වකුගඩු දුන් බවට සැකකෙරෙන ඉන්දියා ජාතිකයන් අට දෙනකු ප්‍රශ්න කිරීම සඳහා වැල්ලවත්තෙන් හා හැව්ලොක් ටවුමෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බඩේ කැපුම් තුවාල ද සහිතව වැල්ලවත්තේ තට්ටු ගොඩනැගිල්ලක 7 වැනි මහලේ සිටි හය දෙනකු අතර රියදුරන් හා ටේලර්වරුන් ද සිටින බවත් පොලිසිය පවසයි.
හැව්ලොක් ටවුමේද බඩේ කැපුම් තුවාල සහිතව සිටි දෙදෙනකු සොයාගෙන ඇත. එවැනි තවත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
විදේශිකයනට වකුගඩු බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ දුප්පතුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැතිනිසා වකුගඩු විකුනනවා. එට්කා ගිවිසුම අස්සන් කලාම ලංකාවේ මිනිස්සුන්ගේ වකුගඩුත් විකුණයි. නමුත් දොස්තරලා මේගැන කතා කලාම රජය දොස්තරලගෙන් පළි ගන්න සූදානම් වෙනවා. (හේ)
හා... හා.. ජාතිවාදේ ඇවිස්සෙයි. (ර)