ලෝකය පුරා ඇති සෑම ශ්‍රි ලංකා තානාපති කාර්යාලයාලයකටම වෙළද ප්‍රවර්ධන නිලදාරියකු බැගින් පත් කර හරින බව වෙළද ප්‍රවර්ධන හා වාණිජ ආමාතය රිසාක් බදුදින් මහතා පවසයි.
සෑම නිලධාරියකුම අවුරුදු තුනක කාලසිමාවකට යටත් වන බවත් සේවය අවසන් වු නිලධාරින් වෙනුවට නව නිලධාරින් පත්කර හරින බවත් ලොක ආහාර සංවිධාන මූලස්ථානය පිහිටි රෝමයටද මෙයට වසර කිහිපයකට පෙර නිලධාරිනියක් පත්කර එවා ඈතිබව ඒ මහතා කියයි.
ආනයනය අපනයනය වැඩිකර ගනිමින් ශ්‍රි ලාංකික ආර්ථිකයට තව තවත් ශක්තිමත් කිරිම තාමාගේ අරමුන බවද ඒ මහතා පැවසීය. ගෝතමී ඉදිකඩහේන මහත්මිය රෝමයේ වෙළද ප්‍රවර්ධන නිළදාරිනිය වශයෙන් කටයුතු කරන බවත් ඈගේ සේවාකාලය අවසන් විමට ආසන්න බවත් තානාපති කාර්යාල නිළධාරියෙක් එසැනට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ශ්‍රි ලාංකික ආර්ථිකයට තව තවත් ශක්තිමත් කිරිම......." නියමයි බදු නියමයි. ජනාධිපතිනම් කියන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය අතින් ආසියාවේ ආශ්චර්ය වෙලා අවසන් කියල. ඉංජිනේරුවෙක් පාලමක් හැදුවහම ආයිත් එක පිළිසකර කරන්නේ වසර 100ක් විතර ගියා ට පසු. "තව තවත් ශක්තිමත් කරනවා" කියන්නේ කඩා වැටෙන්න ඔන්න මෙන්න කියා තියෙන දේකටයි. ඕවට අපේ ගැමියෝ නම් කීවේ "මුක්කු තියනවා" කියල. (අ)
දේශපාලන අතකොලු නම් අපිට එපා. වැඩක් කරන්න පුළුවන් අය එවන්න. මොකද අපේ සල්ලිනේ (නි)
රජයේ වියදමින් යවනකොට හොදින් සිතා බලා කාර්යක්ෂම අය යවන්න. මොකද අපේ බොහොමයක් මෙහෙ පැමිණියාට පස්සේ නොයෙක් නොයෙක් සම්මාන වලට ගිජුවෙලා ආ රාජකාරියත් අමතක කරනවා. (නි)
මගේ සුබ පැතුම්! (නි)
මටත් පුළුවන් වෙයිද දන්නෙ නැහැ මේකට සම්බන්ධ වෙන්න? (නි)