ලෝක සමීක්ෂණ ආයතනයක් පසුගිය සතියේ කරන ලද සමීක්ෂණයකට අනුව දැනට ජීවතුන් අතර සිටින අය අතුරෙන් ලෝකයේ වැඩිම ජනතාවකගේ සිත් දිනාගත් පුද්ගලයා වශයෙන් මයික්‍රොසොෆ්ඩ් නිර්මාතෘ බිල්ගේට්ස් පත්ව තිබේ දෙවැනි ස්ථානයට ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාත් තොවන ස්ථානයට රුසියා ජනාධිපති පුටීනුත් සිව් වන ස්ථානයට පාප්වහන්සේත් පත්ව සිටිති.
ඇමෙරිකාවේ දී පමණක් ජනාධිපති ඔබාමාට වඩා දෙගුණයක් මනාප ලබා පාප් වහන්සේ ප‍්‍රථම ස්ථානයට පත්ව ඇති අතර චීනයේදී චීන නායකයාට වඩා දෙගුණයක් මනාප ලබා බිල් ගේට්ස් පළමුවැන ස්ථානයට පත්ව සිටිති.
ටයිම්ස් පුවත්පත් ආයතනයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් රටවල් 13 ක 14 000 ක් උපයෝගී කරගෙන මෙම සමීක්ෂණය පවත්වා ඇති අතර මෙම සමීක්ෂණය මසකට කලින් කළා නම් ලොව වැඩිම ජනතාවකගේ සිත් දිනා ගත් පුද්ගලයා ලෙස නෙල්සන් මැන්ඩේලා පත්වන්නට ඉඩ තිබූ බවද එම ආයතනය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ගිය අයට නම් තේරෙනවා ඔය කියන සමීක්ෂණය කරලා තියෙන විදිය. සමාන්‍යයෙන් සමික්ෂන්යක් කරද්දී ලෝකයේ ඉන්න මුළු ජනතාවම යොදාගන්නේ නැහැ.(නදී)
රුසියාවේ පුටින් දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ. මට අදහා ගන්න බැරි දෙවියන් "ජීවමානව" ඉන්දැද්දීත් දෙවියන්ගේ මිහි පිට නියෝජිතයාව පරදවා අදේව වාදී පුටින් ට මේ තතත්වය අත්කර දුන්නේ කවර හේතුවක් නිසාද කියා.(නදී)
බිල්ගේට් කියන්නේ බුදුන් වහන්සේගෙන් හා ක්‍රිස්තුස් වහන්සේගෙන් පසු ලෝකයේ විශාලම විප්ලවය කල තැනැත්තා. ඔහුට මේ ගෞරවය ලබාදීම ට පෙළඹීම තුලින්ම ලෝක ප්‍රජාව ආගම් තුලින් ලබන විමුක්තිය ට වඩා තාක්ෂණයෙන් ලැබෙන පිටුවහල අගය කරන බව පේනවා. අදෘශ්‍යයමාන මැවුම් කරු සංකල්පය ට වඩා ඇට ලේ මස් නහරින් හැදුන දෘෂ්‍යයමාන "මැවුම් " කරුවෙකුගේ පිහිට පැතීමේ ප්‍රායෝගික වටිනාකමක් මිනිසාට ඇතිවී තිබෙන බවක් මින් ගම්‍යය වෙනවා.(නදී)
පාප් වහන්සේ සිව් වන ස්ථානයට.(නදී)
මම නම් පාප් තුමාට කැමති එතුමාගේ මනුෂ්‍ය ගුනය නිසා.(නදී)
නව පාප් තුමා කරුණාවෙන් ඉතාම ඉහළයි. ලොව දනවත්ම ව්‍යාපාරිකයා වන බිල් ගේට් ගේ සරල සහ නිහතමානීකම මටනම් සිතාගන්න වත් අපහසුයි.(නදී)
සමහරුන්ට සතුටුයි පාප් වහන්සේ සිව් වන ස්ථානයට පැමිණියාට. (නදී)
මම නම් සිල්වා ඇමති තුමාට.(නදී)
රටවල් 13 ක 14000 ක ජනතාවගේ කැමැත්ත කොහොමද ලෝකයේ වැඩිම කැමැත්ත කියන්නේ? (නදී)
ඔබාමා කියන්නේ මුළු ලෝකෙම ප්‍රස්න ඇති කරන පුද්ගලයෙක්. (නදී)
බිල් මාමාට කැමති එයා සොෆ්ට්වෙයා පිනට දෙන නිසාද දන්නේ නැ නේද? මම නම් කැමතිම එයාගේ ලොකු දුවට.(නදී)