IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලොව ලස්සනම රූමතිය කවුද?

හැට වැනි ‘2011 විශ්ව රූ රැජින’ තරගාවලිය එළැඹෙන 12 වැනිදා බ‍්‍රසීලයේ සා ඕ පවුලෝ නුවර ක්‍රෙඩිකාඞ් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. නැටුම් ගැයුම්වලින් අලංකාර වන මෙම උළෙල ඇමෙරිකාවේ එන්.බී.ඇස්. රූපවාහිනී සේවාව මගින් සජීවීව ලොව පුරා විකාශය කිරීමට නියමිත අතර බිලියන ගණනක් දෙනා නෙත් දල්වාගෙන රූපවාහිනියෙන් සහ අන්තර් ජාලය මගින් එය නරඹනු ඇතැයි සංවිධායකවරු පවසති. මීට පෙර වසරවලදී මෙන් නොව මෙම වසරේ දී රටවල් 89 ක් නියෝජනය කරමින් සුරූපිණියන් 89 දෙනක් මෙම උළෙලට සහභාගී වෙති. මෙවර උළෙලේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ උළෙල පැවැත්වීමට පෙර සිට අන්තර් ජාලය ඔස්සේ ඡුන්දය විමසීමක් සිදු කිරීමය. තමන් කැමැති සුරූපිනියට අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ වී මනාපය පළ කිරීමට ද කටයුතු සලසා දී තිබෙන අතර මේ වන විට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේ පිලිපීන ජාතික සුරූපිධෑ ෂැම්සි සුප්සුප්ටය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට ඉදිරිපත් වන සුරූපිණිය වන්නේ ස්ටෙෆනි සිරිවර්ධනය. වට කීපයකින් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් වටයේදී සුරූපිනිය පස් දෙනකු පමණක් තෝරා ගැනෙන අතර පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ඒ අතරින් තෝරා ගැනේ. එය සිදු වන්නේ 12 දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් මගිනි. ඔවුහු තරගකාරියන්ගේ රූපය පමණක් නොව බුද්ධිය ද විමසා බලති. විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳින ජයග‍්‍රාහිකාවට දියමන්තිවලින් හැඩ ගැන්වූ අලංකාර ඔටුන්න පිරි නැමීම සිදු කරනු ලබන්නේ 2010 විශ්ව රූ රැජින, සිමේනා නවරේත් විසිනි.



අදහස් (0)

ලොව ලස්සනම රූමතිය කවුද?

නව්ප්‍රීයා Tuesday, 13 September 2011 10:35 AM

අපේ රැජින පළමු තැනට ඒවී

:       0       0

කැළුම් Saturday, 17 September 2011 12:10 PM

එයා තේරුනත් එකයි නැතත් එකයි මොකද එයාගේ රූපේ කිසිම ශ්‍රී ලාංකික ගතියක් නෑ

:       0       0

ප්‍රමිතා Tuesday, 13 September 2011 01:06 PM

අපේ රූමතියට ප්‍රථම තැන හිමි උනොත් රටටම .......

:       0       0

විරාජිත් Sunday, 18 September 2011 05:29 AM

ඔය වගේ තරග වලට එන්නෙ නැති හැදිච්ච කෙල්ලෝ ලෝකේ කොච්චර ඉන්නවද.. මේ ලස්‌සනක්‌ද??

:       0       0

උපුල් චින්තක Sunday, 18 September 2011 02:09 PM

මොණරාගල හේන් කොටන කෙල්ලෝ මෙයාට වඩා හැඩයි

:       0       0

සන්ධ්‍යා රාජපක්ෂ Friday, 09 September 2011 03:26 PM

ශී‍්‍ර ලංකාව් ස්ටෙෆානි සිරිවර්ධන

:       0       0

ana Thursday, 24 November 2011 04:48 PM

virඅජිත්, මම කැමතියි ඔබගේ ප්‍රතිචාරයට

:       0       0

මධුරංග Wednesday, 14 September 2011 10:31 AM

ලංකාවේ කෙල්ලට ඒ තරගයට ඉන්න ලැබීමත් අපේ රටට ආඩම්බරයක්

:       0       0

නාලක රාජපක්ෂ Monday, 12 September 2011 10:49 AM

පිස්සුද ලංකාවෙන් ගිය කෙනා කවදාවත්ම ලෝක රූමතිය වෙන්නේ නැහැ එයා නිකං ............ වගෙයි

:       0       0

එච් එන් කුලතිලක Monday, 12 September 2011 11:09 AM

අපේ රූමතියට ප්‍රථම තැන හිමි උනොත් රටටම කීර්තියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site