හැට වැනි ‘2011 විශ්ව රූ රැජින’ තරගාවලිය එළැඹෙන 12 වැනිදා බ‍්‍රසීලයේ සා ඕ පවුලෝ නුවර ක්‍රෙඩිකාඞ් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. නැටුම් ගැයුම්වලින් අලංකාර වන මෙම උළෙල ඇමෙරිකාවේ එන්.බී.ඇස්. රූපවාහිනී සේවාව මගින් සජීවීව ලොව පුරා විකාශය කිරීමට නියමිත අතර බිලියන ගණනක් දෙනා නෙත් දල්වාගෙන රූපවාහිනියෙන් සහ අන්තර් ජාලය මගින් එය නරඹනු ඇතැයි සංවිධායකවරු පවසති. මීට පෙර වසරවලදී මෙන් නොව මෙම වසරේ දී රටවල් 89 ක් නියෝජනය කරමින් සුරූපිණියන් 89 දෙනක් මෙම උළෙලට සහභාගී වෙති. මෙවර උළෙලේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ උළෙල පැවැත්වීමට පෙර සිට අන්තර් ජාලය ඔස්සේ ඡුන්දය විමසීමක් සිදු කිරීමය. තමන් කැමැති සුරූපිනියට අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ වී මනාපය පළ කිරීමට ද කටයුතු සලසා දී තිබෙන අතර මේ වන විට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේ පිලිපීන ජාතික සුරූපිධෑ ෂැම්සි සුප්සුප්ටය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට ඉදිරිපත් වන සුරූපිණිය වන්නේ ස්ටෙෆනි සිරිවර්ධනය. වට කීපයකින් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් වටයේදී සුරූපිනිය පස් දෙනකු පමණක් තෝරා ගැනෙන අතර පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ඒ අතරින් තෝරා ගැනේ. එය සිදු වන්නේ 12 දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් මගිනි. ඔවුහු තරගකාරියන්ගේ රූපය පමණක් නොව බුද්ධිය ද විමසා බලති. විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳින ජයග‍්‍රාහිකාවට දියමන්තිවලින් හැඩ ගැන්වූ අලංකාර ඔටුන්න පිරි නැමීම සිදු කරනු ලබන්නේ 2010 විශ්ව රූ රැජින, සිමේනා නවරේත් විසිනි.