වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්තොටුපළට සිදුව ඇති අලාභය ගණනය කරන ලෙස ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (18) අමාත්‍යංශ බලධාරීන් සමග මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් බලධාරීන්ට දැනුම් දුන්නේය.
වී ගබඩා කිරීම තුළින් අපට විශාල පාඩුවක් සිදුවෙනවා. සාධාරණ කාලසීමාවක් තුළ වී ටික ඉවත් කරගෙන මෙය සුද්ධ පවිත්‍ර කර ගුවන්තොටුපළ පරිශ්‍රය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ඉඩ සලසා දෙන ලෙස වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවද ඇමැතිවරයා එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය කියන විදියට මත්තල ගුවන් තොටුපළ ලාබ ලැබුවද? දවසට යානා 50ක් විතර එනවද? මේ වචන නිකන් ගැලරිය පිනවන්න. ජනතා බදුමුදල් වලින් නඩත්තුවෙන මෙවැනි ස්ථාන නිසි කළමනාකරණය කර ලාබ ලබන තැනක් කිරීම රජයේ වගකීමක් (නි)
අලාබයත් ගන්න ඕඈ යෝජනා කරපු අයගෙන්. රටකට දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අවශයි.මෙය විනාශ නොකර වැඩක් ගන්න විදිහක් හදන්න ප්‍රායෝගිකව (නි)
ඇත්ත තමයි (නි)
වී ගබඩා කරලා තියෙන්නේ ගුදමක.ඒවා කොහොමත් ගන්නේ ගුවන් බඩු ගබඩා කරන්න.මේකේ වී දැම්මම පරෙයියො එනවා නම් භාණ්ඩ දාපුවාම කාක්කෝආවොත් පුදුම වෙන්න දෙයක් නෑ.ගුවන් තොටුපළ නිලධාරීන්ගේ අවසරය පිට නැතිව වී ගබඩා කරන්න (ම)
මේ වැඩේට අපි එදත් අදත් විරුද්ධයි. අපි යහපාලනයට ඡන්දය දුන්නේ මේ වගේ දේශපාලන ප්‍රචාරක උපක්‍රම භාවිතා කරන්න නෙමෙයි. මේකෙන් ඡන්ද කීයක් හරි කැඩුනා මිසක් වැඩිවුණේ නැහැ. මිනිස්සු මෝඩයෝ කියලා හිතන්න එපා. හිටපු කෙනත් වරද්දා ගත්තේ ඒකෙන්. මේ ඉදිකිරීම මහා අපරාධයක් වුණත් දැන් කරන්න ඕනෑ උපරිම ප්‍රයෝජන ගන්න එක. ජනතාව ඡන්දය දීලා තියෙන්නේ ජනතාව කැමති දේ කරන්න මිසක් තමුන්ට ඕනෑ දේ කරන්න නෙමෙයි (නි)
සුනිල් රත්නායක,ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදනවා කියලා කැලයක, කුරුළු විමානෙක හදනවද?රුපියල් කෝටි ප්‍රකෝටි කීයක් ණය වෙළාද/පරම්පරා කීයක් ණය කරලද කරලා තිබෙන්නේ කියලා හිතන්න.ඔහේ කැමතිද අවදානමේ වැටෙන්න යන්න?එහෙනම් ගිහින්ම බලන්න. (නි)
සත්‍යා, ඔබ හරි. ලංකාවේ දේශපාලනය තව පරම්පරා කීයකින් හරි මාර්ගයේ යාවිද කියන්න බැහැ. (නි)
අපේ පරණ විදුලි බලාගාර දැන් අවුරුදු ගානක් සිට කිසිම ප්‍රශ්නයක් නැතුව දුවනවා.ඒ කියලා අලුතින් හදපු නොරොච්චෝලේ විදුලි බලාගාරය මේ වෙනකොට 278 පාරක් ලෙඩවෙලා නතර කරලා තිබෙනවා.යකා විදිහටලු විමානේ කියලා කතාවක් තියෙනවනේ. (නි)
අපි මුලින්ම බලන්න ඕනෑ මත්තලට වී දාන්න තරම් වී අතිරික්තයක් රටේ තිබුනද කියලා. කලින් අවුරුදු වල වී මත්තලට ගේන්නේ නැතුව ගබඩා කළානේ. එසේම වී අතිරික්තයක් තියෙනවා නම් හාල් මිල අඩුවෙන්න ඕනෑ.එහෙම අඩුවුණේ නැහැ.කන්න පුළුවන් හාල් කිලෝ එකක් රු 80 වෙනවා. ඉතින් මෙහෙම දේවල් නොකර කරුණාකර බඩුමිල අඩුකරන්න.ඒ කාලේ වේදිකාවල නාස්තිය ගැන කතාකළා. දැන් ඒ නාස්තිය නැත්නම් බඩුමිල අඩුකරන්න පුළුවන්නේ. සමහර ගබඩා වල වී නරක්වෙලා තිබුනා. ඒවා නරක්වෙන්න කලින් වෙළද පොළට එවන්න තිබුනනේ. මෙම රජය ඇවිල්ලත් දැන් මාස 10ක් වෙනවා. හාල් අවුරුදු ගණන් ගබඩා කරන්නේ නැහැනේ. (නි)
මමත් තවත් විදේශීය රටවල ජීවත්වෙන උගතුන් 6 දෙනෙකුත් එක්ව මෑතකදී අපගේ පුද්ගලික වියදමින් සමීක්ෂණයක් කළා. අපි මේ හරහා උත්සාහ දැරුවේ ලංකාවෙන් මන්දපෝෂණය සම්පුර්ණයෙන්ම දුරලීමට නම් අත්‍යවශ්‍ය හා වෙනත් අහාර මිල කෙතරම් පහත වැටිය යුතුද යන්නයි. මෙහි ප්‍රතිඵල සැබවින්ම භයානක බව පෙනී ගියා. 78% කින් අහාර මිල පහත වැටුනොත් පමණක් සම්පුර්ණයෙන්ම මන්දපෝෂණය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව අපගේ සමීක්ෂණයේ නිගමනය වුණා. නමුත් මෙහි කිසියම් ප්‍රායෝගික ගැටළු ඇති බැවින් අනවශ්‍ය වියදම් අඩුකොට යාහැකි ඉලක්කය 57% කින් අත්‍යවශ්‍ය හා වෙනත් අහාර මිල පහත දැමීම බව පෙනීගියා. රටක් දියුණු කිරීමට නම් ශරීර ශක්තියෙන් පිරිපුන් ජනතාවක් ඇති කිරීම අංක එකේ අවශ්‍යතාවයයි. (නි)
මත්තල හැදුවෙත් මේ ගොල්ලෝ. මත්තලට වී දාන්නෙත් මේ ගොල්ලෝ. වී ටික ඉවත්කරන්නෙත් මේ ගොල්ලෝ. ඒ ටික ඉවත් කරලා පිරිසිදු කරන්න කොන්ත්‍රාත් දෙන්නෙත් මේ ගොල්ලෝ. ඕකට යහපාලනය කියලා කියන්න කියලා අපිට උගන්වන්නේත් මේ ගොල්ලෝ. අනේ මෙහෙම "පාලනයක්"? (නි)
සුනිල් රත්නායක මහතාණෙනි,ඔබගේ කටුනායක සහ මත්තල සංසන්දනයට කෙසේවත් එකඟවිය නොහැක.කටුනායක පිහිටා තිබුනේ ලංකාවේ අගනුවර වන කොළඹ නගරයට ආසන්නවය. එමනිසා මිනිස්සු එම ගුවන් තොටුපළ භාවිතා කිරීමට පෙළඹුනි. මත්තල පිහිටා තිබුනේ අලි ඉන්න වනාන්තරයකය. කැලේ ඉන්න සතුන්ට විදේශගතවීමට උවමාවක් නැත. එමනිසා එම ව්‍යාපෘතිය අසාර්ථකය. ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් අවශ්‍යය. නමුත් යාපනය , ත්‍රිකුණාමලය වැනි නගරයක් මේ සඳහා සුදුසු බව මගේ වැටහීමය. විදේශගතවීමට මගින් අඩු නම් ගුවන් සමාගම් යානා මෙහි එවන්නේ නැත. මත්තල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන මට කීමට ඇත්තේද මෙවැනි අදහසකි. ප්‍රේක්ෂකයන් නොමැති නිසා තරඟ පැවැත්වීමේ තේරුමක් නැත. (නි)
