IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලැසිල් යයි : ගුණදාස එයි

බරපතල වංචා හා දූෂණ සෙවීමේ  ජනපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ගේ සේවය ජනපති කාර්යාලයෙන් අද (1) සිට අවසන් කර ඇත.

පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලකයකු වූ ඔහු විශ්‍රාමිකයෙකි.

මේ අනුව එම කොමිසමේ නව ලේකම් ලෙස එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පත්කර ඇත.

web_lasil201631

ඡායාරූපය - ලහිරු හර්ෂණ



අදහස් (0)

ලැසිල් යයි : ගුණදාස එයි

යෝනක Tuesday, 01 March 2016 10:42 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 March 2016 11:09 PM

මෙතන කතා කළ හතර දෙනාම මෙම මහතා ගැනත් ජනපති කොමිසම ගැනත් මනා අවබෝධයකින් සිටින බව පෙනෙනවා. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 01 March 2016 11:38 PM

මමත් චිශ්‍රාමිකයෙක්. ඒ වුණාට එයා දීපු උත්තරයෙන් එයාගේ යටිහිත දැක්කා. මෙයා යවපු එක නිවැරදි බව එයාම ඔප්පු කළා. දැන්වත් සුවෙන් ඉන්න මහත්තයෝ (නි)

:       0       0

කෝනාර Wednesday, 02 March 2016 12:43 AM

බරපතල වංචා හා දූෂණ කීයක් ඔබතුමාගේ කාලේ හොයලා තියෙනවද? ඒක හරියට කිව්වොත් ඔබ ඉවත්කිරීම සාධාරණද නැද්ද කියලා මහජනයාට තීරණය කරන්න පුළුවන්. (නි)

:       0       0

ආනන්ද Wednesday, 02 March 2016 12:38 AM

රජයේ ආයතන වල සිටි සහ අදටත් යහතින් සිටින, එකල තම රැකියාව පසෙකලා දේශපාලනය කළ ඉහළ නිලධාරින් ගැන හොයන්න. ලොකු ලොකු දූෂණ තිබුනේ එතනමයි. මැති ඇමතිවරු ගැන පමණයි සොයන්නේ. අන්තිමට අල්ලා ගන්නත් බැහැ. අර කට්ටිය සදා සැපසේ ඉන්නවා (නි)

:       0       0

නිලන්ත Wednesday, 02 March 2016 12:40 AM

ඔබ ඔය කොමිසමේ සේවය කළ කාලේ ගත් වැටුපයි, සියළු වරප්‍රසාද වල එකතුවයි, ඔබ සේවය කළ කාලයේ අල්ලපු බරපතල දූෂණ ගැනයි සන්සන්දනය කරලා බලන්න ඕනෑ සේවය හරියට වුණාද කියලා බලන්න. (නි)

:       0       0

ටිෂාන් Wednesday, 02 March 2016 12:50 AM

සදුන්-ඇමරිකා, හරියට හොරු අල්ලන එක කළා කියන්නේ අයවැය හිඟය පියවා ගන්න තරම් ධනයක් හොයාගන්න පුළුවන් කියන එකයි. ඒ නිසා ඒ වැඩේවත් හරියට ඉක්මනට කරනවා නම් මොකද? නමුත් තවමත් ලොකු හොරු, මධ්‍යම ප්‍රමාණයේ හොරු නිදැල්ලේ. (නි)

:       0       0

මාලක Wednesday, 02 March 2016 01:02 AM

සඳුන්-ඇමරිකා, ජනතාව යහපාලනයට යොමුවීමට ප්‍රධාන හේතුව හොරු සෙවීම. හොරකම් කෙරුවේ ජාතික දේපල මිසක් ඔයාගෙවත් වෙන කාගේවත් පුද්ගලික දේ නෙමෙයි (නි)

:       0       0

ටානි Wednesday, 02 March 2016 01:33 AM

හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 01 March 2016 11:42 AM

පමාවී හෝ ජනාධිපති තුමා ගත් මෙම තීරණය අගය කල යුතු වෙනවා. මෙතෙක් මේ "බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසමේ" පෙනෙන තරමින් වැඩක් වෙලා නැහැ කියා හිතෙනවා. තාම ඒක නිදි සුවයෙන් පසුවෙනවා වගෙයි පෙන්නේ. තෝරු, මෝරු, තල්මසුන් නිදැල්ලේ, සතුටින් පිහිනද්දී, ඉඳහිට හාල්මැස්සෙක් හෝ කුනිස්සෙක් අල්ලා කුඩු කිරීමෙන් මහජනයාට හෝ රටට වැඩක් වෙනවාද ? (ර)

:       0       0

සදුන්-ඇමෙරිකා Tuesday, 01 March 2016 12:06 PM

ලංකාවේ මේ දවස්වල කරන අංක එකේ වැඩේ තමා හොරු අල්ලන එක. (ර)

:       0       0

අමා Tuesday, 01 March 2016 12:17 PM

මම දැනගත්තා ඕක වෙයි කියලා. (ර)

:       0       0

බණ්ඩා Tuesday, 01 March 2016 12:20 PM

ඔය තනතුරට කොන්ද පන තියෙන කෙනෙක් දමන්න. (ර)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 03:43 AM

"පුහුල් හොරා කරෙන් දැනේ " කියල කිව්වේ ඉස්සර. දැන් හොරු පිහිනුම් තටාකේ පැය ගණනක් ගත කරලා සුවඳ විලවුන් ගල්වාගෙන කර පටිය දා ගෙන "කොහොමද මචං " කියාගෙන එන්නේ. ඉතින් හොරු අල්ලන එක ලේසි නැහැනේ.(ම)

:       0       0

රොකී Tuesday, 01 March 2016 01:17 PM

සඳුන්, හොරුන්ව අල්ලන්න එපාය කියලද ඔබ කියන්නේ. එයින් තේරෙන්නේ ඔබ හොරුන්ට පක්ෂපාත කෙනෙක් බවයි. පහු ගිය කාලේ හොරකම් කරලා තියන තරම බැලුවාම, හොරු ඇල්ලිල්ල අංක එකේ වැඩේ වුනාට පුදුම වෙන්න දෙයක් නැහැ. (ර)

:       0       0

සේනක Tuesday, 01 March 2016 03:06 PM

මේ ලැසිල් සිල්වා කළ වැඩවල ප්‍රගති වාර්තාවක් එහෙම බලධාරීන්ට භාර දීලා තියනවද? අදාළ බලධාරීන් කරුණාකර ඒ ගැන ජනතාව දැනුවත් කරනවද? මොකද මේ ගොල්ලන්ට පඩි සහ අනෙකුත් දීමනා ගෙවන්නේ මේ රටේ ජනතාව ගෙවන බදු සල්ලි වලින්. ඊළඟ කෙනා කරන වැඩ සම්බන්ධයෙන් විධිමත් නියාමනයක් තිබුනොත් හොඳයි (නි)

:       0       0

නිම්මි Tuesday, 01 March 2016 03:19 PM

හොරු ඇල්ලුවහම මේ රටේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site