IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ලාල් කාන්ත ඇත්ත කියයි

(සුජිත් හේවාජුලිගේ)


අඩු තරමින් ඕලෙවල් සහතිකයවත්  නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ  රියදුරු බලපත්‍රය පමණක් බවත්   වැඩ කිරීමට තමාට  අධ්‍යාපන සහතික කිසි දිනක  අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු  සම්පත් ඉඩම් වාරිමාර්ග සහ   මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.

අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු   අවුරුදු පන්සීයකින් කරන දේ තමා  දැනටමත් අවසන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  මහනුවර පැවැති වැඩසටහනකදීය.

කේඩී ලාල්කාන්ත මහතා  මෙසේද පැවසීය

මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ
රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි. හැබැයි ඒක මට හම්බවෙන්නේ නෑ.   ඒ මරණ සහතිකය. 

වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන  සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම පශු  සම්පත් ඉඩම් වාරිමාර්ග මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියයකින්  කරන දේ මම කරලා ඉවරයි . ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.

සමහරුන් උපාධි ලබනවා. සහතික ලබනවා. ඒවා  ගෙදර සාලයේ  ගහනවා .  ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ඕන ප්‍රදර්ශනයට නොවෙයි. ලෝකෙට පෙන්වන්න නෙවෙයි.  රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ. රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය.



අදහස් (1)

ලාල් කාන්ත ඇත්ත කියයි

මහසෙන් Friday, 17 October 2025 02:40 PM

දැන් මේ දේවල් කියලා මෙයා බලාපොරොත්තු වෙන්නේ මොනවද? තම රජයේම ඉන්න තවත් ව්‍යාජ උගත්තු ගැන හෝඩුවාවක් ද දෙන්නේ.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1004 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 401 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site