තිලක් ඩුබායිට නම් තියෙන්නේ පුදුමාකාර අමාරුවක් (නි)
සිතමු කුමක්ද හෙට දිනට හරි -නොසිතමු කව්ද හරි (රේ)
ඕක ඉතින් තිබුණත් වැඩක් නැනේ. අපරාදෙ රටේ සල්ලි.දැන් වී ටිකවත් දමමු (ත)
අනේ මන්දා, වී හෝ ධාන්‍ය ගබඩා කරන ලෝකයේ එකම ගුවන් තොටුපොල ලංකාවේ බව අපේ පුංචි පැටව් ටිකත් දන්නවා.මන්ද පෝෂණයෙන් තොර ජාතියක් ගොඩනැගීමට ගුවන් තොටේ වී ගබඩා කිරීම අවශ්‍යම නැහැ.ඇමතිතුමා දිගටම උනන්දුවෙන් වැඩ කරලා ජනතාව අතරට යන්න. (අ)
සමහරු අපේ රටේ ඉතිහාසය හරියට දන්නේ නැහැ. කටුනායක ගුවන් තොටුපල හදල තියෙන්නේ 1963. මීට අවුරුදු 53 කට කලින් .ඒ දවස්වල කටුනායක පැත්තත් තනිකර කැලෑවක් තිබිල තමයි ටිකෙන් ටික ජනාකීර්ණ වෙලා නිදහස් වෙළඳ කලාපය පිහිටුවලා අද තියෙන මට්ටමට එන්න දශක ගණනාවක් ගිහිල්ල තියෙනවා. මත්තල ගුවන් තොටුපල උනත් නියම විදිහට කළමනාකරණය කරලා ගුවන් සමාගම් වලට නැවත එන්න උවමනා පහසුකම් ලබා දුන්නොත් (දේශපාලන පලිගැනීම් සහ කුහක කම් වලින් තොරව ) මේක ලංකාවට හොඳ අදායම් මාර්ගයක් වෙනවා. ඕනෑම දියුණු වෙමින් පවතින ලංකාව වගේ රටක ගුවන් තොටුපලක් වරායක් වැනි ස්ථානයක් නියමිත තත්වයට පත්වෙන්න ටික කාලයක් යනවා. එක අපි හැමෝම පිළිගන්න සත්‍යයක් . මෙතන වෙලා තියෙන්නේ කිසිම දෙයක් හරිහැටි නොදන්නා මෝඩ රැලක් දේශපාලන පාට පාට කන්නාඩි දමාගෙන මේක දිහා බලාගෙන බොරුවට තප්පුලන එකයි. දැන් තියෙන යහපාලන ආණ්ඩුවට ඕනවෙලා තියෙන්නේ මේක තව ටිකක් කල් ඇදගෙන ගිහිල්ලා ඊටපස්සේ එයාලගේ මහන්සියෙන් නැවත වරක් ගොඩගත්ත අලුත් ව්‍යාපෘතියක් විදිහට එලියට දල දේශපාලන වාසි ලබාගන්න කියල හොඳට තේරෙනවා . (කලින් බෝඩ් ලෑලි මාරු කර කර අලුතින් විවෘත කරපු ඒවා වගේ ) එහෙම නැතිව ගුවන් යනා ගෙන්න ගන්න බැරිකමක් නොවේ . මොවුන් හිතාමතාම කරන දේශපාලන කපටිකමක් . තව ටික කලක් ඉඳල බලමු මොකද වෙන්නේ කියල. (අ)
මට නම් පෙන්නේ අපේ මහාචාර්ය තුමාගේ කොමෙන්ට් එකට අපේ කිසි කෙනෙක්ගේ අවධානය යොමුවෙලා නැති පාටයි. රටේ කොපමණ කපට පාරවල් තිබුනත් වැඩක් නැහැ රටේ ජනතාව මන්දපෝෂණයෙන් පෙලෙනවානම්. ඕනෑම රටක කොඳු නාරටිය රටේ ජනතාව. (රේ)
