පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් කෝටි 60ක සිල්රෙදි බෙදීමෙන් වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් උසාවියට අපහාසයක් වූයේ නම් සමාව අයදින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයකු වන එස්.එස්.එම්.සාදික් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ සමාව අයදිමින් අද කරුණු දැක්වීය.
අධිකරණය ඔහුට සමාවදී මුදා හැරියේය. අධිකරණයේ කැඳවීම අනුව එහි ගිය සාදික් පැවසූයේ ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 17 වැනිදා නීතිපති උපදෙස් දී තිබූ බවයි. එහෙත් එදින තමාට අත්තනගල්ල අධිකරණයේ පෙනී සිටීමට සිදුවී යැයිද ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට ඊට පසුදා 18 වැනිදා කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බවද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහතමානී නිලධාරියෙක් (නි)
හොඳයි...ඔහොම යමුකෝ. (නි)