දින තුනක් තිස්සේ හොරණ රයිගම පාසලක් ඉදිරිපිට දමා ගොස් සිටි බව කියන හැත්තෑපස් හැවිරිදි මාතාවක පොලීසිය විසින් රෝහලට ඇතුළු කරනු ලැබීය.
තමාගේ ලේලිය හා මිනිපිරිය තමා එහි ගෙන ආ බවත් හිටිහාමි මුදියන්සේලාගේ සෝමාවතී මහත්මිය පොලීසියට පවසා ඇත.
කොට්ටාව පන්සල පාරේ ලිපිනයක් ගැන ඇය කියා ඇතැත් එවැනි ලිපිනයක් නැතැයි පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයා මහත්මයා මම ඉපදුනෙත් පාසල් ගියෙත් වැඩිදුර අධ්‍යාපනය ලැබුනෙත් කොළඹ. මගේ අත්තම්ම නැති වුනේ වයස 98 දී. අපේ අම්ම ඇයව ඔත්පලව එක්තැන් වුන දා ඉඳල කැත කුණු අත ගාලා බලා ගත්තා. මට ඒවා හොඳට මතකයි. (නදී)
අර රංග කියල කෙනෙක් කිව්වා නේද එයාගේ නැන්දා කියල. රංග අපිට කියන්න ඔය අම්මව පාරට දාල ගිය දෙන්නගේ නම් සහ එයාල ඉන්නේ කොහෙද කියල..(අ)
එතකොට මේ ආච්චිගේ දුවයි, පුතයි කෝ? (නි)
අද අප අතර ඇතිව යළි නැතිව යන මේ හැම පවකටම මුදුන් මුල වන මුදල් නම් පවිටු මිතුරා ඇතිකළ දුක් දොම්නස් නිසාවත්දෝ, දැන හෝ නොදැන ඇයි මිනිසුනේ හැමදාමත් ළඟින් හිඳ අපේ කැතකුණු සතුටෙන් අතගෑ, සතුටේදි ළඟින් උන්නාසේම දුකේදීත් අතැරනොයා ළඟින් උන්, අප උදෙසාම කැපවී අප වෙනුවෙන්ම මුලු දිවියක් දියකළ ඒ අසරණ මෑණියන් පියාණන් මහමඟ බඩගින්නේ කැතවී කුණුවී මියෙන්න සළසන්නේ? (නි)
එ් මිනිපිරිය අනාගතයේ දවසකදි තමන්ගෙ අම්මාට කරන්නෙත් ඔයටිකම තමයි (නි)
අද මිනිසුන්ගේ අරමුණ මුදල් ඉපැයීම පමණයි (නි)
නිකිණි මස පුරපසලොවක් පොහෝ දිනයේ ධර්මද්වීපයකින් අහන්න ලැබෙන උතුම් පින්කමක් (නදී)
මේ කාන්තාවන් කිසිදා නොමැරෙන ලෙසටයි හැසිරෙන්නේ (නි)
මේ වගේ ගැහැණු උල තියන්න වටිනවා (නි)
ධර්ම රාජ්‍යයේ පෝය දවසේ උදේ ඉදලා පින්කම් වැහි වහිනවා (නි)
සිත තුල ඇති කරුණා නැත නිම්මා. මාගේ දුක් ගිනි නැති කර දැම්මා. පෙන්වූවා ලොවුතුරු ගුණ සම්මා. මගේ පනයි මගේ ආදර අම්මා. ගාල්ලේ සමරේ කි දේ අනිවාර්යෙන් වේවා! (නදී)
අද ඉන්න ඇතැම් දරුවන්ගේ වැඩකිඩ ඔහොම තමයි. තමන් බිහිවුණේ රැකුණෙ අම්මා අප්පාගෙන් කියලා අමතක වෙලා. කාර්වල යන්නේ. වාහන ගන්නයි හිත. රටට සේවයක් කරනවා කියනවා. අම්මා අප්පා මහ පාරේ. සංස්කෘතික අක්මුල් සිඳ ගත් පරම්පරාවේ ශෝකාන්තය තමා. (නි)
මෙන්න මේ ආත්මයේදීම පලදෙන කර්මයක් කරගෙන (දී)
මට නම් හිතෙන්නේම වෙන විදියකට (නි)
මේ වගේ දේවල් අහන්නවත් ලැබෙන්න හොද නැහැ 'දුක හිතෙනවා (දිල්)
ඔය මගේ නැන්දා. එයාගේ ළමයි වෙනස් කම් කරනවා. මම මට පුළුවන් විදියට බැලුවා. (නදී)
මේ පුවත ට අදහස් දාන අය අතරේ හෝ මේ අම්මා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර හොරණ පොලිසියට දැනුම් දෙන්න .අපේ අම්මා තවම අපිත් එක්ක හොඳින් ඉන්නවා , අපි නම් හරි වාසනාවන්තයි (නි)
මෙවන් මිනිසුන්ට කියන්න සිංහල භාෂාවේ වචන නොමැත (නි)
අම්ම කෙනෙක්ගේ සෙනෙහස නැතිව හැදෙන්න ඕනේ අම්මා කෙනෙක්ගේ අගය දැනෙන්න. මට ඒක දැනෙනවා අම්මේ. ඔබ නිදුක් නිරෝගී වේවා ! (නදී)
අපිට පුළුවන් කාලේ එනකොට අපේ දෙමව්පියෝ අප අතහැර ගියා. අපේ දෑස පාදන්න දහදිය, කදුළු වගුරපු ඔවුන්ට කෘතගුණ සලකන්ට නොහැකිවීම ගැන අදත් කම්පා වෙනවා. මේ අම්ම දකිනකොට මට කදුළු නවතන්න බැහැ. (නදී)
