උතුරු මැද පළාතේ ප්‍රධානම සෞඛ්‍ය ගැටළුව වකුගඩු රෝගය බවට පිළිගෙන තිබුනත් ඊට හේතු සෙවිමට රජය මුදල් වියදම් කළත් වකුගඩු රෝගින් රැක බලා ගැනිම සදහා නිසි ක්‍රමවේදයක් නැතැයි පොළොන්නරු මහ රෝහලේ වකුගඩුරෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රජිව් දිසානායක මහතා පැවැසිය.
දිසානායක මහතා මෙසේ පැවසුයේ මහනුවර දී වකුගඩු රෝගය පිළිබඳ කළ දේශනයකදීය.
නොයෙක් බැර ලෝහ වර්ග සොයා ගියත් මිනිසාගේ දරිද්‍රතාවය, මන්ද පෝෂණය වැනි දේවල් වලින්ද වකුගඩු රෝගය සෑදීමට ඉඩ කඩ ඇති බව සාක්කි ඇතුව තමා විසින් පෙන්වා දි ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
රෝගින් හඳුනා ගැනිමේ අඩුපාඩු ඇති බවත් වකුගඩු රෝගය සැදුන පසු බොහෝ අයගේ අදහසක් වී ඇත්තේ වකුගඩු බද්ධ කිරිම, ලේ පිරිසිදු කිරිම, රුධිර කාන්දු කරණය වැනි දේවල් වුවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගින් වැඩිපුර ප්‍රමාණයක් එවැනි මට්ටමේ නැති බවත් ඔවුන්ගේ රෝගය බෙහෙත් වලින් පාලනය කළ හැකි බවත් ඒ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දවස්වල ඔක්කොම පඬිවරු එකතුවෙලා මේ ගැන සම්මන්ත්‍රණයකුත් තිබ්බා නේද? (නි)