මහ කන්නයේ වී මිලදී ගැනිම සඳහා වී අලෙවි මණ්ඩලය ගොවින් ලියාපදිංචි කරන හෙයින් ලියාපදිංචි වන ලෙස ප්‍රාදේශිය කළමණාකරු ඩබ්ලව්.ඕ. තිලකරත්න මහතා ගොවින්ගෙන් ඉල්ලා සිටියි.
මහ කන්නයේ අස්වැන්න මාර්තු මුලදී කපා පෑගෙයි. මණ්ඩලයේ අන්තර්ජාලයට ඇතුළු විමෙන් මෙම ලියාපදිංචිය කළ හැකි බව ඔහු සඳහන් කළේය.
ශ්‍රි ලංකාවේ ගොවීන් කී දෙනෙකුට අන්තර්ජාල පහසුකම් ඇද්දැයි ඇසූ විට තිලකරත්න මහතා කීවේ එය නොදන්නා බවයි.
ඔය හැම දෙනා ළඟම ස්මාර්ට් ෆෝන් තියෙනවා. කළ යුත්තේ ස්මාර්ට් ෆෝන් එකකින් අපේ වෙබ් අඩවියට ගිහින් කුඹුරු හිමියගේ නමත් කුඹුරු හිමියන්ගේ නාම ලේඛනයේ අංකයත් පොහොර නාම ලේඛනයේ අංකයත් ඇතුල් කිරීමයි.
වී මිලදී ගැනීම සඳහා පුර්ව සුදානමක් ලෙස ගබඩා පහසුකම් ඇති කිරිම සහ නියමිත ප්‍රදේශ හඳුනා ගැනිමෙන් ප්‍රමාදයකින් තොරව ගොවින්ගෙන් වී 2015 මහ කන්නයේ මිලදී ගැනිමට රජය සුදානමින් සිටින හෙයින් මෙම වැඩ පිළිවෙළ කඩිනමින් සිදු කරන බව ද ප්‍රාදේශිය කළමණාකරු පැවසුවේය.
මුල් වරට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන හෙයින් යම් යම් අඩු පාඩුකම් ඇති විය හැකි හෙයින් ගොවින්ගේ වී මිලදී ගැනීමේ සුපුරුදු ක්‍රියාවලිය නකර නොකරන බවද ඔහු කීවේය.
රජරට ගොවි නියොජිතයකු පැවසුවේ ''මේක බහුබූත තීරණයක් බවයි. ගොවියාට පුළුවන් උදැල්ලෙන් කුඹුරු කොටන්න, වී ටික ඉහින්න. ජංගම දුරකතනයක් තිබුණත් තාක්ෂණ දානුම නැත්තනම් ඔය කියන දේ කරන්න බෑ. එහෙම නම් ගොවීන්ට හැම ගමකම පංති පවත්තලා මේ වැඩේ කරන හැටි කියා දෙන්න වේවි. ලංකාවේ ඉන්නේ ඇමරිකාවේ ගොවීන් නොවන බව තිලකරත්න මහත්තයා නොදන්නවා ඇති. මේ වගේ මිනිස්සුන් මේ වගේ තනතුරු වලට දානකොට දෙපාරක් හිතන්න ඕනෑ.''
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සාක්ෂරතාවය ඇත්තේ ජනගහනයෙන් 21% ක් පමණි.
(අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන නයිජිරියා ගොවියෙක් )
(ඉන්දිය ගොවියෙක්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ රටේ ලොකුම දැවෙන ප්‍රශ්නය තනපට වීසිකිරීමනේ. ගොවියාට මොනවා වුණත් දැනට කමක් නැහැ. රණසිංහ මහතා කියන කතාව ඇත්ත. (නි)
අපේ රටට දෙවියන්ගේම පිහිට ලැබේවා. (ම)
මෙම නව අත්හදා බැලීමක්, නියම නිෂ්පාදකයා හඳුනා ගත හැකි...! නැතුව කොහොමද රටක් ඉස්සරහට යන්නේ..? දැනට මෙම ක්‍රියාවලියේ කෙරෙන වංචා දුෂණ අවමකර ගත හැකි ක්‍රමයක් බව ද පෙනෙනවා .දැන් ඔය මණ්ඩලේට වී විකුනන්නේ ගොවියෝමද..? දන්නෝ දනිති එය..! අතරමැදියා පමණක් නොව සැබෑ නිෂ්පාදකයා වන ගොවියා ද අන්තර්ජාලය හුරු විය යුතුයි...! ඕනෑම සමාජ ස්ථරයක (ආදිවාසීන් පවා) නව පරපුර දැන් ජංගම දුරබණුවෙන් යස අපූරුවට අන්තර්ජාලය භාවිතකරනවා. ගොවි තුමන්ලාට වසර ගණනාවක සිට බැංකු වලින් ,ලීසිං සමාගම් වලින් ට්‍රැක්ටර්, වාහන වලට ණය ගන්න දැනීමක් තියනවා නම් මෙයට හුරු වෙන්න බැරි විදිහක් නැහැ. දැන් කවුද අන්තර්ජාලය භාවිතා නොකරන්නේ..? පසුගාමී සහ දුශිතයනට තමයි හැම දේම නොපිටට පෙනෙන්නේ.මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාවේ යොදවන්න....! හිමාල් ,කුමාර් ,ඩිලාන්,දුමින්ද,විශ්ව ,ප්‍රසාද් ,ඔබලා හරි...! සුහවාදීව හිතනවා. (අ)
