රූපලාවන්‍ය එන්නතක් ශරීර ගත වීමෙන් පසු මිය ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඊ ඒ ප්‍රියංගාගේ සිරුරේ කොටස් රස පරීක්ෂකයට යැවීමට අද කොළඹ පොලිස් මෘත ශරීරා ගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දු විය.
මරණයට හේතුව ප්‍රකාශ නොකැරිණි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ ලස්සනට (නදී)
ඉසුරන්දි, වෙච්ච දේට දැන් මුහුණ දෙන්න බෑලු. පවු නේ? (අ)
දවසකට කී දාහක් ලස්සන වෙන්න 'බියුටි සැලුන්' වලට යනවද? එන්නත් විෂ වෙලා මැරුණ අය තව කොයිතරම් ඉන්නවද? (නි)
මෙයට මූණ දෙන්න ලජ්ජා ඇති (අ)
කණගාටුයි. කාට කාටත් හොඳ පාඩම් (නි)
කාන්තාවන් ලස්සන වෙන්න හදන එක නවත්වන්න මේ ලෝකය පවතින තාක්කල් හැකිවන්නේ නැහැ. මෙතන වෙලා තියෙන්නේ බෙහෙත විෂවීමක්ද, දොස්තරගේ අඩු දැනුවත්කමද ,බාල බෙහෙත් වර්ගද කියලා වගකිවයුත්තන් සොයන්න ඕනෑ. (නි)
මේ පුද්ගලයා ගැන මිට පෙර චෝදනා එල්ල වෙලා තියෙනවා. අපේ මිනිසුන්ට ඕවා ඉක්මනට අමතක වෙනවා. පසුගිය කාලයේ චෝදනා එල්ලවුණ කපු මහත්වරු, ප්‍රශ්න පත්‍ර පන්නපු ගුරුවරු තමන්ගේ වැඩ වෙනදාටත් වඩා හොඳින් කරගෙන යනවා ඇති. අපරාදේ අසරණ ජීවීතයක්.... (දී)
ඉක්මනට මැරෙන්ඩ ඕනනම් යමු ඔය වගේ දොස්තර කෙනෙක් ලගට (නදී)
ලැජ්ජාව නිසාද මුහුණ වසාගෙන යන්නේ? (නි)
මේ දොස්තර නොනාව මම දැක්ක.. බොහොම ලස්සනයි කිසිම අඩුපාඩුවක් මුහුණේ හෝ වෙනත් තැනක හෝ නැහැඇස යට කළු ගතියක් නැහැ. තිබුණු පැහැයත් ලස්සනයි ජීවත් වීමේ කාලය අවසාන වෙන්න ඇති (දී)
දොස්තර හෝ වෙන කෙනෙක් හෝ ඒ අයගේ සල්ලි වලින් ලස්සනවීමට යාමේ වරදක් මම නොදකිමි. ඉසුරන්දි සහ කුමාරිගේ බොළඳ අදහස් දැක්කම ඒ අයගේ මෝඩකම ගැන දුක හිතෙනවා (නි)
දොස්තර කෙනක් වුණත් එතුමියත් මනුස්සයෙක්.රටේ වටිනා මනුස්සයෙක් නැති වුණා. එතුමියට නිවන් සුව ලැබේවා! (නි)
කරාපිටිය වගේ රෝහලක මේ වැඩේ කරගන්න පහසුකම් නැද්ද? (නි)
සමහරු ලස්සන වෙන්න යන අයට ඊර්ෂ්‍යාවයි (නි)
මේ වගේ දේවල් කරගන්න යන අයට මේවා හොඳ පාඩම්. (නි)
කරුමේ කියන්නේ ඕවට තමයි (දී)
ලස්සනට ඉන්න කව්රුත් කැමැතියි. නමුත් වයසට යන එක කාටත් පොදු දෙයක්. (නදී)
ඇයි මේ මහත්තයා මුහුණ වහගෙන යන්නේ? (නි)
ඇයි මෙයාගේ මුණ ලස්සන නැත්තේ. මෙයා නේද ලස්සන කරන වැඩ්ඩා. (නදී)
ලස්සාන වෙන්නට දොස්තරලටත් ආසාව , අන්තිමේ ඉක්මනින් අවමංගල කටයුතු වලින් ඉවර වුනේ (අ)