‘මම පරාජය වුණේ නැහැ. පරාජය කළා. අපිත් එක්ක එකට ඉන්න පිරිසක් තමයි එහෙම කළේ. එජාපයටත් වඩා මට අභියෝගයක් වෙලා තිබුණේ ඔවුන්ගෙන්.‘ යැයි හිටපු නියෝජ්‍ය ඇමැති අරණායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලලිත් දිසානායක මහතා සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීය.
‘ අපේ කණ්ඩායම මහින්ද පිල මෛත්‍රීපිල කියලා ඔවුන් දෙකට ඛෙදුවා. ඔවුන් එය ගම් මට්ටමට බිම් මට්ටමට අරන් ගියා.
මම යහපාලන ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තේ එජාපයට සහයෝගයක් වශයෙන් යැයි ඔවුන් ජනතාව අතර මතයක් ගොඩ නැගුවා. ඒ එක්කම සමහර අංකවලට විතරක් මනාප දෙන්න කියා රැස්වීම් වලදී කීවා.
කෑගල්ලේ ප්‍රසිද්ධ රැස්විමේ දී මහින්ද මහත්තයා නම් වශයෙන් කිව්වා අහවල් අයට මනාප දෙන්න කියා. එයත් අපේ පරාජයට බලපෑවා.
දිනුම වගේම පැරදීමත් මට හොදට පුරුදුයි. 2001 මම දී පැරදිලා තනතුරු මොකවත් නැතිව ගෙදර ආවා. නමුත් පසුව අපි ගොඩ ආවා. එදා අපි පැරදුනත් වෙන පකෂ වලට ගියේ නෑ. ජය පරාදයත් එක්ක පකෂයේ හිටියා.
ඉදිරියේ දී නීතිඥ වෘත්තිය කරනවා. මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඉදිරියේ දී නීතිඥ වෘත්තිය කරනවා. මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්" මේ කියන්නේ මන්ත්‍රීල මහන්සි නොවී හම්බුකර ගන්නවා කියලාද ? (නදී)
පිනට කනවට වඩා එ්ක හොඳයි (නදී)
මහින්ද නරක වෙනකොට රනිල් හොඳ වෙනවා,රනිල් නරක වෙනකොට මහින්ද හොඳ වෙනවා , මාර මොලයක් ලංකාවේ අයට තියෙන්නේ,පක්ෂ කියන්නේ හෝදලා අඳින කමිස වගේ ජාතියක්ද, (බ)
ඔබේ පරාජයට හේතුව මහින්ද නොවෙයි මැතිතුමනි. ඔබ පරාජය කලේ ඔබ ලගින් හිටිය හෙන්චයියලා. ඔබ පළාත් සභාවෙදි කරගෙන ආව වැඩ පිළිවෙල වෙනස් කරමින් ඔබට කෑගල්ලෙන් දිනන්න අපේ උන්ගේ ජන්ද (අපේ උන් යනු කවුරුද ?) කියා ඔලුවට දාපු අය තමයි ඔබ පරාජය කලේ. පළාත් සභාව හරහා ඔබ කල සේවය ප්‍රසස්තයි. නමුත් ඔබ ඔලුවට වැඩ වසම් කාලේ අදහස් ඇතුල් කරපු උන් දැන්වත් ඔඩොක්කුවෙන් අයින් කරන්න එහෙම නොවුනොත් ඔබේ දේශපාලන අනාගතය? (නදී)
පටු දේශපාලකයින් තුරන් කල යුතු වෙනවා.(නදී)
මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ පිනට කන රස්සාවක්. (නදී)
එහෙනම් මෙච්චර කල් දේශපාලනයෙන් ද හම්බ කරන් කෑවේ ?(නදී)