අනේ මෙහෙමත් නිලධාරීන් අපේ රටේ තනතුරු දරන එක ගැන කණගාටුයි. ගොවියාගේ තත්වය තේරුම්ගන්න තරම් බුද්ධියක් නැති හැටි. (නි)
අනේ මේ ගොවියට මොකද වෙන්නේ ? (ම)
මේ වැඩේ හොදයි. නමුත් මුල් අවස්ථාවේ පහසුකම් සැපයිය යුතුයි (ම)
ඇයි ලංකාවේ බැරි, අප්‍රිකාවේ බොහෝ දුෂ්කර රටවල පවා ගොවීන් සාමාන්‍ය දුරකථන මගින් බැංකු කටයුතු, වෙළඳපොල විමසීම් කාලගුණය හා බොහෝ සේවා සලසා ගන්නවා.(ම)
නැණසලින් ගොවිබිමට (ම)
අර ත්‍රීවීල් මල්ලි කෙනෙක් හැමතිස්සෙම කියන්නේ "දැන් කව්ද මහත්තයෝ ඕවට බැංකුවලට යන්නේ, දැන් හැමෝම ඕවා කරන්නේ ෆෝන් එකෙන්. ඔය ලැප්ටොප් එකෙනුත් පුළුවන් කියා" ඉතින් මොකද ගොවි මහත්වරුන්ට බැරිවෙන්නේ? (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
ගොවියෝම බලා ගනිත්වා! (නි)
මේ හුඟක් හොඳ වැඩක්. මේ කල යුතුම වැඩක් මේ වැඩ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් (කෞ)
අන්තර්ජාලයෙන් කෙළින්ම ලියාපදිංචි වෙන්න බැරි අයට ගොවි ජන කාර්යාලෙට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. මේක හොඳ වැඩක්. (ර)
අපේ ගොවීන්ට පුහුණුවක් දුන්නනම් මොකද වෙන්නේ. (ර)
හැමදේටම පුහුණුව දෙන්න ඕනෑද? ඔයවගේ දෙයක් දන්නා කාගෙන්හරි අහලා දැනගන්න බැරිද? අපි හැමෝම ජංගම දුරකථන පාවිච්චි කරන්න ඉගෙනගත්තේ, අන්තර්ජාලය පාවිච්චි කරන්න ඉගෙනගත්තේ එහෙමයි. තාක්ෂණයෙන් ප්‍රයෝජන ගැනීම හොඳ දෙයක්. තාක්ෂණය දියුණු මේ කාලේ මිනිස්සු පෝලිම් වල රස්තියාදු කිරීම තමයි වැරදි. (නි)
ඇයි, ළඟම තියෙන ණැනසලට ගියා නම් හරිනේ. ලංකාවේ මිනිසු ලංකාව ගැනම ඉතාම පසුගාමී විදියට හිතන එක තමා දුක. අන්තර්ජාලය කියන්නේ මහ අමාරු දෙයක්වත් පන්ති තියලා උගන්වන්න තරම් දෙයකුත් නෙමෙයි. මේ වගේ දේවල් තමයි වෙන්න ඕනෑ, මම නම් හිතන හැටියට (නි)
මේ වගේ නිලධාරීන් හා වැඩ පිළිවළවල් අපහසු තත්වයන්ට ලක් කිරීම නෙමෙයි කරන්න ඕන. අගය කරන්න ඕන. හැම රජයේ අයතනක්ම අලුත් වෙනවනම් මේකත් අද රටක්. (බ)
මේ මිනිසුන්ට මොනවා වෙලාද? මොනවාද මේ වැඩ? (නි)
සෑම රජයකින්ම කෘෂිකර්මාන්තය ගැන අත්හදා බැලීම් කරනව. නමුත් දවසින් දවස ගොවිය වළ පල්ලට. (කෞ)
අමාරුම කෙනෙක් ඉන්නවා නම් පාසලේ නමය ශ්‍රේණිය දරුවෙකුට කියන්න. එයා කරන හැටි කියලා දේවි. අනේ ළමයිනේ, වෙනස් වෙන්න ඔපමණ බයවෙන්න එපා. පරිගණකය භාවිතය කොල පුරවනවාට වඩා ලෙහෙසියි. (නි)