වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහා වකුගඩු ප‍්‍රදානය කරන්නන්ට පහසුව සැලසීම පිණිස වකුගඩු බැංකුවක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම විසින්අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී.ජී. මහීපාල මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට සහ ඒ සඳහා සහාය පළ කිරීමට සෞඛ්‍ය නිලධාරීන් බැඳී සිටින බව පෙත්සමේ සඳහන්වේ. ඒ අනුව හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තහවුරු කිරීම සඳහා පහසුකම් සැලසීමට ඔවුන්ට වගකිමක් ඇති බවද පෙත්සමේ සඳහන්වේ.
ලංකාවේ උතුරුමැද පළාතේ බහුල වශයෙන්ද ,වෙනත් පළාත් වලද වකුගඩු රෝගීන් සිටින බව පෙත්සමින් පෙන්වාදේ.සිය මරණයෙන් පසුව වකුගඩු දන්දීමට කැමති පුද්ගලයින් රැසක් සිටියද ,එම වකුගඩු තැන්පත් කිරීමට නිසි ස්ථානයක් නොමැති වීම නිසා එම වකුගඩු ලබා ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙත්සමෙහි දැක්වේ.
ඒ අනුව වකුගඩු තැන්පත් කිරීම සඳහා ජාතික ලේ බැංකුවට සමාන බැංකුවක් ස්ථාපිත කළ යුතු බව පෙත්සමෙහි සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත යෝජනාවක්. හැබැයි හොඳ සහ "විනිවිද භාවයෙන් යුතු" පරිපාලනයක් අවශ්‍යයි. නැත්නම්, ඔය බැංකුවේ තියෙන වකුගඩු ලැබෙන්නේ, කප්පම් වලට, පොහොසත් මිනිස්සුන්ට සහ දේශපාලනඥයන්ගේ "ලියුම්" වලට විතරයි. දුප්පත් මිනිස්සුන් අඩි 6ක් පොලොව යට. (ර)
වටිනා යෝජනාවක්. (නි)
හොඳ යෝජනාවක්. දේශපාලකයින්ගේ අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරක් වූ දිළිඳු ගැමි ගොවි ජනතාව වෙනුවෙන්. (බ)
අනිවාර්යයෙන් ඕනෑ කරනවා වකුගඩු බැංකුවක් ලේ බැංකුවක් වගේ. අනික ලංකාවේ මියගිය අයගේ වකුගඩු බද්ධ කරන්න දන්නේ නැහැ. පණපිටින් ඉන්න අය දෙන වකුගඩු විතරයි බද්ධ කරන්නේ. මේ රටවල ඔය එක එක අනතුරු වලින් මියයන අයගේ වකුගඩු අරගෙන බද්ධ කරනවා. (නි)
වකුගඩු තැන්පත් කර තබාගන්න පුළුවන් අවයවයක් නෙමෙයිනේ (නි)
ඇත්තටම වටිනා යෝජනාවක්. (ර)