ඒ කියනේ හම්බුකරගෙනද ඇවිත් තියෙන්නේ? (නදී)
ඉදිරියේ දී නීතිඥ වෘත්තිය කරනවා. මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්. මෙහි අර්ථය දිනුව නම් ලෙහෙසියන් හම්බකරනවා කියන එකද? (නදී)
විපක්ෂයෙන් ඉල්ලුවා නම් දිනනවා නේ.. දැන් බොරුවට මහින්ද ලොක්කට කැහන්න එපා. (ම)
මොනවා වුනත් ..මෙයා නොකියා කිවේ දේශපාලකයින් කියන්නේ පිනට කන කට්ටියක්..කියලා.' (හේ)
හැබයි ඇත්ත කිව්වා මෙතුමා මෙපමණ කාලයක් පිනට කාලා තියෙන්නේ්.(හේ)
දිනුව නම් ඔය කතා කියන්නේ නැහැ නේද? (හේ)
ඔබේ පරාජය ඇත්තෙන්ම පරාජයක් නොවේ. ඔබ වැනි උගත් කට්ටියට හොඳ අනාගතයක් තියනවා. පටු දේශපාලකයන් තුරන් වුණ දාට හැමට සාධාරණය ඉටු වෙයි . (ම)
මහින්ද මහතා ජනාධිපතිවරණයට ඉල්ලද්දි ඇතුලේ ඉඳන් පරාජයට වැඩ කටයුතු කරන විට ඕවා හිතුනේ නැද්ද මන්දා..(ම)
ඔබ පරාජය කළේ ඔබ ළඟම හිටපු "ඉන්දික"(දිනේෂ්ගේ මල්ලි) (බ)
ඔබට ස්ථාවර මතයක් තිබුනේ නැහැ. යහපාලනේ ඇමතිකම් ගත්තා, නැවත ඉල්ලා අස්උනා. ඔබ නොදැනුවත්වම 'අප්පච්චි මලෝ' ගොඩට වැටුනා. (නදී)
ඔබ පරාද උනේ අරනායකට වැඩක් නොකරපු නිසා. එක එක්කනාට බනින්නා එපා. පාරවල් වල යන්න බැහැ අලි නාවන වලවල්. ජොබ් එකකට යන්න බැහැ පගාව ඉල්ලනවා. (නදී)
දැන් ඉතින් චන්ඩි වගේ බනියි.(හේ)
පිස්සු... මහජනතාව රවට්ටනවට ඔහොම වෙලා මදි... මම නම් දන්නව කොහොමත් මෙයාට දිනන්න බෑ කියලා (බ)
ඔබගේ පාක්ෂිකයන් කළදේ හරි නෑ ,එ්ත් ඔබගේ කතාවෙන් අපිට හොදටම වැටහෙනවා පාර්ලිමේන්තුව යනු ''දිව්‍ය ලෝකය'' වැනි තැනක් කියල. එතනට යන්න දගලන දැගලිලේ තරම දැක්කම අපිට ඔයාලව හරියට පිළිකුල්වෙනවා. (බ)
ඔබ වැපුරු දේවල් තමයි ඔය ලැබුනේ. අපි වුනත් මෙවර ඔබට ඡන්දය ලබා දුන්නේ නැත (බ)
ඔබ ජනතාවට සේවක කරා නම් ජනතාව ඔබට එහෙම කරන්නේ නැනේ. පවා දීමට තම ජනතාව ඔය සලකල තියෙන්නේ. හැකිනම් එයින් පාඩමක් ඉගෙන ගන්න බලන්න (හේ)
ඔබ පරාද වුනේ අරණායකට වැඩක් නොකරපු නිසා. එක එක්කනාට බනින්න එපා.(හේ)
මෙතුමා අවස්ථාවාදී දේශපාලකයෙක් නෙවෙයි. (හේ)
හොඳ පාඩම (නදී)
කව්රු හරි කියන කියන විදිහට ඡන්දෙ දෙන එක වෙනස් කරන්න ඔය දිස්ත්‍රික්කේ මිනිස්සු මීහරක්ද. ජනතාවට සේවය කළා නම් ජනතාව එහෙම කරන්නේ නෑනේ. (බ)
කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕක තමා. අවස්ථාවාදියෝ (බ)