අනවසරයෙන් ඉන්දියා ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ වකුගඩු විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන රැඳවුම් කඳවුරේ සිට පැන ගිය සැකකරු විදේශ ගතව ඇතැයි පොලිසිය අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
ආගමන විගමන පාලකවරයාට හෝ නියෝජිතයකුට ඔහුගේ විදේශ ගතවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අධිකරණය හමුවේ ලබන 16 වැනිදා පෙනී සිට කරුණු ඉදිරිපත් කරන්නැයිද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ යහපාලන බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ? (නි)
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ දක්ෂතාවය තමයි ඉතින්.(හේ)
සැකකරු මෙරටින් පැන යනකන් මොකද කළේ.(හේ)
ඒ ඉතින් අදාළ අංශ වල නොහැකියාව. වෙන මොනවද? නැත්නම් අත් අඩංගුවේ හිටිය එකා පැනල යනකල් නිදි වැද්දද ? (බ)
ශෂී රෝ ඔත්තු සේවයට මිනිස්සුන්ගේ වකුගඩු විකුනන්න වෙන වැඩ නෑ කියල හිතුවද (බ)
පගාව සහ ජරාව කෑම රටේ ජාතික ප්‍රතිපත්තිය වෙලා (බ)