ධර්ම චක්‍ර මුද්‍රව නිරූපණය කෙරෙන ලොව විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම මෙරට විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන මානෙල්වත්තේ ඉදිවූ ධර්මචක්ර ප්‍රවර්තන තිලෝකශාන්ති බුද්ධ ප්‍රතිමාවහන්සේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (18) නිරාවරණය කරනු ලැබිණ.
අඩි 40 ක් උසැති, ටොන් 20 ක් බරැති මේ ප්‍රතිමා වහන්සේ පස්ලෝවලින් ඉදිකර රන් ආලේප කරනු ලැබ ඇත. ප්‍රතිමා වහන්සේ තැන්පත් කර ඇත්තේ ද අඩි 60 ක් උසැති පස් මහල් සදහම් පායක් මතය. මේ අනුව අඩි සියයකට වඩා ඉහළින් පිහිටි හෙයින් ප්‍රතිමා වහන්සේ කැලණි ගං මිටියාවත පුරා සෑම අතකටම දිස්වේ.
මානෙල්වත්ත ඉඩම ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා සහ එලිනා ජයවර්ධන මහත්මියට අයත්ව තිබූ දේපොළක් වන අතර 1962 ජනවාරි 20 වැනි දා මානෙල්වතු විහාරයට පුජා කොට තිබේ. පසු කාලීනව මානෙල්වතු මහ විහාරයේ නාහිමියන් ලෙස වැඩ සිටි කන්ඩක්කුලමේ ධම්මකිත්ති හිමියන්ගේ ඇරයුමින් 2002 වසරේ මානෙල්වතු විහාරයට වැඩම වූ බෝදාගම චන්දිම හිමියන් විසින් විහාර සංවර්ධනය කළහ.
මේ වන විට මානෙල්වතු විහාරය අධ්‍යපන විද්‍යාපීඨයකින්, බුද්ධශ්රාවක අධ්‍යපන පුහුණු ආයතනයකින් සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතුලු අංග රැසකින් සමන්විතය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරවිදගේ ප්‍රතිචාරය අනුව අසරණ වී සිටින දුප්පත් බෞද්ධයන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට කටයුතු කරනවා නම් සහ පිළිසරණක් නැති බෞද්ධ වෙළෙන්ඳන්ට අතහිත දෙන්න අරමුදලක් පිහිටුවන්න උත්සාහ කරනවා නම් තවත් වැදගත් (නි)
හිරාන්,ප්‍රදීප්, ඔබ දෙපලගේ අදහස් 100% සත්‍යයයි. (නි)
මලී 1,මලී 2 "ආත්තම්මා",මලී 3"සිදූ" කියන්නේ ලංකාවේ බිහි වුන අති දැවැන්ත ටෙලි නිර්මාණයන් 3 නක්.නිර්මාණකරු වන තිලින බොරලැස්ස කියන්නේ සුපිරිම නිර්මාණ කරුවෙක්.විශාල දැනුම් සම්බාරයක් තිබෙන කෙනෙකුට පමණයි මෙවැනි නිර්මාණ කරන්න පුළුවන්.මේ නිර්මාණ 3 නෙන් බුදුන් වහන්සේ දේශනා කල බුදු දහම ගැන සත්‍ය පණිවිඩයක් දෙනවා.(අ)
සැතපුම් දහස් ගණනක දුර සිටියත් මේ මොහොතේ, සිතින් මේ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ දෙදණ නමා වඳිමි බැතියෙන්. සාදු..සාදු..සාදු.!!! (නි)
ඉතාමත් ප්‍රශංසනීය කටයුත්තක්. සිත්සතන් පහන් කරන ශාන්ත ප්‍රතිමා වහන්සේ නමක්. සාධු සාධු! (නි)
මෙවැනි දේවල් අපි හදවතින්ම අගයමු (නි)
රටේ සියලුම මිනිස්සු බුදු දහම පිළිපදින්නේ නැහැ තමයි. නමුත් වෙනත් රටවලට සාපේක්ෂව, ප්රචණ්ඩ ක්‍රියා සහ බෙලි කැපීම් අඩුවෙලා තියෙන්නේ පන්සිල් ගන්න අහිංසාවාදී මිනිසුන් බහුතරයක් ඉන්න නිසයි.මොන රටේවත් 100% නිවැරදි මිනිස්සු නැහැ. (නි)
දකිනකොටත් හිතට පුදුම විදිහේ සැනසීමක් දැනෙනවා (නි)
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා තමන්ගේ දේවල් පරිත්‍යාග කළා වුණත් අද සිටින අපේ දේශපාලකයන්ට ඉඩකඩම් අල්ලා ගැනීමට තිබෙන්නේ විශාල තණ්හාවක්. ඒත් සමහරු කොයිවෙලේ බැලුවත් වන්දනාමාන කරමිනුයි ඉන්නේ. (නි)
