IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වී අළෙවි මණ්ඩලය බලාපොරොත්තුවෙන්


(යොහාන් භාසුර)

ගොවි ව්‍යාපාර රැසක වී අස්වැන්න මේ දක්වා නෙළීම ආරම්භ කර නොමැති බවත් වී අස්වැන්න නෙළීම අඛණ්ඩව සිදුවන විට ගොවීන් රජයේ කොටස වී අළෙවි මණ්ඩලයට අළෙවි කරනු ඇති බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද (10) පැවසීය.

වී අළෙවි මණ්ඩලය සතු ගබඩා වී මිලදීගැනීම සඳහා සූදානම් කර ඇති බවත් ප්‍රයෝජනයට ගතනොහැකි තත්වයට පත්ව තිබූ එම ගබඩාවලින් වැඩි සංඛ්‍යාවක් ගොවි සංවිධානවල මැදිහත්වීමෙන්ම නැවත ප්‍රයෝජනයට ගතහැකි තත්වයට පත්කළ බවත් පින්නලන්ද මහතා කීය.

ගොවි ජනතාව නැවත සකස් කළ ගබඩාවලට එම ජනතාව වී අළෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන කී පින්නලන්ද මහතා තවත් විශාල වී තොගයක් නෙළීමට ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
වී කිලෝවකට රුපියල් 120 ක මිලක් ලැබීම ගොවිජනතාවට කළ හොඳ දිරිගැන්වීමක් බවත් ගොවි ජනතාව ඒ පිළිබඳව අවදානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පින්නලන්ද මහතා වැඩි දුරටත් පැවසීය.

වී අළෙවි මණ්ඩලය මෙම මස 6 වැනිදා වී මිලදීගැනීම ආරම්භ කළ කිසිඳු ගොවියෙක් ඊයේ පස්වරුව දක්වා එම මණ්ඩලයට වී අළෙවි කර නොතිබුණි.

අස්වැන්න නෙළන ප්‍රදේශවල ගොවීන් වී අළෙවි මණ්ඩලය මිලදීගන්නා මිලට වඩා වැඩි මිලට වී අළෙවි කරන බවත් පෞද්ගලික අංශය රජයේ මිලට වඩා වැඩි මිලට වී මිලදීගන්නා බවත් ගොවි සංවිධාන පැවසීය. 

 



අදහස් (7)

වී අළෙවි මණ්ඩලය බලාපොරොත්තුවෙන්

මැක්ස් Monday, 10 February 2025 04:15 PM

ගෝඨා ආණ්ඩු කරන සමයේ පොහොර සහනාධාරය ලබන ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය. තමන්ගේ අස්වැන්නෙන් කොටසක් රජයට ලබා දෙන ලෙසයි. නමුත් ඒ වෙලේ ජවිපෙය පොළොවේ පස් කෑවේ වැඩි මිලට වී මිල දී ගන්නා පුද්ගලික වෙළෙදුන්ට වී අලෙවි කිරීමට ගොවීන්ට අවස්ථාව දිය යුතු බවටයි. එය දැන් පාරා වළල්ලක් වී මේ බොරුකාර මාලිමා ආණ්ඩුවට වැදී ඇත. දිට්ඨ ධම්මවේදනීය කර්මය!

:       27       15

karolis Monday, 10 February 2025 04:47 PM

ආණ්ඩුවට ඉතා කෙටි කලක් තුල බලය ගන්න කී බොරු වැමෑරීමටත්, කල සියල්ල පල දීමටත් පටන් ගෙන ඇත.

:       22       11

සෙනෙවිරත්න Monday, 10 February 2025 05:32 PM

මැක්ස් සහ කරෝලිස් පොලවේ පස් කෑවාද? ගෝඨා සහ රනිල් කිසිදා බලයට එන්නේ නැත. එම මාදිළියේ පාලන මේ රටට අනවශ්‍ය බව ජනතාව තීරණය කර ඇත. රටේ විශාල වෙනසක් ඇතිවෙමින් පවතියි. ඒවා අතර හාල් පොල් වැදගත් නැත. මේ ඇසෙන්නේ පරණ ක්‍රමයට බඩ වඩාගත් අයගේ අඳෝනාවයි.

:       8       18

karolisMonday, 10 February 2025 10:15 PM

විශාල වෙනසක් කෙසේ වෙතත් විශාල බොරුවක් නම් පේනවා. සෙනෙවිරත්න ට හීනෙන්ද වෙනස පේන්නේ?

:       0       0

Asela Monday, 10 February 2025 06:06 PM

පෙර මැතිවරණයට පෙර ඔවුන් කී බොරු නොතකා NPP ප්‍රමුඛ පසුගාමී ආවරණ දේශපාලන පක්ෂයට මෙම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවීම මහත් සරදමකි. කෙසේ වෙතත්, මැදිහත්කරු සහ ඊනියා ගොවියා යන දෙදෙනාම සාන්තු හෝ ඉතා දයාවන්ත මිනිසුන් නොවේ. ඔවුන්ට අවශ්‍ය රජය සහ ජනතාවම කොල්ලකෑමටයි. ලියාපදිංචි වී ඇති ගොවීන්ගෙන් වී අස්වැන්නෙන් ප්‍රමාණාත්මක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා රජය විසින් නීති කිහිපයක් හඳුන්වා දීම නුවණට හුරුයි. කෙසේ වෙතත්, වී බෝඩ් එකේ වාඩි වී සිටින රජයේ කූඩැල්ලන් ගොවීන් කාර්යාලයේ දොරකඩට ගෙන එන තෙක් කාමරයට වී බලා සිටිය යුතු නැත. ඔවුන් ගොවියා වෙත ගොස් ඒවා මිලදීගත යුතුයි. එහෙත්, මෙය බොහෝ චක්‍රලේඛවලින් ඔතා ඇති අකාර්යක්ෂම හා කාර්යක්ෂම පෞද්ගලික අංශයේ ප්‍රශ්නයයි. කොහොමත් 1kg එහෙමත් නැතිනම් හාල් හදන්න ඕන වී කිලෝ 2ක් තියෙනවා කියලා දැනගන්න ඕනැ. ඉතින්, එන කන්නයේ මිල 250 ට වඩා වැඩි වනු ඇත. ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි.

:       8       6

Kazi Shajahan Tuesday, 11 February 2025 09:01 AM

තව ටික දවසකින් ගොවියෝ වී ගෙනාවා ඇඩෙන්ඩ වී මණ්ඩලයට හැබැයි පස්සේ කියන්ඩ එපා ගෙනල්ලා වී ගන්ඩ සල්ලි නෑ කියලා

:       0       4

සිල්වා Tuesday, 11 February 2025 10:52 AM

පෞද්ගලික අංශය ඇඹුල, විට, කහට කෝප්පය ඇතුළු සියලුම වියදම්වලට ගෙවන නිසා වී අලෙවි මණ්ඩලයට තරග කිරීමට බැරිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site