බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ගේ සේවය ජනපති කාර්යාලයෙන් අද (1) සිට අවසන් කර ඇත.
පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලකයකු වූ ඔහු විශ්‍රාමිකයෙකි.
මේ අනුව එම කොමිසමේ නව ලේකම් ලෙස එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පත්කර ඇත.
ඡායාරූපය - ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මෙතන කතා කළ හතර දෙනාම මෙම මහතා ගැනත් ජනපති කොමිසම ගැනත් මනා අවබෝධයකින් සිටින බව පෙනෙනවා. (නි)
මමත් චිශ්‍රාමිකයෙක්. ඒ වුණාට එයා දීපු උත්තරයෙන් එයාගේ යටිහිත දැක්කා. මෙයා යවපු එක නිවැරදි බව එයාම ඔප්පු කළා. දැන්වත් සුවෙන් ඉන්න මහත්තයෝ (නි)
බරපතල වංචා හා දූෂණ කීයක් ඔබතුමාගේ කාලේ හොයලා තියෙනවද? ඒක හරියට කිව්වොත් ඔබ ඉවත්කිරීම සාධාරණද නැද්ද කියලා මහජනයාට තීරණය කරන්න පුළුවන්. (නි)
රජයේ ආයතන වල සිටි සහ අදටත් යහතින් සිටින, එකල තම රැකියාව පසෙකලා දේශපාලනය කළ ඉහළ නිලධාරින් ගැන හොයන්න. ලොකු ලොකු දූෂණ තිබුනේ එතනමයි. මැති ඇමතිවරු ගැන පමණයි සොයන්නේ. අන්තිමට අල්ලා ගන්නත් බැහැ. අර කට්ටිය සදා සැපසේ ඉන්නවා (නි)
ඔබ ඔය කොමිසමේ සේවය කළ කාලේ ගත් වැටුපයි, සියළු වරප්‍රසාද වල එකතුවයි, ඔබ සේවය කළ කාලයේ අල්ලපු බරපතල දූෂණ ගැනයි සන්සන්දනය කරලා බලන්න ඕනෑ සේවය හරියට වුණාද කියලා බලන්න. (නි)
සදුන්-ඇමරිකා, හරියට හොරු අල්ලන එක කළා කියන්නේ අයවැය හිඟය පියවා ගන්න තරම් ධනයක් හොයාගන්න පුළුවන් කියන එකයි. ඒ නිසා ඒ වැඩේවත් හරියට ඉක්මනට කරනවා නම් මොකද? නමුත් තවමත් ලොකු හොරු, මධ්‍යම ප්‍රමාණයේ හොරු නිදැල්ලේ. (නි)
සඳුන්-ඇමරිකා, ජනතාව යහපාලනයට යොමුවීමට ප්‍රධාන හේතුව හොරු සෙවීම. හොරකම් කෙරුවේ ජාතික දේපල මිසක් ඔයාගෙවත් වෙන කාගේවත් පුද්ගලික දේ නෙමෙයි (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
පමාවී හෝ ජනාධිපති තුමා ගත් මෙම තීරණය අගය කල යුතු වෙනවා. මෙතෙක් මේ "බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසමේ" පෙනෙන තරමින් වැඩක් වෙලා නැහැ කියා හිතෙනවා. තාම ඒක නිදි සුවයෙන් පසුවෙනවා වගෙයි පෙන්නේ. තෝරු, මෝරු, තල්මසුන් නිදැල්ලේ, සතුටින් පිහිනද්දී, ඉඳහිට හාල්මැස්සෙක් හෝ කුනිස්සෙක් අල්ලා කුඩු කිරීමෙන් මහජනයාට හෝ රටට වැඩක් වෙනවාද ? (ර)
ලංකාවේ මේ දවස්වල කරන අංක එකේ වැඩේ තමා හොරු අල්ලන එක. (ර)
මම දැනගත්තා ඕක වෙයි කියලා. (ර)
ඔය තනතුරට කොන්ද පන තියෙන කෙනෙක් දමන්න. (ර)
"පුහුල් හොරා කරෙන් දැනේ " කියල කිව්වේ ඉස්සර. දැන් හොරු පිහිනුම් තටාකේ පැය ගණනක් ගත කරලා සුවඳ විලවුන් ගල්වාගෙන කර පටිය දා ගෙන "කොහොමද මචං " කියාගෙන එන්නේ. ඉතින් හොරු අල්ලන එක ලේසි නැහැනේ.(ම)
සඳුන්, හොරුන්ව අල්ලන්න එපාය කියලද ඔබ කියන්නේ. එයින් තේරෙන්නේ ඔබ හොරුන්ට පක්ෂපාත කෙනෙක් බවයි. පහු ගිය කාලේ හොරකම් කරලා තියන තරම බැලුවාම, හොරු ඇල්ලිල්ල අංක එකේ වැඩේ වුනාට පුදුම වෙන්න දෙයක් නැහැ. (ර)
මේ ලැසිල් සිල්වා කළ වැඩවල ප්‍රගති වාර්තාවක් එහෙම බලධාරීන්ට භාර දීලා තියනවද? අදාළ බලධාරීන් කරුණාකර ඒ ගැන ජනතාව දැනුවත් කරනවද? මොකද මේ ගොල්ලන්ට පඩි සහ අනෙකුත් දීමනා ගෙවන්නේ මේ රටේ ජනතාව ගෙවන බදු සල්ලි වලින්. ඊළඟ කෙනා කරන වැඩ සම්බන්ධයෙන් විධිමත් නියාමනයක් තිබුනොත් හොඳයි (නි)
හොරු ඇල්ලුවහම මේ රටේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි (නි)