IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා

(සුජිත් හේවාජුලිගේ)

විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින්  විදුලිය  මිලදී ගැනීමේදී සහ  ඉන්ධන මිලදී ගැනීමේදී  නියමිත වේලාවට  ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන්  රුපියල් කෝටි 2194 ක ප්‍රමාද පොලියක් 2023 වසරේදී පමණක්  ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළාලුත්ම වාර්තාවක සඳහන් වේ.

තවද මණ්ඩලයේ අඛණ්ඩ මූල්‍ය අලාභ හේතුවෙන්  ලබාගත් බැංකු අයිරා කෙටිකාලීන ණය සහ දිගු කාලීන ණය සඳහා පොලී ලෙස රුපියල් කෝටි 3687ක මුදලක් 2023 වර්ෂයේදී පමණක්  වැය කර තිබූ බව  එහි දැක්වේ.

එසේම විදුලි බල මණ්ඩලයට වෙළඳ ණයගැතියන්ගෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට අය නොවී පැවතුන බව විගණන කාර්යාලය පවසයි.

තවද ශ්‍රී ලංකා විදුලි බල පනතේ වගන්ති වලට පටහැනිව නියාමකගෙන් අධිකාරී බලය ලබා නොගෙන උත්පාදන බලපත්‍රයක් ලබාගෙන නොතිබුණු විශ්‍රාම ලක් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් දෙදෙනෙකුගෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි 200ක්  ගිගාවොට් 27.31 ක බලශක්ති මිලදීගෙන තිබූ බව
විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.

මේ අතර 2023 වර්ෂයේ පළමු මාස නවය සඳහා විවිධ දීමනා වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ සහ වැටුප්  සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව රුපියල් කෝටි  පනහකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.

 

 

 

 



අදහස් (6)

ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා

Shehan Thursday, 16 January 2025 12:02 PM

ඇමති බුදි ද ?

:       0       9

Ajantha Thursday, 16 January 2025 12:05 PM

"මෙයාලා මේ තරම් සල්ලි නාස්ති කරලා තියෙන්නේ කිසිම වගකීමක් නැතිව . ණය කන්දක ඉඳගෙන තව තවත් මත් කරනවා රට. ඒ හැම දෙයක්ම මෞජනතාවාගේ පිට පටවනවා. දැන්වත් මේවගේ කෙරවලක් උනේ නැත්නම් ලංකාවට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ

:       3       10

Perera Thursday, 16 January 2025 12:29 PM

හිටපු ඇමතියයි මිනිහගේ ගෝල බාලයෝ සෙට් එකයි ඕකට වග කියන්න ඕනේ

:       7       10

රම්බොඩ Thursday, 16 January 2025 01:08 PM

අවුලක් නෑ. කෝටි ගණන් ඒ ඒ නිළධාරීන් ගේ සාක්කුවල ඇති. මහජනතාව බර අදිනවනෙ. කොච්චර වැහැලා ජලාශ පිරුණත් වැඩක් නෑ.

:       2       14

kamal Koyrala Thursday, 16 January 2025 02:40 PM

මහජනතාව බිල් ගෙවලා නැහැ... නැහැ. ඕකයි මණ්ඩලේ පාඩු වෙන්න සහ මහවැස්සෙන් සතියක් ඇතුළත වැව්, සහ ජලාශ හිඳෙන්නේ. ඉතින් බිල් ගෙවාගන්න බෑ... පට්ටනේ...!

:       1       2

ගුණරත්න Friday, 17 January 2025 12:24 PM

අපි අවුරුදු 3ක් තිස්සේ විශාල විදුලි බිලක් ගෙවනවා. ඒ එකතුවෙන මුදල් නිසා විදුලිබල මණ්ඩලය ලාබ ලැබුවා කියලත් කියනවා. ඉතින් ඒ තරම් මුදල් ලැබිලත් හිඟ ගෙව්වේ නැත්තේ ඇයි? මේක ඉතාම නරක වගකීම් පැහැර හැරීමක්. අන්තිමේ ඔය දඩ සහ හිඟ මුදල් ගෙවෙන්නෙත් අපෙන් එකතු කරන සල්ලි වලින්, වාරික වශයෙන් හෙණ ගහන වැඩ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site