සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන පවත්වන රහස් පොලිසිය එවකට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ගේ හා ආරක්ෂ්ක ප්‍රධානීන්ගේ දුරකතන විස්තර වාර්තා ලබා ගත හොත් වැදගත් තොරතුරු සොයා ගත හැකි වනු ඇතැයි යුද හමුදාවේ හිටප්‍ර ප්‍රධානියෙක් කියයි.
වික්‍රමතුංග මහතාගේ ඝාතනයට මිනිත්තු 15කට පමණ පෙර ඔහු ඝාතනය කළ බවට එහි ප්‍රධානියකුට ඇමතුමක් ලැබී ඇති බවත්, එම ඇමතුම ලැබී ඇත්තේ ද තවත් ජ්‍යෙෂ්ඨයකුගෙන් බවත් ඔහු පවසයි.
වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය පසුගිය දා සැකකරුවන් දෙදෙනකුගේ යැයි කියන චිත්‍ර දෙනන් මාධ්‍යයට නිකුත් කළේය.
2009 ජනවාරි 08 වැනි දා ඔහු ඝාතනයට ලක් වූයේ කොළඹ අධි ආරක්ෂිත කලාපයේදී ය. මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම රෝහණ කුමාර වගේ අයගේ ඝාතන ගැනත් හෙවුවොත් නරකද? (නි)
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඇත්ත පෙන්වන්න ගිහින් අකාලයේ මියගිය එක ගැන මට දුකයි. (නි)
අවුරුදු අටකට කලින් දැකපු අයගේ රුපය දැන් හොඳටම වෙනස් වෙලා/කරගෙන තියෙන්ටත් පුළුවන්. හිසකෙස් නැවත පැල කිරීම සහ ප්ලාස්ටික් සැත්කම් වගේ දේවල් වලින්. (ර)
මේ අවුරුදු හතරටවත් රටට වැඩක් කරන්න හිතන්න, විකාර නැතුව (නි)
වෙන ක්‍රමයක් නැද්ද?
මේ ඝාතනය නිවැරදිව සොයන්න. දැන් සැකකරුවෝ මේ බව දැන තිබේ. හැකි ඉක්මනින් කටයුතු කරන්න (නි)
වැළලුනු රහසක් එළිවන ලකුණු. යහපාලනයට ජයවේවා! (නි)
අපිට නම් ගොඩක් දේවල් තේරෙනවා (නි)
බමුණුආරච්චි මහත්මයෝ, මට නම් කියන්න තියෙන්නේ යටගැහිලා තියෙන අපරාධ ගැන පරීක්ෂණ පොලිසිය සහ අදාළ අංශ කරයි නේද කියායි. යුක්තිය පසිඳලන එක අධිකරණය කරයි නේද? ආණ්ඩුවේ කටයුතු ආණ්ඩුව කරයි නේද? මොනවා වුණත් සත්‍ය එළිදරව් වෙනවාට බයවෙන්න ඕනෑ වැරදි වලට සම්බන්ධ අය නේද? (නි)
ඔච්චර වදවෙන්න ඕනෑ නැහැ. අහවලාගෙන් ඇහුවා නම් කියයි. (නි)
තමන්ගේ පැවැත්මට මෙම අපරාධ කළ අය තවම නිදැල්ලේ මෙය පමණක් නොව රටේ සියලු අපරාධ වලට වගකිවයුතු සියල්ලටම දැඩි දඩුවම්දිය යුතුයි (අ)
මේ සිද්ධියේදීත් අහිංසකයෝ දෙන්නෙක් හිරේ ළගින්න වෙයිද දන්නේ නෑ.(හේ)
යහපාලනය 5 අවුරුද්දෙම හොරු, මිනීමරුවෝ අල්ලයි. මහාමාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතියක් වී දැකගැනීමට ලැබේවි 5 අවුරුද්ද ඇතුළතදී. දැනට ජනසතු ආයතනද පුද්ගලීකරණය වී තිබේවි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් වීමටද ඉඩ ඇත. (නි)
නියම සැකකරු අල්ලනු .. (ම)
නිශාඩ් කියන දේ හරියටම හරි (නි)
මේවා ජාතික අපරාද නිතිය ඉටුකරනු ..(ම)
මාධ්‍යවේදීයාණනි ඔබගේ මේ අවස්ථාව පැහැර නොහැරුණු නිතිය සුරකිමු ..(ම)
මියගිය අයට සාධාරණයක් ඉටුවිය යුතුයි. ලසන්ත එඩිතර මාධ්‍යවේදියෙක් (නි)