ඌව පළාතේ වකුගඩු රෝගය පැතිරෙතියි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සන්ද්‍යා අඹන්වල මහත්මිය කියන්නීය.
ගිරාදුරුකෝට්ට ,රිදීමාලියද්ද හා ඊට ආසන්න ප්‍රදේශයන් හි වකුගඩු රෝගීන් තුන්දහසකට ආසන්න පිරිසක් ඇතැයි ඇස්තමේන්තු කැර ඇත.
බුත්තල ,රහතන්ගල,හම්බේගමුව,පැල්වත්ත හා තණමල්විල ප්‍රදේශයන්හි දස දෙනකුගෙන් දෙදෙනකු වකුගඩු රෝගීන් බව ඇය කියන්නීය.
ඉවක් බවක් නැති පොහොර භාවිතය,පානීය ජලය අපිරිසිදු වීම උතුරුමැද වකුගඩු රෝගවලට හේතුකාරක වී ඇතැයි සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ශෝකනීය ප්‍රවෘත්යක්. ඕක පොහොර නිසා නොවෙයි කියල දේශපලකයෝ සහ සමහර මහාචාර්ය වරු පහුගිය දවස වල කීව මතකෛ. දැන් මොකද කියන්නේ. ඕක තමාගේ ළමයෙකුට නම් මේ වෙලාවට නඩු කියයි. (අ)
කෝ අර ආසනික් වලට කෑමොර දීපු කට්ටිය? දැන් ඩී සී ඩී වගේ එකත් අමතක වෙලා .රටේ දැවෙන ප්‍රශ්න කරලියට එන වෙලාවට ඕව එලියට දානවා රතුපස්වල කේස් එක අමතක කරන්න ඕන නිසා කිරිපිටි අවුල ගෙනාව දැන් ඒ ප්‍රශ්නේ මිනිස්සුන්ට අමතක නිසා පිටි අවුල ඉවර කරා.දැන් පිටි වල ඩි සි ඩි නැහැල්ලු. අනේ මන්ද අහිංසක මිනිස්සු ගැන බලන්න කවුරුත් නැහැ?ඔක්කොම නාට්‍ය තමා.ඒ නාට්‍යවල මිනිස්සු අතරමන් වෙලා (අ)
බුලත් කෑම , අරක්කු, කසිස්පු බීමත් මේකට හේතුවක් (නි)
අපිට කන්න වෙලා තියෙන්නෙ වහනේ.ඉස්සරහට රටම ඉවරයි. (ස)
තවත් අපි උඩ බලාගෙන නිදිවදිමුද ? (නි)
අද රටේ හැමතැනම වහ තමයි කන්නේ (නි)
ප්‍රභාකරන් මැරුවේ පොඩි ගණනක්.ඇමතියෝන්ගෙන් සහය ගන්න ගොයම් තෙල් කාරයෝ ලංකාවම මරනවා. සිංහලයෝ මහා මෝඩ ජාතියක්,සල්ලි වලට ඕනෙම දෙයක් කරන මිනිසුන් ගේ ජීවිත ගැන නොහිතන ජාතියක් වෙලා. අපි අපි ම වනසෙමු!!!(දී)
දෙවියනේ අපේ රටට මොකක්ද මේ වෙන්නේ?මේවට වග කියන්නේ කව්ද?මේවා ගෙන්නන මුදලාලිලා දවසක මුළු රටම ලෙඩ කරලා වෙන රටක පදිංචියට යයි නේද? (නි)