මේක රටට සම්පතක්. අද ලාබ නොලැබුණත් තව වසර ගණනකින් මෙවැනි ගුවන් තොාටුුපලක් හදන්න මේ වගේ කීප ගුනයක් වැය වෙයි. කාලගුණය අයහපත් වෙලා මේ ලඟදිත් පුවතක් තිබුණ මත්තලට යානයක් ආව කියල. මත්තල නොතිබුණනම් ඒක ඉන්දියාවට යවන්න වෙනවළු. බේද අතඇරල කරපු දේවලින් ප්‍රයෝජන ගැනීමයි කළ යුත්තේ.(රේ)
කාලෙකින් කළ හොඳ දෙයක් (නි)
දේශපාලන පළිගැනීම් ඇරෙන්න ජනතාවට කරන කිසිම හොදක් නෑ. (ත)
මෙය මගේ ඇස් දෙකෙන්මදැක්කා. ගුවන් තොටුපොළට කිසිම ගුවන් යානයක් එන්නේ/යන්නේ නැති නිසා අඩු මුදලට ගුවන් පත දීල ගුවන් යාන ගෙන්වා ගන්නවා.අපි ගිය ගුවන් යානයට කිසිම මගියෙක් මත්තලින් ගියේ හෝ අවේ නැහැ.ඒ වුනාට ගුවන් යානය මත්තලට පැමිණියා කියන ලේකණයේ අත්සන් ගන්න පොතක් අරගෙන කෙනෙක් ඇතුළු වුනා දැක්කා. මත්තලින් යන්නේ එන්නේ නැති කොට අසරණ අපිවද දන්ගෙඩියට දක්කන්නේ??මේවා ජාතික අපරාධ. (ත)
වී ගබඩා කරලා හරි බොරුවට වියදම් වුන සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්නයි හැදුවේ. දැන් ඒකත් නැහැ. මේකේ නඩත්තුවට දැන් සල්ලි කොහෙන්ද? (ත)
මේවා දකිද්දි හොඳ හොඳ කියමන් මතක් වෙනවා. (ත)
එයාර් ඒසියා වගේ සමාගමකට ගුවන්යානා නඩත්තු කරන මධ්‍යස්ථානයක් පටන් ගන්න මේක දෙන්න . (ත)
නිමල් සිරිපාලත් ඉදල හිටලා මොලේ ඇති වැඩ කරනවා . දුමිරියෙන් හිගන්නෝ එලෙව්වා , දැන් මේක (බ)
සිරිපාල කියන විදියට කීයක් විතර පාඩුද දන්නේ නැහැ. අනේද කියන්නේ.ඔය මත්තල ගුවන් තොටුපළ හදද්දී මොවුන් කොහෙද හිටියේ..? එකෙක්ටවත් කොන්දක් තිබ්බේ නැහැ අඩුම තරමින් සලකා බලන්න කියලවත් කියන්න. දැන් එනවා සංදර්ශන තියන්න. කොමිඩි කෑලි. (බ)
ඇයි ඉවත් කරන්නේ? මෙහි වී ගබඩා කරන්න යෝජනා කළේ ගිය ආණ්ඩුවෙන් නොවෙයි නේද? (බ)
ජගත්.දැන් ඕකට ගුවන් යාන ආවත් එකයි.නාවත් එකයි. නේද? (ත)
කරන්නම දෙයක් නැත්තන් රජයේ ජාත්‍යන්තර ගුවන් යාන පුහුණු පාසලක් පටන් ගන්න. (ත)
වී ගබඩාවක් හදන්න කොච්චර කාලයක් යයිද? දැන් කරන ඉදිකිරීම් ගැන බලනකොට ඒකට එච්චර කාලයක් යන්නේ නැහැ. තව ජාත්ත්‍යන්තර ගුවන් තොටුපළක් තියෙනවා කියන්නේ රටකට ගොඩාක් වැදගත්. මේක යහපාලනයට තේරෙන්නේ නැහැ වගේ. (නි)
මම හිතන විදිහට මේ වී ගබඩා කරලා තියෙන්නේ ගුදම් ගොඩනැගිල්ලක. කොහොමත් ගුදම් වල දමන්නේ ඕවා තමා. ගුවන් යානා නොඑන නිසා ගුදම් හිස්. (නි)
මත්තල කියන්නේ "නියමම කැලයක්". කරපු අසාර්ථකම ව්‍යාපෘතියක්.ඒක මත්තල ගිය ඕනෑම කෙනෙකුට පෙනෙන ප්‍රසිද්ධ රහසක්. (නි)
