වකුගඩු රෝගීන්ගේ රුධිර පෙරණය සඳහා භාවිතා කෙරෙන ලවණ සාන්ද්‍රණය ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට කාර්මික තාක්ෂණ ආයතනය සමත් වී ඇත.
ලවණ සාන්ද්‍රණය පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාල දී කළ අත්හදා බැලීම් වලදී ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි එම ආයතනය පවසයි.
වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්ද්‍රකරණ ප්‍රතිකාර වලදී අවශ්‍ය වන මෙම ලවණ වර්ගය රටින් ගෙන්වයි.
නව නිෂ්පාදනය හේතුවෙන් ඉදිරියේ දී වකුගඩු රෝගීන්ගේ වියදම් පහළ වැටෙනු ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් වකුගඩු රෝගියෙක්. ගොඩක් පින් මේ කළ සොයාගැනීමට. (නි)
ලොකු උදවුවක් මේක අපිට (නි)
බෙහෙත් ද්‍රව්‍යවල සුවිසල් මිල ගණන් අනුව නොයෙකුත් ආබාධ වලින් පෙළෙන අසරණ ජනයා ඒවා මිලට ගැනීමට නොහැකිව විදින දුක අනුව තව තවත් පර්යේෂණ කර අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාධාරන මිලට ගත හැකිවන සේ මෙහි නිෂ්පාදනය කිරීමට මෙසේ පියවර ගන්නා වියතුන්ව ධෛර්යමත් කළයුතුය (නි)
කාබනික කෘෂිකර්මය සවිමත් කිරීම වකුගඩු රෝග මර්දනයට වැදගත්ය (නි)
මිනිසා සුවඳයි මලසේ. මෙම සුවඳවත් සොයාගැනීම කල පින්වත් මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය. (ර)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ද ඇත. අද කාලයේ මෙවැනි දේ දුර්ලභය. ඔබගේ සමාජ මෙහෙවරට පැසසුම්. (අ)
ඔබට අපේ මිනිස්සු විදින මේ දුකින් ගොඩගන්න තවත් සාර්ථක පර්යේෂණ කිරීමට ශක්තිය දහිර්ය ලැබේවා...(රේ)
ස්තුතියි චමිලා, අපි කවුරුත් මනුස්සයොනේ නේද (අ)
මේ වාගේම පිළිකා වලටත් යමක් සොයාගැනීමට හැකි වේවා! මගේ යෙහෙළියක් හෙට ලංකාවට යනවා. පරීක්ෂණ වලින් කිවුවේ ඇයට පියයුරු පිළිකාවක් බවයි. මගේ දයාබර යෙහෙළියට නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා! (නි)
අනේ මේක නම් ලොකු පිනක් (නි)
එම උතුම් කාර්යයට උරදුන් සැමට නිදුක් නිරෝගී සුවයම අත්වේවා! එවැනි උතුම් සොයාගැනීම් වලට දේශපාලන වශයෙන් සහයෝගය දෙන සැමටද මතු භව වලදී නිරෝගී සම්පත්තියම ලැබේවා! (නි)
මොනතරම් ලොකු පිනක්ද මේ (නි)
චන්දි, ඔයාගේ යෙහෙළියට ඉක්මන් සුවය පතනවා (නි)
ඉතා හොඳ දෙයක්. (නි)