යල කන්නයේ වී මිලදි ගැනීමේ තදබදය අවම කීරිම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරින් සහ සිවිල් ආරක්ෂක නිලධාරින් දිවයින පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට හෙට (29) සිට යොදවන බව වී අලවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා කියයි.
වී ගබඩාවල ඉඩ පහසුකම් නොමැති නම් හා ගොවීන්ට තම වී අස්වනු අලවිකිරිම සඳහා කිලෝමීටර් 30ට වඩා දුරින් පිහිටි මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට යෑමට සිදුවේ නම් වී අලවි මණ්ඩලයේ ජංගම ලොරි මඟින් වී මිලදී ගන්නා බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය වෙන්කළ මුදල්වලින් අඩක් තවමත් ඉතිරි වී ඇති හෙයින් ගොවීන් සාමුහිකව කටයුතු කර හිදිසියකින් තොරව, කාණ්ඩ වශයෙන් කාලය වෙන්කර ගනිමින් වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට පැමිණිමෙන් වී මිලදී ගැනීමේ තදබදය වළක්වා ගත හැකි බවද වී අලවි මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රූපවාහිනියේ දැක්ක ඒ ගොල්ල වැඩට බැහැල තියන විදිය.(නදී)
තමන්ට රාජකාරි පවරලා නැතුව හිටපු අයද මේ වැඩට අරන් තියෙන්නේ? එම අයට හිතට සහනයක්.(නදී)
දිසානායක මහත්තයෝ මේ වී අස්වැන්න ආවේ හමාපු හුලාගත් එක්ක නොවේ. ගොයම් පීදිලා, පැහිල, අස්වෙන්න නෙළුවට පස්සේ ගොවිමහතුන් වී ගෙනාවේ. කිසිම කරදරයක් නැතුව ගොවිමහතුන්ට වී විකුනන්න සලස්වන්න බැරිනම් ඔය පුටුවෙන් නැගිටලා යන්න.(නදී)
වී මිලදී ගැනීමට ජංගම මධ්‍යස්ථාන ඇතිකරන්න. එතකොට ගොවි මහතුන්ට හැතැම්ම ගණන් දුර, කාලය නාස්තිකරගෙන වී ගෙනියන්න අවශ්‍ය නැහැ. නිලධාරියෙක් සහ කම්කරුවෝ දෙදෙනෙක් යවන්න වී ගන්න. ගොවිමහතුන්ගෙන් ගන්න වී වලට රිසිට් පතක් නිකුත් කරන්න. වී වලට ගෙවිය යුතු මුදල් ඒ ඒ ගොවිමහතුන්ගේ ගිණුම් වලට නොපමාව බැර කරන්න. (නදී)
වී මිල දී ගන්න කාලෙට , නිලධාරීන් මුදල් අරගෙන ගම හැමතැනම දුවන්න අවශ්‍ය නැහැ. වාර්තාවලට අනුව ඒ ඒගොවි මහතුන්ට හිමිවියයුතු මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැරකර , ගොවි මහතුන්ට ලිඛිතව දැනුම්දෙන්න. බැංකුවට විස්තර දුන්නහම ඔවුන් කරාවී.(නදී)
අස්වැන්න නෙලන කම් බලධාරීන් නිදාගෙනද හිටියේ? (නදී)
කල්වේලා ඇතුව ගොවියන් හමුවෙලා තොරතුරු දැනගැනීම අවශයයි. එනම් බලාපොරොත්තුව අස්වැන්න, නෙලන කාලය යනාදී වසයෙන්. (නදී)
ගොවි මහතුන්ගේ කාලය සහ මුදල් අපතේ නොයැවීමටද වගකිව යුත්තෝ වග බලාගත යුතුය. (නදී)
පුටු වලින් නැගිටලා , මාසෙකට සැරයක්වත් කුඹුරට ගිහින් ගොවි මහතුන් හමුවන්න. ගොවි මතුන් කාර්යාලයට කැඳවන්න එපා . (නදී)
