
(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ලාෆ් සමාගම අද (11) රාත්‍රී නිවේදනය කළේය.
ඒ අනුව ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක මිල 300 කින් සහ කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක මිල රුපියල් 120 කින් ඉහළ දැමූ බවත් ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක නව මිල 4,630 ක් සහ කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක නව මිල රුපියල් 1,862 ක් බවත් එම සමාගම කීය.
මෙම මිල ඉහළ දැමීමත් සමග ලිට්රෝ ගෑස් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලට වඩා ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 640 ක් වැඩිවීම මෙහිදී කැපී පෙනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd