ලලිත් සහ කූගන් නමැති දේශපාලන ක්‍රියාකාරකයින් අතුරුදහන්වී වසර හතරක් සපිරුණද මෙතෙක් ඔවුන් පිළිබඳව තොරතුරක් නොමැති බව ලලිත්ගේ පියා ආරුමුගම් විජයරාජා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතු කරමින් සිටියදී එම පක්ෂය කොටස් දෙකට කැඩී පෙරටුගාමී පක්ෂය බිහිවීමත් සමගම ඊට සම්බන්ධවී ලලිත් සහ කුගන් දේශපාලන කටයුතුවල නිරතවූ බවත් සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔවුන් දෙදෙනා පැහැරගෙන ගිය බවට තොරතුරු ඇති බවත් ලලිත්ගේ පියා කීවේය.
පවතින තොරතුරු අනුව මේ දෙදෙනා කොතැනක හෝ රඳවා සිටින බව පවුල්වල උදවිය විශ්වාස කරන බවත් විජයරාජා පැවසීය.
ලලිත් අතුරුදහන්වීම නිසා පවුලේ ආර්ථිකය බිදවැටුණු බවත් ලලිත්ගේ මව පුතු නැති ශෝකය නිසා අසනීප තත්ත්වයෙන් පසුවන වගත් ඔහු සදහන් කළේය.
ලලිත් සහ කුගන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණු කොට ඇති නඩුව පිළිබදව අදහස් දැක්වූ නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසුවේ දැනට ඉදිරිපත් කර සිටින සාක්කිකරුවන් ලවා මොවුන් දෙදෙනා පැහැරගෙන යන ලද්දේ රජයේ ආරක්ෂක අංශ හා පොලිසිය බව අධිකරණයට ඔප්පු කිරීමට සූදානම් බවයි.
පසුගිය රජයේ හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලලිත් හා කූගන් කුමන හෝ ස්ථානයක රඳවා සිටින බව පිළිගැනීමට සිදුවන බව පැවසූ හඬ පටය අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට අවස්ථා තුනකදීම අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කළත් ඔහු අධිකරණය මගහැර සිටීම නිසා පසුගිය නඩුවාරයේදී ඔහු අත් අඩංගුවට ගෙන මීළග නඩුවාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරයා වරෙන්තුවක් නිකුත් කළ බවද බෝපගේ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලලිත්, කූගන් සොයාගන්න කෙහෙළියගෙන් උදව් නැතිලු
ලියොන් ගුණවර්ධන Thursday, 10 December 2015 01:47 PM
පවුල් අනාථ කරමින්, මිනිසුන් සඟවන හෝ ජීවිත අහිමි කරනු ලබන කුමන තරාතිරමේ අය වුවද සොයා නිසි දඬුවම් දියයුතුය (නි)
කසුන් Thursday, 10 December 2015 08:44 AM
මේ අය හොයනවට වඩා වැඩ නැද්ද ලංකාවට. (ර)
ෆසීර් Thursday, 10 December 2015 09:38 AM
ඇයි හොයන්න එපා කියන්නේ? (බ)