඔහොම තියල අතුරුදහන් උනා කියයි , ඊළඟට පුද්ගලික රෝහල වලට යන්න පුළුවන් හැම කෙනෙකුටම.(නදී)