ශ්‍රී ලංකන් එකත් විනාශම වෙලා පාඩු ලබන්නම වැඩ සිද්ධවෙලා.ඒකෙන් දැන් අපිට අඩු මුදලට යන්න තියෙන්නේ ගුවන් සමාගම් අතළොස්සක් පමණයි.දැන් ඒවත් යන්නේ මත්තල කැලය හරහායි.ඒ අපිව දං ගෙඩියට දක්කලයි.අඩු මුදලට ගුවන් පතක් දෙනවා කියලා දැන දැනම අනතුරේ වැටෙන්න යන්න කැමති කවුද? (නි)
කටුනායකින් ගිය මම "මත්තල පට්ට කැලේ" යනවා කියල දැන ගත්තු ගමන් මම නම් කළේ මගේ සියලුම දේපල දරුවන්ට බෙදී යන ආකාරය ගැන මගේ පවුලේ උදවිය දැනුවත් කිරීමයි. ගුවන් යානය බස්සනකොට සහ නග්ගනකොට සියලුම ආගම් අයදිමි.කොමිස් ගහපු එකා පැත්තක.අපිද මැරෙන්න යන්න ඕනේ? (බ)
මේ තිලක්-ඩුබායි ඇත්තත මිනිසු දන්නවා දැක්ක වගේ බොරු කියන්න එපා (රේ්)
අපේ ගුවන් යානය "මත්තල කැලේ" බස්සනකොට ගුවන් තොටුපොළේ තිබුනේ එකම ගුවන් යානයක් පමණයි.ඒකත් රෝටානා ජෙට් කියන සමාගමට අයිති අඩු මුදලට යන ගුවන් යානයක්.වැඩි කල් බොරුවෙන් යන්න ලැබෙන්නේ නැහැ.මොණරෙක් වැදිලා යානයක් හානි වුණහම අඩු මුදලට ගිය අපිද වැරදිකරුවන් වෙන්නේ. (නි)
අපේ ගුවන් යානය "මත්තල පට්ට කැලේ" බස්සනකොට ගුවන් තොටුපොළේ තිබුනේ එකම ගුවන් යානයක් පමණයි. ඒකත් රෝටාන ජෙට් කියන සමාගමට අයිති අඩු මුදලට යන ගුවන් යානයක් පමණයි. වැඩි කල් බොරුවෙන් යන්න ලැබෙන්නේ නැහැ.මොනරෙක් වැදිලා යානයක් සුද්ද වුනහම අඩු මුදලට ගිය අපිද වැරදිකරුවන් වෙන්නේ. (බ)
රටේ නීතියක් නැතිනම් නීතියක් හදල හරි,මේ හදපු එකාව එල්ලලා මරපල්ලා. (බ)
ආයෙත් නම් නිකන් ගුවන් පතක් ලැබුනත් "මත්තල කැලේ" හරහා යන කිසිම ගුවන් යානයක යන්නේ නැහැ කියලා හිතාගත්තා.මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බයට මැරෙන්නේ නොදැන.මේ අපි මැරෙන්න යන්නේ දැන දැනම.අඩුම වශයෙන් ඔය වාසි ලැබූ එක් කෙනෙක්වත් මත්තලින් යනවා/එනවද? (නි)
ආවස්ථික පිරිවැයක් තියෙනවද? (බ)
ඔය වී ගබඩා කරලා තිබෙන්නේ පර්යන්ත ගොඩනැගිල්ලේ නොව හිස්ව තිබෙන හැන්ගර් වල. දැන් ඔය වී ඔතන පල්වෙන්න අරින්නේ නැතුව පිරිසිදු කර වෙළඳපළට නිකුත් කරන්න. එතකොට හාල් මිල අඩු වේවි (නි)
වී ගබඩා කිරීම තුළින් අපට විශාල පාඩුවක් සිදුවෙනවා කියන්නේ ඇයි?මොනවටද මේ ගබඩා ඉස්සර පාවිච්චි කලේ?(රේ)
මේ තීරණ ගන්න කලින් හිතන්න ඕන මේවා. (ර)
අනේ මන්දා, අපි ආණ්ඩු මාරු කළත් එකම මුහුණු ටික, වෙනස් අමාත්‍යංශ. (නි)
මේ පාඩුව දැන් අපිද දරන්න ඕනෑ? (නි)
දැන්වත් තේරුනා ඇති (නි)
ඒ වුණාට වී ගබඩා කරලා මෙහෙම වටිනා තැනක් නිකන් නාස්ති කරන්න නරකයි (නි)