පිටබැද්දර ජයා මෝඩකම කාටත් ප්‍රසිද්ධ කරනවා. නුවර පැත්තේ අය විතරද දෙමාපියන්ට සළකන්නේ? මේ මනුස්සයා දාලා ගිය ලේලිත් නුවර නෝනා කෙනෙක් කියලයි මට ආරංචි.මමත් නුවර තමයි. නමුත් ඔය වගේ මෝඩ කතා කියන්නේ නැහැ (නි)
බටහිර රටවල වැඩිහිටි නිවාස තියනවා තමන්ට පුලුවන් කාලේ ඉත්රිකරගත් දෙයකින් හෝ ඒවාට කලින් දායක මුදල් ගෙවීමෙන් ඒ වැනි නිවාසවල රැකවරණය ලබන්න පුළුවන්. එවැනි දේවල් ලංකාවෙත් ජනප්‍රිය කල යුතුයි. එවිට දරුවන්ට උනත් කරදරයක් නැතිව තමන්ගේ අවසන් කාලය ගතකල හැකිවේවි. මොකද අද ලංකාවේ තියෙන තත්වය අනුව දෙමාපියන්ට සලකන එක දරුවන්ට දුෂ්කර කටුත්තක් වෙලා (නදී)
නියම එකතුවක්නේ. මෙහෙමත් වැඩ කරනවද? (නි)
ජාති ජාතිත් පල දෙන කරුම මේවා (දී)
අනේ අපි පිටරට සිටත් අපේ අම්මට කරන්න පුළුවන් යුතුකම් කරනවා. දැනට ලංකාවේ සිටින සහෝදරයා අම්මව ආදරයෙන් බලා ගන්නවා. මගේ නෑනාත් බොහොම ගුණ යහපත්. දැන් අම්මාව මම සිටින රටට පදිංචියට ගෙන්න ගන්න ඉල්ලුම් කරලා තියෙන්නේ. මට මේ අම්මාව දකිනකොට හරිම දුකක් හිතට එනවා. (නදී)
දෙමව්පියන් පොඩිකාලේ ඉදන් දරුවන් හදන විදිය සහ දරුවන්ට දෙන ආදර්ශ අනුව තමයි ළමයිනුත් කටයුතු කරන්නේ. මොකද සමහරවිට ළමයි දැකල නැහැ තම දෙමව්පියන් එයාලගේ දෙමව්පියන්ට සලකනවා එතකොට ළමයි ලොකු උනහමත් කරන්නේ එ්කමයි (නදී)
අපිටත් මේ ඉරණමම අත් වෙයිද දන්නෙ නහැ(දිල්)
දැන්නම් ලංකාවෙන් මනුස්සකම පිරිහිලාම ගිහින් (නි)
ඇත්තටම පද්මිනී, අපි අපේ දෙමාපියන්ට අපිට හැකි අයුරින් උපරිමයෙන් අපි, දුකට, අසනීපෙට, බඩගින්නට, ඔවුන් වයසට ගියදා අපි සැලකුවා. එ්ත් අද අපිට එදාට වඩා යමක් කරගන්න පුළුවන් අද දවසේ අපේ දෙමාපියන් අපි ලග නොසිටීම ගැන අනන්තවත් අප්‍රමාන හද වත වැළ පෙනවා. අද මගේ දෙමා පියන් මාලග සිටියා නම් මම රජ සැප දෙනවාය කියන හැගීමත් අනේ මට එහෙම කර ගන්න අද මගේ දෙමාපියන් ජීවතුන් අතරේ නැහැ කියන හැගීමෙන් මගේ දියණිය මහා රෑ ඇහැරගෙන අඩන වාරයක් ගානේ මගේ අම්ම මට සිහිවෙනවා, අනේ මම කුඩා කාලෙත් මගේ අම්ම මෙහෙම මහා රෑ මා වෙනුවෙන් නිදිවරාගෙන මගේ කැත කුණු, මගේ ආරක්ෂාව, වෙනුවෙන් කාලය වැය කරන්න ඇති, කියන හැගීම ඇතිවෙන්නේ මගේ මෑණියන් වෙනුවෙන් හදවතේ අනන්ත වූ මාතෘ සෙනේහයකින්. ඒත් මෙවැනි දේවල් අසන්න තරම් අද අපි පව් කාරයි. කව්රුන්ගේ හෝ ඇයද සෙනේහයකින් දරුවන් පෝෂණය කල තවත් එක්තරා මවකි. ඇයට සාධාරණය ඉටුවේවා.(නදී)
මෙහෙමත් දරුවෝ කන්න බොන්න දීල හදපු නිසාද මෙහෙම කරන්නේ අර මිනිබිරි කවදා හරි අම්මා කෙනෙක් වෙනවා නේද එතකොට එයාටත් මෙහෙන්ම වෙන්න ඕනි අනිවාර්යෙන්ම (නදී)
මොන මිනිහටද දෙයියනේ මේ වගේ වැඩක් කරන්න තරම් අසික්කිත හිතක් පහල වෙන්නේ. (නදී)
නෙලුම් ඔයා නම් ගුණ ගරුක දරුවෙක්. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නැහැ වරදින්නේ. මම හිතන්නේ නෙලුම් නුවර පැත්තේ (නදී)
පින කියනදේ දැනගෙන වැඩ කරන්න (දී)
මහා ලොකුවට පුරසාරම් කියනවා ලෝකෙම් උතුම් රට දර්මද්වීපය අර දීපේ මේ දීපේ කියලා. හැබැයි අහන්න ලැබෙන්නේ අපායේ වත් අහන්න නැති දුක් වේදනා (නදී)
වයසක මනුස්සයෙකුට සලකන්න දන්නේ නැති උදවිය (නදී)