ලෝ පතල බ්‍රිතාන්‍ය සමීක්ෂණ සමාගමක් වන ක්වාකොරේලි සිමන්ඩ්ස් විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයක් අනුව ලෝකයේ ඉස්තරම්ම විශ්වවිද්‍යාල දහය අතරෙන් හයක්ම බ්‍රිතාන්‍ය අධ්‍යාපන ආයතන බවට හෙළිවී ඇත.
එම විද්‍යා ආයතන වන්නේ කේම්බ්‍රිජ්, ලන්ඩන් කිංග්ස් කොලේජ්, සෙන්ට්‍රල් ලන්ඩන්. ලන්ඩන් ඉම්පීරියල්, ඔක්ස්ෆර්ඩ් සහ ස්කොට්ලන්තයේ එඩිම්බරා විශ්ව විද්‍යාල හයයි.
ඇමෙරිකාවේ මැසචුසෙට් විශ්ව විද්‍යාලය මෙම සමීක්ෂණයට අනුව ලොව හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇති අතර දෙවැනි තැනට තේරී ඇත්තේ ඇමෙරිකාවේම හාවර්ඩ් සරසවියයි. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුන් වන තැනට තේරී ඇත.
මෙම සමීක්ෂණය සඳහා අධ්‍යාපන සැලසුම්, ඒවායේ ඇති ගුණාත්මක භාවය, උසස් තත්ත්වය, ශිෂ්‍යයන් සඳහා සපයනු ලබන පහසුකම් මෙන්ම රැකියා ලබාගැනීමේදී එක එක ආයතනයන්ගේ උපාධිය පිළිබඳව සේවා යෝජකයින් දක්වන කැමැත්ත ආදී කරුණු සැලකිල්ලට භාජනය කර ඇත.
රැකියා සඳහා තෝරාගැනීමේදී බ්‍රිතාන්‍ය උපාධිධාරීන් පිළිබඳව ලොව බොහෝ රටවල හාම්පුතුන් දක්වන්නේ අන් කිසිම රටක උපාධිධාරීන්ට වඩා වැඩි කැමැත්තකි.
විශේෂයෙන් කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලා උපාධි අනිවාර්යයෙන්ම උසස් රැකියාවන් ලබාගැනීම සඳහා ඇති විශේෂ සුදුසුකමක් ලෙස ලොව සියල්ලෝම සලකනු ලබති.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලකයින්ව සිටි එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක,ලලිත් ඇතුලත්මුදලි මා ලක්ෂ්මන් කදිරගාමර් උසස් අධ්‍යාපනය හැදැරුවේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමේ කියන්නේ තුන්දෙනාම මැරුණේ වෙඩි කාලා.(නදී)
ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එන අයගේ ඉංග්‍රීසි දුර්වලයි කියන එක මම නම් පිළිගන්නෙ නැහැ (නි)
අපේ ලංකාවේ කියලා කවුරු කියනවා අහුනාද (දී)
ඔය කැම්පස් වලට මෙහෙ අන්තරෙන් හතර පස් දෙනෙක් ඇරියා නම් ලබන අවුරුද්දේ ඔය ලිස්ට් එකේ අන්තිමටම ඔය නම් ටික දමා ගන්න තිබුනා.(නදී)
සබරගමුව කී වෙනි එකද දන්නේ නෑ. ඒත් දහවැනි තැනටවත් ඇවිත් ඇති කියල හිතනවා (කොයි පැත්තෙන් හරි) .(නදී)
මගේ විශ්ව විද්‍යාලය ලෝකෙන්ම දෙවෙනි තැනට පත් වෙලා. ලංකාවේ ඒවාට නොගිහින් මෙහෙ ආපු එක ලොකු දෙයක්. අපිට පොර කතා දාන ලංකාවේ අය මේවා බලන්ඩ ඕනේ. ලංකාවේ එකක් වත් මේ ලිස්ට් එකේ නැහැ. ඒ උනාට කතාව නම් රජ වංශෙන්. (නදී)
මටත් යන්න ඇතිනම් (දී)
මමත් ඉන්නේ එංගලන්තයේ කාටද ආඩම්බර (දී)
අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කීදෙනෙක් ඉන්නවාද ඔක්ස්ෆෝර්ඩ්වල ඉගෙන ගත්තු කට්ටිය.
අපෝ ලංකාවේ විශ්ව විද්‍යාල ලිස්ට් එකේ අන්තිමටම තියෙන්නේ. කිසිම පිළිගැනීමක් නැහැ. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එන අයගේ ඉංග්‍රීසි දුර්වලයි.(නදී)
මේවා බිස්නස් ට්‍රික්ස්.(නදී)
ලංකාවේ සමීක්ෂන කණ්ඩායමක් කළා නම් ඕකේ අනිත් පැත්ත.(නදී)
අහන්නත් සතුටුයි ඇත්තමයි (දී)