යම් ප්‍රදේශයකට වී මිලදී ගැනීමට ලොරිය එන බව ගොවි මහතුන්ට දැනුම් දෙන්නේ කව්ද? වෙන්කර ඇති මුදල් ඉවර වූ පසු, ඉතිරි ගොවිමහතුන්ගේ වී විකුනන්නේ කෙසේද? ගොවිමහතුන් කණ්ඩායම් වසයෙන් වී මිලදී ගන්න ස්ථානයට පැමිණීම සංවිදානය කලයුත්තේ කව්ද? (නදී)
දිසානායක මහත්තයෝ ඔබගේ ආයතනයේ වැඩ කටයුතු කල්තිය සලසුම්කරන්න, එම සැලසුම් නිසි වෙලාවට ක්‍රියාත්මක කරන්න , සම්බන්දීකරනය කරන්න, නිරීක්ෂණය කරන්න. (නදී)
ගොවි ජනතාව අතහැර දැමු කොට්ටාසයක් බවට පත්ව ඇත. ඔවුන්ගේ ප්‍රශ්න එමටය:- බිත්තර වී ප්‍රශ්න ,පොහොර ප්‍රශ්න, වතුර පිළිබද ප්‍රශ්න, ( වතුර නිසා මිනි මරා ගෙනද ඇත ) , කෘෂිනාශක බෙහෙත් පිළිබඳ ප්‍රශ්න. නමුත් රජය ගොළුවත රකී.(ම)
වර්තමානයේ යහපත් පරිසර තත්වයන් යටතේ වාර්ෂිකව මෙටි්‍රක් ටොන් ලක්‌ෂ 65 ක ඉලක්කයක් තුළ වී නිෂ්පාදනය කෙරෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ යල කන්නය තුළ මෙට්‍රික් ටොන් ලක්‌ෂ තිහක් සහ මහ කන්නයට මෙට්‍රික් ටොන් ලක්‌ෂ තිස් පහක් වන්නා වූ ඉලක්ක ගතයක් තුළය. මෙයින් රජය මිලදී ගන්නේ සියයට පහක හෝ හයක ප්‍රමාණය බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉතිරි ප්‍රමාණය, එනම් නිෂ්පාදනයෙන් සියයට අනූපහක් පමණම මිලදී ගන්නේ පෞද්ගලික අංශයේ බහුතර කුට වංචනිකයෝය. රජයේ ගබඩාවල ප්‍රමාණවත් ඉඩ පහසු කම් පිලිබඳ ගැටළු මත රජයට මිලදී ගත හැක්‌කේ මෙරට වී නිෂ්පාදනයෙන් සියයට දහයක ප්‍රමාණයකි. මෙහි තිත්ත ඇත්ත නම් මේ රටට බත සපයන අහිංසක ගොවියා කබලෙන් ලිපට වැටී ඔවුන් දරාගත නොහැකි අනන්ත වූ දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගෙන දිව් සයුර තරණය කිරීමයි. (නදී)
ගබඩා පහසුකම් වහාම ඇතිකළ යුතුයි. ඊලග කන්නෙත් මේ ප්‍රස්නම යලි පැන නැගුනොත්, විෂය භාර ඇමතිතුමා ඉල්ලා අස්විය යුතුයි (නදී)
කෘෂිකර්ම ඇමතිතුමා ගොවින් ඒ ඒ පළාත් වලට ගොස් හමුවිය යුතුය. එතුමාගේ ලිපිනය සහිත තැපැල් පතක් හෝ දෙකක් හැම ගොවි මහතෙකුටම දිය යුතුය. යම් පළාතක නිලධාරියෙක් ගොවිමහතුන් හමුවේ ඔවුන්ගේ ප්‍රස්න විසදන්නේ නැත්නම් , ගොවි මහතුන් තැපැල් පත, තැපෑලට දැමිය යුතුය.(නදී)
මෙම තැපැල් පතේ ඒ ඒගොවිමහතුන් හඳුනා ගැනීමට අංකයක් දැමිය යුතුය. තැපැල්පත ලබුනට පසු ඇමතිතුමා අදාල නිලධාරියාගෙන්, තමාට තැපැල් පත ලැබීමට හේතු / නිදහසට කරුණු ඉල්ලා සිටිය යුතුය. (නදී)
මෙවැනි වැඩ හරි කළමනාආරිත්වයකින් පවත්වා ගෙන යාම රජයේ වගකීමක් අපි හිතනවා වර්තමාන රජය නිසි වැඩපිළිවලක් යොදයි කියා ඉදිරි කන්න සදහා රටේ මුලික අවසථාව සහල් ඒ වගේම ගොවියන් රැක ගැනීම නවීන තාක්ෂණයෙන් යුක්ත ගබඩා පහසුකම් රට තුල ඇතිකලයුතුයි. (අ)