
(බී.ජි. චතුරංග)
රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට පැමිණ, අද (6) සත්‍යග්‍රහයක නිරත විය.
මහවිලච්චිය පේමඩුව ප්‍රදේශයේ පදිංචි ආර් අනුර බණ්ඩාර නමැති ගොවි මහතා ' වී ' කරල් කිහිපයක් සහ කෘමි නාශක අඩංගු බෝතලයක් රැගෙන එය ඩී.එස්.සේනානායක පිළිරුව වෙත දිගු කරමින් රජය ඇතුළු මහ මෝල් කරුවන්ගෙන් ගොවියා බේරා දෙන ලෙස අයැද සිටියේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහ විලච්චිය පදිංචි ආර්. අනුර බණ්ඩාර මහතා.
" මේ වනවිට රජයේ වී මිලදී ගැනීමේ, මිලත් එක්ක ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටිනවා. එදා මේ රජය බලය ගන්න කොට කිව්වේ ගොවියාට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.වී වලට සහතික මිල නියම කිරීමෙන් මෝල් හිමියන්ට වාසියක් උනා. ෙදැන් ගොවියාගේ වී වලට සාධාරණ මිලක් කියලා, 120ක මිලක් නියම කරලා තියෙනවා. මේ මගේ අතේ තියෙන ගොයම් කරල්, මේ ගොයම් කරල්, මේ දක්වා මේ තත්ත්වයට එනකං වතුර දුන්න දවසේ ඉඳලා දුක් විඳලා, දුක් විඳලා, පැල් රැකලා වී වලට සාධාරණ මිලක් ලබා දෙනවා කිව්වට පස්සේ අද 120ක මිලක් ලබා දීලා තියෙනවා. අද පොහොර මිල කීයද?
අද වන විට වී කිලෝව 130ට දෙන්න බෑ, කළුකඩ මුදලාලිලා අඩුවට කිරනවා, ඒක මාධ්‍ය හරහා පෙන්නුවා. රජයේ මිල නිසා ඊයේ මම කඩෙන් අහන කොට කිව්වේ, තෙත වී ගන්නේ 90යි අපිට ඊට වැඩිය බෑ කියලා. රුපියල් විස්සක් 30ක්වත් අපිට ඕනෙ කියලා. රජය කරපු දේ නිසා අපිට 130ට වී දෙන්න බැරි වෙලා තියෙනවා දැන් පෞද්ගලික අංශයට."
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී මිල නියම කිරීමෙන් ගොවියා තවත් අසරණ වෙලා
රනේ Thursday, 06 February 2025 01:49 PM
මේ පුද්ගලයා හානවා වගේ මට පේන්නේ?
pradeep Thursday, 06 February 2025 01:56 PM
මේවා දේශපාලනික ගේම්
ජගත් ලියනගේ Thursday, 06 February 2025 02:08 PM
ඔය උද්ඝෝෂණය කරන ගොවියා කාගෙ හරි ගොට්ටෙක් නෙවෙයි නේද?
පාරිභෝගිකයන් Thursday, 06 February 2025 02:24 PM
වී ගොවිතැන් කරන ඔබ වෙත සහන මිලට දෙන පොහොර බෙහෙත් වගා සහනාධාර නියං ආධාර ගොවි දීමනා විශ්‍රාම වැටුප් නොමිලේ වාරිමාර්ග හා සියලුම වරප්‍රසාද හා රජයේ සම්පූර්ණ දෙපාර්තමේන්තු තුනක සේවය ලබා දීලා තියෙන්නේ රු220ට වත් හාල් කන්න නැති රටේ අනෙකුත් පුරවැසියන් බව දැනගෙන ඉන්න කරුණාකරලා
සමන් Thursday, 06 February 2025 03:19 PM
මෙවන් මිනිසුන් සමඟ ඉදිරියට යෑමට වෙර දරන ඔබට දෙවියන්ටගේ පිහිටයි. මෙය මිනිසුන්ට ගොඩ දැමිය හැකි රටක් නොවේ. මුන්ගේ ආකල්ප වටහා ගතහැක්කේ සතරවරම් දෙවියන්ට පමණි. හරිම ආත්මාර්ථකාමී ජන කොට්ඨාශයක්.
ගුණරත්න Thursday, 06 February 2025 05:42 PM
ආණ්ඩුව එහෙම කලේ මෝල් මාෆියාවට යට වුණු නිසයි. ඕකුන් මෝල් මාෆියාවෙන් සල්ලි ගත්තාද කවුද දන්නේ..?
Chamara Thursday, 06 February 2025 06:19 PM
යකෝ දැන් ඊයේ වෙනකම් ප්‍රවෘත්ති වලට පෙන්නුවේ වී විකිණෙන්නේ 100ට අඩුවෙන් කියලනේ. මෙයා කොහේද 130ට විකුණලා තියෙන්නේ එතකොට. ඒ කියන්නේ පාලන මිල ගේන්න පරක්කු කරපු එක හරිනේ...
Bunny Preena Friday, 07 February 2025 11:05 AM
හුඟක් දෙනෙකුට කොච්චර ලැබුණත් මදි අනේ මෙහෙම තන්හාවක්