ප්‍රියංකාචොප්රාමේ වනවිට ආන්දෝලනාත්මක වූත්, ජනප්‍රිය වූත් විශිෂ්ට බොලිවුඩ් නිළියක බවට පත්ව සිටින්නීය.මේ ඇය සමගින් ෆිල්ම් ෆෙයාර් සඟරාව කළ කෙටි කතා බහක සටහනකි

 

ඔබේ හොඳම විලාසිතාව මොකක්ද ?

නිර්භීතත්වය

 

ඔබව මනින මිනුම් දණ්ඩ 1-10 දක්වා දිව යනවා නම් ඔබේ අංකය කීය වේවිද ?

අංක 08

 

සම ගැන කොහොමද සැලකිලිමත් වෙන්නේ ?

සරලවම කරන්න පුළුවන් දේ තමයි කරන්නේ.පිරිසුදුකම,සනීපය,මුහුණ තෙත් කරනවා වගේ දේවල් තමයි.

 

කොණ්ඩය පවත්වාගෙන යන්නේ කොහොමද ?

පිරිසුදුව තියාගන්නවා.කොණ්ඩෙ‍ට ආදරේ කරනවා.ඔළුවට පොල්තෙල්වලින් සම්බාහනයක් ලබාදෙනවා.බිත්තර සහ යෝගට් සත්කාරයක් ලබාදෙනවා.

 

ඔබේ ලස්සන වීමේ රහස මොකක්ද?

මට හිතෙන දේ මම ලස්සන වීම වෙනුවෙන් කරනවා.

 

විලාසිතාවලට කැමති අයට ඔබදෙන උපදෙස මොකක්ද ?

ඔබට නොගැළපෙන,පලඳින්න නොසිතෙන දේවල් විලාසිතාවලට යොදාගන්න එපා.

 

තරුණියකට හොඳටම ගැළපෙන ඇඳුම මොකක්ද ?

සාරිය

 

ඔබ කැමැතිම, ආදරය කරන, ඔබ රඟපෑ චිත්‍රපට චරිත කීපයක් කිව්වොත් ?

ඩොන් චිත්‍රපටයේ රෝමා

දිල් දඩක්නේ දෝ චිත්‍රපටයේ අයේෂ්

ගුන්ඩේ චිත්‍රපටයේ නන්දිතා

 

මාලන් ගෝවින්ද