සාදු! සාදු!! සාදු!!! අපේ පුංචි දිවයින සම්බුදු සිරියෙන් බැබලේවා! කියලා නිමකරන්න බැරි ඉතා අගනා කටයුත්තක්. (හේ)
සාදු සාදු සාදු ...!!!!! බුදුදහම බැබළේවා !!!!!!! (නි)
මේ වගේ විශාල බුදුපිළිම ගොඩනඟනවා වාගේම, රටේ සීඝ්රයෙන් වඳවෙන සිංහල බෞද්ධ ජනතාව නඟාසිටුවීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අදහසක් අවශ්‍යයි. මොකද මේ යන විදියට තව ටික කලකින් බුදුපිළිම වලට වන්දනාමාන කරන්නවත් සිංහල මිනිස්සු නැතිවේවි. (නි)
බුදුන් වහන්සේ උදෙසා මෙවැනි දේ මිනිසුන් කරන්නේ උන්වහන්සේ ලොවට පෙන්වා වදාළ ධර්මය වෙනුවෙන් එයට ගෞරවයක් ලෙස සහ සෑම කෙනෙකුටම එක වගේ නිවන අවබෝධ කරගැනීමට නොහැකි නිසයි. ඒ නිසා ඒ අය ආමිස පූජාවන් තුළින් පැහැදීමක් ඇති කරගෙන ඒ සත්‍ය අවබෝධ කරගත යුතුයි. අනිත් අතට මෙවැනි දේ නැතුව විශේෂයෙන් අද වගේ කාලෙක මිනිසුන් තව තවත් වල්වදිනවා. දැන් අඩු ගණනේ පෝයකට හරි පන්සලකට යනවා (නි)
අද කාලේ හැටියට මෙවැනි දේවල් ඉතාම වටිනවා (නි)
උතුම් මිනිසුන් උතුම් දේ සිදු කරනවා. පින් කරන්නත් පින් තියෙන්න ඕනෑ. දසුන් අතරින් උතුම්ම දසුන බුදුරජාණන් වහන්සේ දකීමයි. සෑම දෙනාගේම සිත් පහන් වේවා. (නි)
අරවින්ද, ඔබගේ අදහසට මම 100,000% එකඟයි. අපේ රටේ ගොඩක් ඉන්නේ පන්සල් ගානේ ගිහිල්ල පෙරලි පෙරලි වඳින හැබැයි උපරිම වශයෙන් පස්පව් කරන බුද්ධාගම විකුණගෙන කන බෞද්ධ හැටියට රෙජිස්ටර් වුණ පිරිසක්. වල්පොල රාහුල හාමුදුරුවන්ගේ සත්යෝදය පොත කියෙව්වොත් අපි මොනවාද කළයුත්තේ කියලා තේරුම් වෙනවා. හැබැයි අපේ මිනිස්සු ඒ පොත් කියවන්න අකමැතියි (නි)
සිත නිවන අලංකාර බුදුරුවක්. සාදු සාදු!! (නි)
බුදුදහම අමරණීයයි. බුදුසසුන දිනේවා! (නි)
පිළිම හදනවා වගේම මිනිස්සු ධර්මයේ පිහිටා කටයුතු කිරීමද කළයුතුයි (නි)
බුදු දහම පිළිපදින අය තමයි පිළිම හදන්නත් දායක වෙන්නේ. නමුත් ඒ පිරිස සුළු පිරිසක් හින්දා අපිට පෙනෙන්නේ හැමෝම නරකයි කියලා. මේක පටලවාගෙන පවු පුරවාගන්න එපා. (නි)
අර අරවින්ද කියනවාවගේ, සල්ලි වියදම්කරලා බුදුපිළිම රට පුරා හැදුවාට මෙහෙ ඉන්න බෞද්ධයන් කරන කියන දේවල් ඇත්තටම දැක්කහම කළකිරෙනවා (නි)
කොපමණ බෞද්ධ නිර්මාණ කළත් ධර්මය පිළිපදින එක එන්න එන්නම අඩුවෙනවා (නි)
සාදු සාදු සාදු!!! (නි)
ප්‍රදීප්, රටේ ඔක්කොම හොරු, මිනීමරුවෝ කඹ වගේ පිරිත් නූල් ගැටගහගෙන පන්සිල් ගන්නවා. කොහේවත් පන්සිල් රැකීමක් නැහැ. ඉතින් ධර්මයක් නැති රටේ බුද්ධ ප්‍රතිමා ලක්ෂයක් හැදුවත් වැඩක් තිබෙනවද? (නි)
බොදුනුවන් වන අපි සැමටම ශාන්තිය පමුණුවන මෙවැනි දේවල් වලට අතහිත දී පින් ලබමු! සියලුම දෙනාට ශාන්තියක් වේවා! සියලුම දෙනාට නිවන් දොර ඇරේවා! සාදු.සාදු!! (නි)
සාදු සාදු සාදු.....!!! (බ)
බොහොම හොඳ වැඩක්. අර නත්තල් ගස් ඇමතිලාට මේ වගේ දෙයක් කරන්න කවුරුත් කිවුවේ නැද්ද දන්නෙ නැහැ (නි)
ජේ.ආර්. ජයවර්ධන මැති තුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකින් සිදුවූවක් (අ) ...
