IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වකුගඩු බැංකුවක් ඉල්ලයි

වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහා වකුගඩු ප‍්‍රදානය කරන්නන්ට පහසුව සැලසීම පිණිස වකුගඩු බැංකුවක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම විසින්අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී.ජී. මහීපාල මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට සහ ඒ සඳහා සහාය පළ කිරීමට සෞඛ්‍ය නිලධාරීන් බැඳී සිටින බව පෙත්සමේ සඳහන්වේ. ඒ අනුව හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තහවුරු කිරීම සඳහා පහසුකම් සැලසීමට ඔවුන්ට වගකිමක් ඇති බවද පෙත්සමේ සඳහන්වේ.

ලංකාවේ උතුරුමැද පළාතේ බහුල වශයෙන්ද ,වෙනත් පළාත් වලද වකුගඩු රෝගීන් සිටින බව පෙත්සමින් පෙන්වාදේ.සිය මරණයෙන් පසුව වකුගඩු දන්දීමට කැමති පුද්ගලයින් රැසක් සිටියද ,එම වකුගඩු තැන්පත් කිරීමට නිසි ස්ථානයක් නොමැති වීම නිසා එම වකුගඩු ලබා ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙත්සමෙහි දැක්වේ.

ඒ අනුව වකුගඩු තැන්පත් කිරීම සඳහා ජාතික ලේ බැංකුවට සමාන බැංකුවක් ස්ථාපිත කළ යුතු බව පෙත්සමෙහි සඳහන් වේ.

 



අදහස් (0)

වකුගඩු බැංකුවක් ඉල්ලයි

අතුල Monday, 29 February 2016 01:40 PM

ඉතාමත් කාලෝචිත යෝජනාවක්. හැබැයි හොඳ සහ "විනිවිද භාවයෙන් යුතු" පරිපාලනයක් අවශ්‍යයි. නැත්නම්, ඔය බැංකුවේ තියෙන වකුගඩු ලැබෙන්නේ, කප්පම් වලට, පොහොසත් මිනිස්සුන්ට සහ දේශපාලනඥයන්ගේ "ලියුම්" වලට විතරයි. දුප්පත් මිනිස්සුන් අඩි 6ක් පොලොව යට. (ර)

:       0       0

සේන Monday, 29 February 2016 02:20 PM

වටිනා යෝජනාවක්. (නි)

:       0       0

කලණි විතානගේ Tuesday, 01 March 2016 04:07 AM

හොඳ යෝජනාවක්. දේශපාලකයින්ගේ අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරක් වූ දිළිඳු ගැමි ගොවි ජනතාව වෙනුවෙන්. (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Monday, 29 February 2016 02:43 PM

අනිවාර්යයෙන් ඕනෑ කරනවා වකුගඩු බැංකුවක් ලේ බැංකුවක් වගේ. අනික ලංකාවේ මියගිය අයගේ වකුගඩු බද්ධ කරන්න දන්නේ නැහැ. පණපිටින් ඉන්න අය දෙන වකුගඩු විතරයි බද්ධ කරන්නේ. මේ රටවල ඔය එක එක අනතුරු වලින් මියයන අයගේ වකුගඩු අරගෙන බද්ධ කරනවා. (නි)

:       0       0

අතුල Monday, 29 February 2016 05:06 PM

වකුගඩු තැන්පත් කර තබාගන්න පුළුවන් අවයවයක් නෙමෙයිනේ (නි)

:       0       0

වින්දි Tuesday, 01 March 2016 07:33 AM

ඇත්තටම වටිනා යෝජනාවක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site