
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව පසුගිය වසරේ අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් වැඩතහනම් කර දිමනා සහ වරප්‍රසාද අහිමි කළ එම මණ්ඩලයේ වෘත්තිය සමිති නායකයන් 62 කට අහිමි වූ සියලුම දීමනා සහ වරප්‍රසාද සමඟින් අද (26) නැවත සේවයේ පිහිටවූ බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම වැඩ තහනම් කිරීමෙන් පසුව ඔවුන්ට විවිධ දීමනා සහ වරප්‍රසාද අහිමි කරමින් ස්ථාන මාරු ලබා දී තිබූ බවත් එම සිද්ධිය හේතුවෙන් පැනවූ සියලුම දඬුවම් වලින් නිදහස් කර ඔවුන් නැවත සේවයේ පිහිටු වූවූ බවත් එම නිලධාරියා කීය.
බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී එම වෘත්තිය සමති නායකයන් අද (26) හමුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිස්ටම් චෙන්ජ් සමග පුනරැදය නත්තල් සේල්.....
ලංවිම කඩාකප්පල්කාරයෝ අඳුනගන්න හොඳම අවස්ථාව මේ. මෙයාලා නිසා තමයි විදුලිබිල අඩු කරන්න බැරි.
ඒ කියන්නේ නැවතත් මහජන පීඩාව පටන්ගන්නවා කියල නේද? පඩි දීමනා නිවැරදිව මනු කියවන දීමනාව ..තව මොනවද.. ගස්වල අතු කපන දීමනාව අවුරුද්දට නත්තලට සමාගම්වලින් ගන්න දීමනාව...කැඩුන මීටර් මාරු නොකර සිටීමට දීමනාව...හදිසි විදුලිය මිලදී ගැනීමට දීමනාව... මහජනයාට නැති කොතරම් දේ තියෙනවද?
හොඳ පියවරක් 62 සංගමය / අපට වැඩි වැඩියෙන් වෘත්තීය සමිති නායකයින් අවශ්‍ය වන්නේ කිසිවක් නොකර වැටුප් ගන්නා සහ පාර්ලිමේන්තුවට යාමට එය සුදුසුකමකි.