අරවින්ද, ඔබ හරි (නි)
සාධු !!! සාධු !!!! සාධු !!!! (අ)
සාදු සාදු සාදු !!! හරිම සතුටුයි ලංකාදීපෙට ගොඩක් පින් . (අ)
සාදු සාදු සාදු සාදු .....................................ගොඩ දවසකින් හොද වැඩක් .(අ)
පන්සිල් පද පහවත් රැකගන්න බැරි ජාතියක් වෙලා අපි දැන් (නි)
අද නායකයන් වගේ ද එදා හිටපු අය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මුළු සේසතම කැප කළා අද බෞද්ධ භික්ෂුකට පාරේ බැහැල යන්න බෑ (අ)
රටේ මිනිසුන් බුදු දහම පිළිපදින්නේ නැතිනම් විශාල බුදු පිළිම සැදීමේ තේරුමක් නැහැ. (අ)
සංජීව සහ අරවින්ද වෙත, බුදු දහමේ ඇති සංකීර්ණත්වය නිසා එය තේරුම් ගැනීමේ සහ පිළිපැදීමේ හැකියාව ඇත්තේ ප්‍රඥාවන්තයින්ට පමණි. නමුත් අනිත් අයවලුන් සදහා ප්‍රිය දෙයක් දැකීමෙන්, ඇසීමේ, දැනීමේ ආදී ප්‍රඥා උපදවා ගැනීමට මාර්ගයක් සකසා ගත හැක. (බ)
කොයි කෙනා කුමන ආකාරයට වැඩට කළත් ඒවා පසෙකලා මේ සත් ක්‍රියාව යහපත්ව අත් විදින්න කියා මම ආරාධනා කරනවා. ස්තුති ලංකාදීපයට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මහගු කර්තව්‍යට දායක වෙච්ච සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. (බ)
අප මහා බුදුන් වහන්සේ උදෙසා පුජා වට්ටි තැබීම අකැපද ? පලතුරු වට්ටි තැබීම බුදු දහමද ? එසේ නැතිනම් ජයිනා ආගමද ? මේ සියලු දේ පටලවා ගත් පිරිසක් අද ඉන්නේ. බෞද්ධයා යනු බව උදුරා දම්න්නාය. එසේ නොමතුව බව වඩන්නකු නොවේ. (බ)
මෙතන අදහස් දාලා තියන බුදුදහම විවේචනය කළ සැම දෙනාගෙන්ම මම අහන්නේ තමන් අඩුවශයෙන් පංචශීලයවත් රකිනවද? අනිත් අයගේ වැරදි පෙනීමත් තමන්ගේ වැරදි නොපෙනීමත්, යමක් විවේචනය කරනවිට තමන් උපමාවට ගන්නේ නම් මැනවි. (නි)
සාදු සාදු සාදු!!! (නි)
සාදු සාදු සාදු...! මේ වගේම උතුරේ සහ නැගෙනහිර වැනසෙන බොදු උරුමයත් රැකගන්න මෙහි සිටින, දේශපාලකයන් කටයුතු කරනවා නම් අපි කෙතරම් වාසනාවන්තද? (නි)
ලොව ලොකුම බුදු පිළිමත් ලොව උසම නත්තල් ගසුත් හැදුවට වැඩක් තියෙනවද, එම ආගම් වල ශාස්තෘන් වහන්සේලා දේශනා කළ දහමට අනුව ජීවත්වන්නේ නැත්නම් (නි)
මේක ජේ.ආර්. ජයවර්ධන මැතිනියට පරම්පරාවෙන් ලැබුන දේපලක් නේද? (නි)
අගය කළයුතු උතුම් වටිනා කටයුත්තක් (නි)